Breaking
24 Feb 2025, Mon

බැදුම්කර හොරා මේ අහපන් බැංකුව වහලා ගෙදර පලයන්

රුපියල අවප්‍රමාණ වීම සහ අකාර්යක්ෂම මුල්‍ය කළමනාකරණය හේතුවෙන් ඇතිවී තිබෙන දැඩි ආර්ථික ගැටලුවට මහ බැංකුව අහෝසි කර දැමීම විසඳුමක් විය හැකි බව ‘ඉකොනොමිස්ට් නෙක්ස්ට්’ සඟරාවේ කර්තෘ අසන්ත සිරිමාන්න පවසයි.1951 ට පෙර ශ්‍රී ලංකාවේ මහ බැංකුවක් නොතිබුණු බව පෙන්වා දෙන ඔහු එවක ප්‍රධාන මුල්‍ය ආයතනය වූ ‘මුදල් මණ්ඩලය’ පැවති කාලයේ රුපියල අවප්‍රමාණ වීමක් සිදු නොවූ බවයි පෙන්වා දෙන්නේ.

ණය වර්ධනය වැඩි වූ විට පොළී ප්‍රමාණය වැඩිවන බව ද අලුතින් මුදල් අච්චු ගසා පොලිය අඩුකර තබා ගැනීමට උත්සාහ ගැනීම තුලින් රුපියලේ අගය පහත වැටෙන බවද පෙන්වා දුන් ඔහු එවැනි කෘත්‍රිම ක්‍රම මගින් පොලිය අඩුවෙන් තබා ගැනීමට ‘මුදල් මණ්ඩලය’ කටයුතු නොකිරීම එකල රුපියල අවප්‍රමාණ නොවීමට හේතුව ලෙසටයි ඔහු කරුණු දක්වන්නේ.

රුපියල අවප්‍රමාණ වීම සහ අකාර්යක්ෂම මුල්‍ය කළමනාකරණය හේතුවෙන් සිදුවන්නක් බවයි පවසන්නේ ඒ අනුව ශ්‍රී ලංකාව වැනි රටක දුප්පත්කම ට මහබැංකුවේ දුර්වල මුල්‍ය ප්‍රතිපත්ති ප්‍රධාන හේතුවක් වන බවද ඔහු පෙන්වා දෙයි.

සල්ලි අච්චු ගැසීම

“මහ බැංකුව සල්ලි අච්චු ගහනව, අච්චු ගහල පොළී ඉහළ යාම වළක්වල පහළට තියාගන්න උත්සාහයක් කරනව. මහබැංකුව අයවැය හිඟය පියවන්න රුපියල් බිලියන දෙසීයක් වගේ ප්‍රමාණයක් එක වෙලාවක අච්චු ගැහුව. එතකොට තමයි රුපියලට පීඩනය ඇතිවුණේ” යනුවෙන් ඔහු පැවසීය.රුපියල අවප්‍රමාණ වීම ආරම්භ වීමත් සමග විදේශ ආයෝජකයන් තම මුදල් ද රැගෙන පලා යාමට පටන් ගත් බවයි අසන්ත සිරිමාන්න වැඩි දුරටත් පැවසුවේ.

විදේශීය ණය ගෙවීම සඳහා මුදල් යෙදවීමට සිදුවීම රුපියල අවප්‍රමාණ වීමට බලපාන්නේ දැයි සංදේශය විමසු විට ඔහු කියා සිටියේ දේශීයව හෝ විදේශීයව ණය ගැනීමේ දී රටේ පොලී තත්වය ඉහළ යායුතුව තිබුණ අතර රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය අඩු විය යුතුව තිබූ නමුත් මුදල් අච්චු ගැසීම හේතුවෙන් එවැන්නක් සිදු නොවූ බවයි.

දුර්වල මුල්‍ය ප්‍රතිපත්තියක්

“මුදල් අසීමිතව අච්චු ගහපුවම වෙන්නෙ දේශීය වියදම් සහ දේශීය ණය සීග්‍රයෙන් වැඩිවෙනව. සමහර වෙලාවට පිට රටට ගෙවන්නෙත් අච්චු ගහපු මුදල් වලින්. එතකොට සංචිතත් වැටෙනව. රුපියලත් වැටෙනව” යනුවෙනුයි ඔහු ප්‍රකාශ කළේ.දැනට ඇති වී ඇති අර්බුදකාරී තත්වයට විසඳුම් පිලිබඳ අදහස් දක්වමින් ‘ඉකොනොමිස්ට් නෙක්ස්ට්’ සඟරාවේ කර්තෘ අසන්ත සිරිමාන්න පවසා සිටියේ අපනයනය වැඩි වී විදේශ ආයෝජන ද වැඩිවී පිටරටින් ලැබෙන ණය ප්‍රමාණය වැඩි වුව හොත් රට තුළට ලැබෙන මුදල් ප්‍රමාණය වැඩිවී වියදම් කළ හැකි ප්‍රමාණය වැඩිවන බවයි.

අපනයනය කරන භාණ්ඩ හා ශ්‍රමය වැඩිවීමට අනුකුලව ආනයනය වැඩිවන නිසා රුපියලට බලපෑමක් ඇති නොවන නමුත් මුදල් අච්චු ගැසීම ද ඒ සමගම කළ හොත් සියලුම අපනයන වලින් එන අදායමට වඩා සමස්ථ ආනයනය වැඩි බවක් පෙන්නුම් කරන අතර එය ඉතා දුර්වල මුල්‍ය ප්‍රතිපත්තියක් බවයි ඔහු පවසා සිටියේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.