LNN SPY

බැසිල් කියන්නේ දැන් වැඩ කාරයෙක් නෙවේ… මෛත්‍රීට රාජපක්ෂලා එක්ක ඇති ඇරියස්!

Published on: Nov 17, 2018- මහින්ද විනාශ කිරිමේ මෙහෙයුම මේ වනවිට සැහෙන්න දුරකට සාර්ථක කර ගන්නට සිරිසේන ජනාධිපතිවරයා සමත්වි අවසන් අතර ඒ වටා සම්පූර්ණයෙන්ම කුමන්ත්‍රණයක් දියත් වෙමින් තිබේන බව අප අවස්ථා ගණනාවකදි අනාවරණය කල පරිදිම තහවුරු වෙමින් තිබේ.

දින දෙකකදි බහුතරයකින් මහින්ද පාර්ලිමේන්තුවේ පරාජය කිරිමට එජාපය ප්‍රමුඛ කණ්ඩායම සමත්වි අවසන්. එලියේ ඇවිත් මොනවා කිවත් මහින්දට දැන් තිබුනු ජන ප්‍රසාදයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි වි අවසන්‍ ය.අනිත් අතට මහින්දගේ නමට හානී කරන්නට මෛත්‍රී සහ විවිධ් කණ්ඩායම් වලින් වරප්‍රසාද ගත් ඇම්බැට්ට මන්ත්‍රීවරුන් කල කී දෑ මේ දවස් කිහිපය තුල දැක අවසන්.

අප මුලසිටම කී පරිදි සිරිසේනට රාජපක්ෂලා සම්බන්ධයෙන් ඇරියස් කිහිපයක්ම තිබේන බව නොරහසකි. එය හොදින්ම තහවුරු වන්නේ ශ්‍රිලනිපයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමග ඊයේ පැවැති සාකච්ඡාවකදි මෛත්‍රී දුන් පොර ටොක් එකකිනී. එහිදි මෛත්‍රී පවසා ඇත්තේ “බැසිල් කියන්නේ දැන් වැඩ කාරයෙක් නොවේ කියලා ඔප්පු වෙලා ඉවරයි “යනුවෙනි. තව දින කිහිපයක් ගතවනවිට මහින්ද පාර්ශවයෙන්ම එම චොදනාව බැසිල්ට එල්ල වන බව තමන්ට් විශ්වාස බවද එහිදි මෛත්‍රී පවසා තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කලේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 14 දෙනෙකු හිටපු ජනාධිපතිනි සමග කල සාකච්ඡාවක් සම්බන්ධයෙන් මෙහිදි දිර්ඝ ව්ශයෙන් සාකච්ඡා කර ඇති අතර එම සාකච්ඡාවට සහභාගි වු මන්ත්‍රී කණ්ඩායම සම්බන්ධයෙන් මේ වනවිට සොයා බැලිම සදහා කිහිප දෙනෙකු යෙදවිමටද කටයුතු කර තිබේ.

බැසිල් මෛත්‍රී ගැටුම 

2012 අගෝස්තු මාසයේ ආර්ථික කටයුතු සංවර්ධන අමාත්‍යාංශයට අදාළ ප්‍රගති සමාලෝචන රැස්වීමක් මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. ඊට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහභාගී නොවීය. කෙසේ වෙතත් මෙම රැස්වීම අතරතුරදී මැති ඇමැතිවරු බොහෝ පිරිසක් ඒ වන විට ක්‍රියාත්මක කර තිබූ මහාමාර්ග අමාත්‍යාංශයට අදාළ ව්‍යාපෘති විවේචනය කිරීමට වූහ. එය එපමණය. පසුදින පෙරවරුවේ අරලියගහ මැදුරට පැමිණෙන ලෙස මෛත්‍රී ඇමතිතුමාට පණිවුඩයකි. ඊට අනුව එහි ගියවිට ජනාධිපතිතුමා ආරම්භයේ සිටම ඉතා කේන්තියෙන් බැණවැදීම ඇරඹීය.

පක්‍ෂයේ ලේකම් ආණ්ඩුවේ දූෂණ සොයනවා යනුවෙන් කියමින් තවදුරටත් දෝෂාරෝපණය කරන්නට විය. ඒ අසල සිටි පී. බී. ජයසුන්දර සමගද කියමින් මෙම බැණවැදීම සිදුකළේය. සැබවින්ම එදින එලෙස ජනාධිපතිතුමා මෛත්‍රී ඇමතිතුමාට බැණවැදීම එතුමාගේ මනසින් ඉවත් කළ නොහැකි කටුක සිදුවීමක් බඳුය. එපරිදිම තවත් අවස්ථාවක ශ්‍රීලනිපයේ නව ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළකට අදාළ සවිස්තරාත්මක යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා මෛත්‍රී ඇමතිතුමා අරලියගහ මැදුරට ගියේය. තමා පක්ෂ ප්‍රතිසංවිධාන යෝජනාවලියක් සකසා ඇති බව කියූ විට එය ඇසූ ජනාධිපතිතුමා ‘මට ඕව වැඩක් නෑ. අපි හදනව වෙනම අලුත් එකක්’ යනුවෙන් පැවසීය. පක්ෂයේ ලේකම්වරයා වශයෙන් ඉතා වේදනාවට පත්ව මෛත්‍රී ඇමතුමා යළි සිය නිවසට පැමිණියේය.

