Featured

බුද්ධි අංශ අනාවරණයෙන් – පලෙයි ත්‍රස්තයන් සොයා යුධ හමුදා කණ්ඩායමක් මