Breaking
25 Feb 2025, Tue

බස්‌ 50 ක සෙනඟට සජින් සියලු චොදනා වලින් නිදහස් -මෙන්න යහපාලනය

ගාල්ලේ පැවැත්වෙන මෛත්‍රීපාල සිරිසේන පිළේ මැයි රැළිය සදහා තමන් බස් රථ 50ක් පිරෙන්න සෙනග ගෙන එමට පොරොන්දු වු බවත් තමන් ජනාධිපතිවරයාට කරන උපකාර වෙනුවෙන් තමන්ට එල්ල අන දුෂණ චොදනා වලින් තමන් නිදහස් කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොරොන්දු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම අධික්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රජයේ වාහන අයුතු ලෙසින් පරිහරණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට පත්වු සජින් වාස් ගුණවර්ධන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ නිවුයෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුවට සහභාගි වෙමින් සිටියදී, බ්‍රිතාන්‍යයේ එවකට ශ්‍රී ලංකා මහ කොමසාරිස් පදවිය හෙබැවූ දොස්තර ක්‍රිස් නෝනිස් ට පහර දුන් අමනයෙකි.

මැයි දින උත්සවය ගාල්ලේ පැවැත්වීම සඳහා සාකච්ඡා කර ගැනීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්‌වීම් 5 ක්‌ම පසුගිය සතියේ පැවති අතර මේ සඳහා දකුණු මහ ඇමැති ප්‍රමුඛ දකුණේ දේශපාලනඥයෝ පක්‍ෂ නායකයන්ට සහ  ගාල්ලේ ආසන දහයේ සංවිධායකවරු දහදෙනාටද අරාධනා කර තිබු අතර  ඒ සඳහා ගීතා කුමාරසිංහ හැර අනෙක්‌ සියලු දෙනා සහභාගි වු තර සජින් වාස්‌ ආරාධනා නොමැතිවම  සහභාගිවී තිබේ.

පසුවජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුරුංගා අත්තේ තබමින් අතොරක් නොමැතිව කඩේ ගිය සජින් වාස් අවසානයේ පවසා ඇත්තේ ජනාධිපති තුමනි…..බලපිටියෙන් මම බස්‌ 50 ක සෙනඟ ගේනවා..ඔන්න බලන්න මගේ වැඩ “යනුවෙනි.

සජින් වාස් එම රැස්විමට සහභාගි විමත් සිරිසේන මහතාට දිගින් දිගටම කඩේ යැමත් නිසා මුල සිටම මෛත්‍රී සමග සිටි අනෙකුත් බත් බැලයන් මදක් අවුලෙන් සිටි අතර සජින් කී කතාවට පිළිතුරු දෙමින් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විඡේලාල් ද සිල්වා පවසා ඇත්තේ…..”ඒවා නම් ඉතින් අපි දන්නේ නෑ… බස්‌ කතා නොවෙයි… මම 3000 ක සෙනඟක්‌ ගේනවා… ”

පසුව සාකච්ඡාව අවසන් විමත් සමග මෛත්‍රීපාල සිරිසේන සමිපයට වි විනාඩි 15කට වැඩි කාලයක් සජින් වාස් තනිවම සාකච්ඡා පවත්වා ඇති අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එම ස්ථානයෙන් නැගිට එන ගමන් “සජින් ….ඔයා ඇවිල්ලා මාව Meet වෙන්න ඉක්මනට ” යනුවෙන් පවසා තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.