දෙවන අවස්ථාව…..

තවත් වරක් අනුරුද්ධ රත්වත්ත මහතා මියයාමෙන් පසුව හිටපු ශ්‍රීලනිප ජාතික සංවිධායක ධුරයට බැසිල් රාජපක්‍ෂ මහතා පත්කළ යුතුයැයි කියා සිටි මහින්ද රාජපක්‍ෂ මහතා ඒ සඳහා වන යෝජනාව මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කළ යුත්තේ මෛත්‍රී ඇමතිතුමාම බවද කියා සිටියේය. ශ්‍රීලනිප ජාතික සංවිධායක ධුරයේ වැඩ බාරගත් දිනයේ සිට බැසිල් රාජපක්‍ෂ මහතා ශ්‍රීලනිපයේ තනි අයිතිකරු වූවා සේ. ඔහුගේ එකම හා පරම අභිප්‍රාය වූයේ ශ්‍රීලනිප මහ ලේකම්වරයා නාමික ලේකම්වරයෙකු බවට පත්කිරීමය. ජාතික සංවිධායකවරයා ලෙස බැසිල් රාජපක්‍ෂ මහතා ඩාර්ලි පාරේ ශ්‍රීලනිප පැරණි ගොඩනැගිල්ලට ඇතුළු වූයේම නැත. ශ්‍රීලනිප ශාඛා සමිති ලියාපදිංචි කිරීමේ කාර්යයේ සිට ඉහළට සියලු වගකීම් ස්වේච්ඡාවෙන්ම ඔහු බාරගත්තා වැනිය. පක්ෂයේ ලේකම්වරයා වශයෙන් මෛත්‍රී ඇමතුමාට තම නිල මුද්‍රාව පමණක් ඉතිරිවන තත්ත්වයක් උදාවෙමින් පැවතුණි. මේ අතර දින කිහිපයකට වරක් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා මෛත්‍රී ඇමතිතුමා කරනු ලබන ප්‍රකාශ පුවත්පත් හා වෙනත් මාධ්‍ය තුළින් අසා දුරකථනය මගින් එතුමාට බැණවදී.

තෙවන අවස්ථාව…

‘අපි වවමු – රට නගමු’ වැඩසටහන 2006 දී කෘෂිකර්ම ඇමතිවරයා ලෙස මෛත්‍රීපාල ඇමැතිතුමා ඇරඹූ සාර්ථක වැඩසටහනක්. එමගින් කෘෂිකර්මාන්තය හා දේශීය ගොවිතැන පිළිබඳ නව ප්‍රබෝධයක් රට තුළ ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය විය. එම වැඩසටහනේ සාර්ථකත්වය දුටු බැසිල් රාජපක්‍ෂ මහතා එයද තමා සන්තක කරගත්තේය. පසුකාලීනව ‘දිවි නැගුම’ ඇට වර්ග බෙදාදීම ලෙස කරළියට පැමිණෙන්නේ එයයි. මහාචාර්ය සේනක බිබිලේ ජීවිතයෙන් වන්දි ගෙවා නිමකිරීමට නොහැකි වූ ඖෂධ ප්‍රතිපත්තිය මෛත්‍රී ඇමැතිතුමාගේ අප්‍රතිහත ධෛර්යය මතින් යථාර්ථයක් වන සේයාව දුටුවිට බැසිල් රාජපක්‍ෂ මහතා හා අරලිය ගහ මැදුර ඖෂධ සමාගම් වෙනුවෙන් පෙනී සිටියේය. සිගරට් පැකට්ටුවේ රූපමය අවවාදයෙහි ප්‍රමාණය පිළිබඳ ප්‍රශ්නයේදී සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස මෛත්‍රීපාල ඇමැතිතුමා අලුත්කඬේ අධිකරණයේ බංකු මත හිඳ සිටියදී බැසිල් රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ අරලියගහ මැදුර දුම්කොළ සමාගම වෙනුවෙන් පෙනී සිටියේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රංජිත් ජයතිලක මහතා සෑම දිනකම සවස 4 වනතුරු සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සිට මෛත්‍රී ඇමැතිතුමාගේ දෛනික වැඩකටයුතු සඳහා බාධා පමුණුවමින් කාලය ගතකර සවස 4.00 සිට රාත්‍රිය වනතුරු බැසිල් රාජපක්‍ෂ මහතාගේ ආර්ථික කටයුතු සංවර්ධන අමාත්‍යාංශයට වී මෛත්‍රීපාල ඇමැතිතුමාට උසුළු විසුළු කළේය. සෞඛ්‍ය අමාත්‍යවරයා අසාර්ථක හා අකාර්යක්ෂම ඇමතිවරයකු බව රටට පෙන්වීම උදෙසා පිළිකා රෝහලේ සිට ග්‍රාමීය රෝහල් දක්වා ඖෂධ හිඟයක් මවා පෙන්වීය.

