Breaking
24 Feb 2025, Mon

බැදුම්කර හොරුන් ගත් මැක්ස් රේඩියෝව ඩීල් දියණියගේ අතට…යාත්‍රා නමින් එලියට එයි…

බැදුම්කර හොරුන්ගේ පවු සේදිම සදහා මිලදි ගත් මාධ්‍ය ආයතන අතර තිබේන කූප්‍රකට හොරෙක් වන ජනක රාමනායකගේ මැක්‌ස් ගුවන් විදුලි නාලිකාවේ බලය ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ දියණිය වන චතුරිකා සිරිසේන විසින් පවරගෙන තිබේන බව අප දේශපාල වාර්තාකරු අනාවරණය කලා. මැක්‌ස් ගුවන් විදුලි නාලිකාව (FM 95.3) යාත්‍රා නමින් ආලුතින් නම්කර ඇති අතර එම නාලිකාවේ සම්පුර්ණ අයිතිය චතුරිකාගේ අංක 18, සුලෙඉමන් ටෙරස් හි පිහිටුවා ඇති Red Cherry Adverting Pvt Ltd නමින් හඳුන්වන ආයතනය නමින් පවත්වාගෙන යන අතර එහි CEO ලෙස නම්කර ඇත්තේ නාලිකා හිමිකරු වු ජනක රාමනායකම බවද වාර්තා වේ.

පසුගියිදා යාත්‍රා නාලිකාවේ විකාශණ කටයුතු ආරම්භ කිරිමේ උත්සවය චතුරිකාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එම නාලිකාව කලින් වංචනිකව රාමනායක විසින් බම්බලපිටිය ප්‍රදේශයේ අල්ලාගත් ඉඩමේ පිහිටුවා තිබේන ගොඩනැගිල්ලෙම නාලිකාව පවත්වාගෙන යයි.

“ස්වර්ණවාහිනී” රූපවාහිනි නාලිකාව මිලට ගත් මහා බැදුම්කර වංචාව හරහා ජනතා මුදල් බිලියන ගණනින් ගිලදැමු හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් මග යන්න පනනැති සියත TV සහ සියත ගුවන් විදුලිය මෙන්ම විකාශනය නතරවි තිබේන MAX Tv නාලිකා සියල්ලද මිලට ගැනිමට කටයුතු කර තිබේන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.ඒ අනුව චතුරිකා සිරිසේන හෙවත් ඩීල් දියණිය සමග අර්ජුන් ඇලෝසියස් සමාගමක් අතර පවතින සබඳතාවයක් හරහා නාලිකාව තමන්ගේ අතට ගැනිමට චතුරිකා සමත්ව තිබේ.

මාධ්‍ය බලය සියතට ගැනිමේ දැඩි කැසිල්ලකින් පසුවන ඩිල් දියණීය ජනාධිපති මාධ්‍ය එකකයේ බලය අල්ලා ගත් අතර මිඩියා තියා මල්ටි මිඩියාවත් නොදන්නා පොලොන්නරුවේ 2.50හුජ්ජ කොල්ලන් ජනාධිපති මාධ්‍ය එකකයේ ඔත්තුකරුවන් බවට පත්කල අතර ඊට අමතරව මාධ්‍ය එකකය පුරා CCTV කැමරා පද්ධතියක්ද සවිකිරිමට කටයුතු කළා. රුවන්ගේ මිරර් වෙබ් අඩවිය මිලියන ගණනකට මිලදි ගත් චතුරිකාව එම වෙබ් අඩවියේ සියලුම ප්‍රචාරක කටයුතු සහ අලෙවි ප්‍රවර්ධන කටයුතු චතුරිකාගේ Media Gang Pvt Ltd ආයතනයට පැවරු අතර ඊට අමතර එහේ මෙහේ සිටි සමාජ ජාලා කොලු ගැටයන් එකතු කර මහින්දට සහ එජාපයේ මෙන්ම තමන්ට අවශ්‍ය අයට මඩ ගැසිම සදහා ව්‍යාපෘතියක් දියත් කල අතර මේ වනවිට එම ව්‍යාපෘතිය චකබ්ලාස්ට් වි තිබේ.

ඩිල් දියණීයගේ පරණ වැඩ ඡායාරූපයට පහලින් කියවන්න..

YATAHARA

කොල්ලන්ට පොලු තැබු චතුරිකාගේ පපඩම් වැඩ….

ආණ්ඩුවට එරෙහිව අන්තර්ජාලය ඔස්සේ සත්‍ය කරුණු හෙළිදරවු කරන වෙබ් අඩවි මර්දනය කිරිමටත් එවාට පිළිතුරු දිම සදහා නව වෙබ් අඩවි කිහිපයක් ක්‍රියාත්මක කිරිමට අනුන්ගේ නිවුස් වෙබ් අඩවි වෙනුවෙන් පෙනි සිටිමින් විවිධ ගෙම් ගැසු වෙබ් මාෆියාකාරයෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දියණිය වන චතුරිකා සිරිසේනට ලණුවක් දි තිබේන බව අප විශේෂ වාර්තාකරු මිට පෙර අනාවරණය කළා.

ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවකදි චතුරිකා පෙන්වා දි ඇත්තේ වෙබ් අඩවි හරහා තමන්ගේ තාත්තා(මෛත්‍රීපාල සිරිසේන ) ඉලක්ක කර දරුණු ප්‍රහාරයන් එල්ල එන බවත් ඒවාට සමාජ් වෙබ් ජාලා වල ඉතා ඉහල ප්‍රසිද්ධියක් ලැබෙන බවත් ඇතැම් වෙබ් අඩවි වාර්තාකරන කරුනු ඔහුන් වෙත ලැබෙන මාර්ගයන් ගැන හිතා ගැනිමටවත් නොහැකි බව තාත්තා (සිරිසේන)පවා සදහන් කල බවයි.

ඒ අනුව වහාම ඊට පිලිතුරු දිම සදහා වෙබ් අඩවි ක්‍රියාත්මක විය යුතු බවත් ඒ සදහා වෙබ් පවත්වාගෙන යන අයට මාසිකව දිමනාවක් සහ විවිධ උදවු කිරිමට චතුරිකා පොරොන්දු දුන් අතර ඒ අනුව වෙබ් අඩවි රැසක්ම සිරිසේනට සහය පලකරමින් පුවත් පලකර ඇති අතර පසුව චතුරිකා පොරොන්දුව කඩකල අතර මාස 3කට වඩා කාලයක් දැන් ගෙවි ගොස් ඇති අතර කිසිදු දෙයක් ලබාදිම තියා අඩුම ගානේ එම කණ්ඩායම නැවත සම්බන්ධ කිරිමටවත් කටයුතු කර නෑ.

පසුව එම තත්ත්වය පිලිබදව අදාළ වෙබ් හිමිකරුවන් සම්බන්ධ කල චතුරිකාගේ සම්බන්ධිකාරකගෙන් මේ පිලිබඳ විමසා ඇති අතර ඔහු චතුරිකාගෙන් මේ ගැන් විමසු අවස්ථාවේ චතුරිකා පවසා ඇත්තේ… “අනේ උන්ගෙන් වැඩක් නෑ….උන්ට කරන්න පුලුවන් මගුලක් නෑ.. ” යනුවෙනි….

http://www.sinhala.lnwtoday.com/archives/4618

http://www.sinhala.lnwtoday.com/archives/14035

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.