Breaking
24 Jan 2025, Fri

බැඳුම්කර මාමා,බෑණා සිරිසේනට කපොතියක් ගහයි….රනිල්ගේ මාධ්‍ය මෙහෙයුම ශ්‍රීලනිපයේ ඇග උණුකර යයි

මහ බැංකු බැදුම්කර වංචාව හරහා බිලියන ගණනින් මුදල් වංචාකල අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් එක්ව ආරම්භ කිරිමට යන මුද්‍රිත මාධ්‍ය ජාලය සහ අර්ජුන් ඇලෝසියස් ස්වර්ණවාහිනී නාලිකාව මිලයට ගැනිමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා ඇතුළු බත් බැලයන් සියලුම දෙනා අන්දුන් කුන්දුන් වි සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

සිංහල හා ඉංග‍්‍රීසි පුවත්පත් දෙකක්, ගුවන් විදුලි හා රූපවාහිනී සේවා දෙකක් හා වෙබ් අඩවි ජාලයක් ඒ අනුව නුදුරේම ආරම්භ කිරීමට නියමිත අතර මේ වනවිට ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩසටහන් වෙනස් කිරිම සදහා රුපවාහිණි වැඩසටහන් සහ ප්‍රවෘත්ති පිළිබඳව විශේෂඥ සහය ලබාගනිමින් සිටින බව අනාවරණය වි තිබේ.

පසුගියදා කැබිනට් මණ්ඩල රැස්විමෙන් අනතුරුව සුපුරුදු ලෙස ශ්‍රීලනීප මෛත්‍රී පිළේ බත්බැලයන් සමග පැවැති සාකච්ඡාවේදි බත්බැලයන් සියලුම දෙනා පෙන්වාදි ඇත්තේ මහේන්ද්‍රන්ලා ආරම්භ කිරිමට යන මාධ්‍ය ජාලය හරහා ජනාධිපතිවරයා ඇතුලු ජාතික ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනීප කණ්ඩායම මෙන්ම ජනපතිට කඩේ යන කණ්ඩායම් ඉලක්ක කර දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කිරිමට සුදානමක් ඇති බවයි.ඒ හරහා වත්මන් අග්‍රාමාත්‍යවරයා ඇතුලු එජාපය සමාජය තුල ඉස්මතුවීමට ඉඩ සලස්වා ශ්‍රීලනීපය ඇතුලු අනෙකුත් පක්ෂ සියල්ලම දියකර හැරිම සදහා කටයුතු කරන බවයි මෛත්‍රීගේ  බත්බැලයන් පෙන්වා දි ඇත්තේ..

2020 වෙනකොට ජනාධිපති කම විතරක් නොවේ ….අගමැති කමත් එජාපය ගන්න මේ මෙහෙයුම හරහා කුමන්ත්‍රණය කරනවා…..අපි එක්කම් ඉන්න් සමහරුත් මේ මෙහෙයුමේ කොටස් කාරයෝ වෙලා….. යනුවෙන් ශ්‍රීලනීප පැරෂුට් මහා ලේකම් දුමින්ද දිසානායක පවසා තිබේ.

“මේ කුමන්ත්‍රණ මෙහෙයුම පිටිපස්සේ ඊළඟ අගමැති වෙන්න බලාගෙන ඉන්න කිහිප දෙනෙකුම බැහැලා වැඩ…. අර්ජුන්ලාගේ පත්තර රටේ හැම අස්සක් මුල්ලක් නෑරම බෙදන්න වැඩපිළිවෙළක් හදලා ….” ඩිලාන් පෙරේරා එක හුස්මටම කියාගෙන ගොස් තිබේ.

එක්සත් ජාතික පක්ෂය පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ රටපුරා ග්‍රාමිය මට්ටමින් නිර්මාණය කල එජාප සන්නිවේදන බලකාය නැමති කටකතා බලකාය යලිත් පසුගිය සතියේ සිට සක්‍රීය කිරිමට කටයුතු ආරම්භ කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කර සුදත් චන්ද්‍රසේකර මෙම බලකාය මෙහෙයවන අතර ඔහුන් හරහා අර්ජුන්ලාගේ පුවත් පත් ගම්මට්ටමේ නොමිලේම ලබාදිම සදහා මේ වනවිටත් කටයුතු සුදානම් කර තිබේ.

අර්ජුන් ඇලෝසියස් ජාතකය…..

අර්ජුන් ඇලෝසියස්ගේ සීයා වන වෙන්සස් ලෝස් එක්ස්ප‍්‍රස් පුවත් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කර ඇති අතර ඔහුට සියයට 25 ක කොටස් හිමිකාරිත්වයක් ද තිබිණ. පසුව එය අර්ජුන්ගේ මවට පවරනු ලදුව ඇය විසින් මේ වන විට එම කොටස් අර්ජුන් ඇලෝසියස් මහතාට පවරා ඇත. එක්ස්ප‍්‍රස් පුවත් සමාගමේ හිමිකරු හරී සෙල්වනායගම් ලයන් බීර නිෂ්පාදනය කරන ලයන් බෘවරි සමාගමේ හිමිකරුවෙකි. අර්ජුන් ඇලෝසියස් මහතාගේ පියා වන ජෙෆ් ඇලෝසියස් මහතා මෙන්ඩිස් මද්‍යසාර නිෂ්පාදන සමාගමේ හිමිකරුවාය.

එමෙන්ම සන්ඬේ ලීඩර් හා ඉරුදින පුවත්පත් පවත්වාගෙන යාම සඳහා ප‍්‍රතිපාදන සපයන්නේ ද අර්ජුන් ඇලෝසියස් මහතා විසිනි. එහෙත් ඔහු බලාපොරොත්තු වූ මට්ටමින් එම පුවත්පත් ද්විත්වය සාර්ථක නොවීම මත නව පුවත්පත් ආයතනයක් ගොඩනැගීම ඔහුගේ බලාපොරොත්තුව වී තිබේ.

http://www.sinhala.lnwtoday.com/archives/14267

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.