Breaking
25 Feb 2025, Tue

බැසිල්ව ඇතුලට දාලා ඇත්ත හොරු සිරා එක්ක හෙලුවෙන්

දිවිනැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 36.5 ක් පසුගිය ජනපතිවරණයේ දී ඡන්ද වැඩට ගැනිමේ අරමුණින් අවසරයකින් තොරව පළාත් පාලන ආයතන වලට බෙදා දුන්නැයි හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ අගෝස්තු 01 වැනි දා වන තෙක් රිමාන්ඩ් කල අතර මීට අමතරව දිවිනැගුම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමිත කිත්සිරි රණවකද අගෝස්තු 01 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබු අතර මෙම ගනුදෙණුව මගින් සැබෑ ලෙස මුල්‍ය වාසි ලැබූ නිලධාරීන් සිව් දෙනෙකු තවමත් එම අමාත්‍යාංශයේම අවම වශයෙන් විනය පරීක්ෂණයකින් හෝ තොරව කටයුතු කරනු ලබන අනාවරණය වි තිබේ.

ඒ සම්බන්ධයෙන් කැෆේ සංවිධානය සමාජ සවිබල ගැන්වීම් හා සුභ සාධන අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සෙනෙවිරත්න මහතා වෙත ලිපියක්ද යොමුකර තිබේ.

සැබෑ වංචනිකයින් රකින්නේ කවුද?

2016 ජූනි 18
මහින්ද සෙනෙවිරත්න මහතා,
ලේකම්, සමාජ සවිබල ගැන්වීම් හා සුභ සාධන අමාත්‍යාංශය,
බත්තරමුල්ල.
මහත්මාණෙනි,

දුෂණ චෝදනා එල්ල වී ඇති නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම – GI පයිප්ප මිලදී ගැනීම

2016 ජූනි 1 දිනැති ලිපිය හා බැදේ.

පසුගියි ජූනි 1 දින, දිවි නැගුම දෙපාර්තමේන්තුව මගින් පසුගිය ජනාධිපතිවරණ සමයේ දී මහින්ද රාජපක්ෂ මහතා ගේ රුව සහිත බැනර් ප්‍ර‍දර්ශනය සදහා ත් නිල් පැහැති කොඩි එසවීම සදහාත් පළාත් පාලන ආයතන වෙත ලබාදීම පිළිබද දුෂණ විරෝධී පෙරමුණ විසින් විමසීමක් සිදු කරනු ලැබීය. එම විමසීම සමග ඇදහිය නොහැකි කාර්යක්ෂමතාවයකින් පයිප්ප මිල දී ගත් ආකාරයත් ඒ සදහා පාදක වූ

1. ඇමතිතුමාගේ උපදෙස් පරිදි පයිප්ප මිලදී ගැනීමට හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අත් අකුරින් ලියූ ලිපිය

2. බිල්පත් හා ගෙවීම් වච්චර ද අප විසින් ඉදිරිපත් කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් අද දින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට පත් වූ බව ඔබ දන්නේ යැයි සිතමි. බැසිල් රාජපක්ෂ මහතා ට සහ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා ට බලය අයුතු ලෙස භාවිත කළ බවට චෝදනා එල්ල වී ඇත.

එසේ නමුත්, මෙම ගණුදෙනුව පිටුපස සිටි විවිධ වාසි ලැබූ පුද්ගලයින් තවමත් ඔබ අමාත්‍යාංශයේ මුලික විමර්ශනයකින් හෝ තොරව සිටින බව අප විසින් අවස්ථා ගණනවක දී ඔබ වෙත ලිඛිතව දන්වා ඇත. එම නිලධාරීන් පිළිබද මුලික විමර්ශනය ඇරඹී ඇතැයි අප වෙත ඔබතුමන් වාර්තා කොට ඇති නමුත්, මේ දක්වාම එම නිළධාරීන්ගෙන් අවම වශයෙන් සාක්ෂි සටහන් කර ගැනීමක් හෝ සිදු කොට නොමැත.

මේ ගනුදෙනුවට ලෙස සම්බන්ධ වූ, ඔබ වෙත ලිඛිතව නම් සහිතව, අප විසින් පැමිණිලි කළ පුද්ගලයින් සම්බන්ධයෙන් ඉක්මන් විනය ක්‍රියාමාර්ග ගැනීම කඩිනම් කරන මෙන් නැවතත් ඉල්ලා සිටිමි.

මෙයට විශ්වාසී,

කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

LEET

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.