Breaking
22 Feb 2025, Sat

බැසිල්ගේ මෙහෙයුමෙන් නාමල් චොප්ප වෙයි! ධම්මික ගෙන්නේ JVP නවන්නද?

බැසිල් රාජපක්ෂ හදිසීයේම ගත් තීරණ හේතුවෙන් නාමල් රාජපක්ෂ බරපතල අර්බුදයකට මුහුණ දි සිටින බව LNN දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. අද රාත්‍රීයේ නාමල් තමන්ගේ පියා සහ මව ඇතුලු සමිපතමයන් කිහිප දෙනෙකු සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක්ද සිදු කර තිබේ.

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවෙන් ඉවත් විමත් ඒ වෙනුවට කුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා පත් කිරිමටත් ගත් තීරණයත් සමග යලිත් අර්බුද මැදින් නාමල් බලයට එමේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බවයි එහිදි සාකච්ඡා වි ඇත්තේ.

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉවත් වු අතර පුර්ණකාලීනව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමග දේශපාලන කිරිමට තීරණය කර තිබේ. තමන්ගෙන් හිස්වන මන්ත්‍රීධුරය සදහා ධම්මික පත්කිරිමට තීරණය කර ඇති අතර ඊට අමතරව කොළඹ වරාය. ආයෝජන ප්‍රවර්ධන මණ්ඩළය, විදේශ රැකියා ප්‍රවර්ධන සම්බන්ධිකරණය ඇතුළු ආයතන රැසක් ඇතුළත් සුපිරි අමාත්‍යංශයක් ඔහුට ලබාදිමද බැසීල්ගේ මෙහෙයුමේ කොටසක් වි තිබේ.

ඒ හරහා ඩොලර් උපයන ආයතන සියයක් පිහිටුවිමට ධම්මික කටයුතු කරනු ඇත. සමාන්‍යයෙන් වයාපෘතියක් දියත් කිරිමට පෙර අවම වශයෙන් වසර 50ක කාලයක් ඒ හරහා ලාභ ලැබිමේ ක්‍රමවේද ඇතුලු සාර්ථකත්වය මෙන්ම අසාර්ථක වන්නේ නම් ඒ සදහා විසඳුම් ඇතුලු විශේෂ පූරෝකතනයක් සහිත ව්‍යාපෘති ආරම්භ කිරිමේ අති දක්ෂයෙකු ලෙස ධම්මික ප්‍රසිදියක් උසුලයි.

නාමල්ගේ අර්බුදය…

වත්මන් ජනාධිපතිවරයා ඇතුලු සමස්ථ රාජපක්ෂලාම මුහුණ දෙන ආර්ථික අර්බුදය රනිල් වික්‍රමසිංහ හරහා යාමනය කොට පසුව යලිත් රාජපක්ෂලාගේ අවශ්‍යතාව රටේ ජනතාවට එත්තු ගැන්විමත් එම හිඩස පිරවිම සදහා නාමල් ගෙන එමත් මහින්ද ඇතුලු කල්ලියේ අරමුණ වි තිබුනා. ඒ සදහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුනේ බලය අල්ලා ගැනිම සහ එහි නායකත්වය සදහා නාමල් යෝජනා කර ගැනිම හෝ විමල්,ගම්මන්පිල එකතුව හරහා නව පක්ෂයක් නිර්මාණය කර එහි නායකත්වය සදහා නාමල් ගෙන එම, එම කල්ලියේ අරමුණ වි තිබු බවයි LNN දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

නමුත් ඊට උපක්‍රමශීලීව බැසිල් විසින් දියත් කරන ලද මෙහෙයුම හමුවේ එම බලාපොරොත්තු සුන්ව ගොස් ඇති බවයි LNN දේශපාලන වාර්තාකරු සදහන් කළේ.රටේ ආර්ථික අර්බුදය ජයගැනිම සදහා ධම්මිකගේ ව්‍යාපෘති හරහා හැකිවනු ඇති බවත් ඒ හරහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ යලිත් ශක්තිමත් වනු ඇති බවත් ඒ හරහා යලිත් රටේ දේශපාලන බලය අල්ලා ගැනිම බැසිල්ගේ මෙහෙයුම වි තිබේ. ඊළඟ පාර්ලිමේන්තුවක අගමැති විමේ සිහිනයෙන් බැසිල් පසුවන අතර ඒ සදහා අවශ්‍ය මාර්ගය සකස් කිරිම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ බවද අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

ධම්මික JVP නමයිද?

ඉදිරියේදි ඇතිවන දේශපාලන තත්ත්වයන් හමුවේ ජනතා විමුක්ති පෙරමුණ වැනි දැවැන්ත පක්ෂ පවා පාලනය කිරිමේ බලයක් ධමිමික පෙරේරා සතුව ඇති විම එම මෙහෙයුමට ඉතාම වැදගත් වනු ඇති බවයි අප දේශපාලන වාර්තාකරු පෙන්වා දුන්නේ. අනිත් අතට ධම්මික වැන්නේකුට රනිල් සමග වැඩ කිරිමටද අපහසුතාවයක් නැත.


By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.