සිව්වන අවස්ථාව

මේ අතර 2014 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය තුළ දිස්ත්‍රික් සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් පැවති සියලු රජයයන් වෙන් කළ දැවැන්ත සංවර්ධන මුදල වෙන් කළේය. ඒ අනුව ඒ ඒ දිස්ත්‍රික්කවලට අදාළ මුදල් සංකේතාත්මකව බාරදීම වෙනුවෙන් ආර්ථික කටයුතු සංවර්ධන අමාත්‍යාංශය යටතේ දිස්ත්‍රික් මට්ටමින් නිල උත්සවයක් සංවිධානය විය. මෙම නිල උත්සවයේ සංවිධාන කටයුතු සිදු කරන්නේ ආර්ථික කටයුතු සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි අදාළ දිස්ත්‍රික් ලේකම්වරයා විසිනි. ඊට අනුව න්‍යාය පත්‍රය මේ සඳහා දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන් කැඳවීම, රැස්වීම පැවැත්වෙන විශාල ප්‍රමාණයේ මඩුව සංග්‍රහ කටයුතු යන සියල්ල සිදුකරන්නේ කොළඹ මූලික කරගත් ආර්ථික කටයුතු සංවර්ධන අමාත්‍යාංශයයි. මෙහි සහභාගිකයන් වන්නේ සමස්ත දිස්ත්‍රික් සංවර්ධන අමාත්‍යාංශයයි. රැස්වීමේ න්‍යායපත්‍රයට අනුව සම්පූර්ණ උත්සවය සභාවටම ඇත්තේ කථා දෙකකි. ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරයා පිළිගැනීමේ කථාව සිදුකරන අතර ඉන් අනතුරුව නැගී සිටින බැසිල් රාජපක්‍ෂ ඇමතිතුමා සංවර්ධන ඉලක්කයන් පිළිබඳව පැයක දෙසුමක් පවත්වයි. එතැනින් උත්සව සභාව නිම වේ. මේ සෑම අවස්ථාවකදීම අදාළ දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍ය හා දිස්ත්‍රික් නායකයන් හුදු සහභාගිකයන් පමණි.

කෙසේ වෙතත් මීට අදාළ පොළොන්නරුවේ උත්සවයට මෛත්‍රී ඇමැතිතුමා සහභාගිකයකු ලෙස එහි ගොස් සිටියද බදුල්ලේදී නිමල් සිරිපාල ද සිල්වා රත්නපුරේදී ජෝන් සෙනෙවිරත්න හා මාතලේ දී ජනක බණ්ඩාර තෙන්නකෝන් යන දිස්ත්‍රික් නායකයෝ මෙම උත්සවය වර්ජනය කළහ.

මේ පිළිබඳ මෛත්‍රී ඇමතිතුමාගේ මතය වූයේ ඉන් ඉදිරියට පැවැත්වෙන මැතිවරණ ශ්‍රීලනිපයේ හෝ එජනිස යාන්ත්‍රණයකින් පරිබාහිරව රාජ්‍ය නිලධාරීන් පමණක් මෙහෙයවා සිදුකිරීම පිළිබඳ පළමු පෙරහුරු වැඩ සටහන වශයෙන් මෙය සැලකිය හැකි බවයි.

කෙසේ වෙතත් 2010 වසරෙන් පසු අරලියගහ මැදුර හා ආර්ථික කටයුතු සංවර්ධන අමාත්‍යාංශය එක්ව දෛනිකව මෛත්‍රී ඇමතිතුමාට එරෙහිව නිර්මාණය කළ ප්‍රශ්න බාධා කිරීම් හා කඩාකප්පල්කාරී ක්‍රියා මතින් එතුමා අඛණ්ඩව වසර 4ක් පමණ දැඩි මානසික වේදනාවකින් හා චිත්ත පීඩාවකින් කල් ගෙවීය. එතරම් විනෝදකාමී ජීවිතයකට අකමැති එතුමා ඉතා සරල හා අල්පේච්ඡ ජීවිතයක් ගෙවන අතරතුර මෙම ප්‍රහාරය අරලිය ගහ මැදුර හා ආර්ථික කටයුතු සංවර්ධන අමාත්‍යාංශය ඒකාබද්ධව දියත් කිරීම හමුවේ ඇමැතිතුමා පමණක් නොව සමස්ත පවුලම අර්බුදයක සිටියේය. මෛත්‍රී ඇමතිතුමා අමාත්‍යාංශයේ සිට පැමිණියද පක්‍ෂ කාර්යාලයේ සිට නිවසට පැමිණියද ඒ සැමවිට එකක් පරයා තවෙකෙක් ලෙසට සිත් රිදවීම්ය. සිය නිදියහනේ වැතිර ඒ පිළිබඳ කල්පනාවේ යෙදෙන කල එතුමාගේ බිරිඳ සහ දරුවන් ඒ තුළින් දැඩි මානසික කම්පනයකට ලක්වෙයි.

Top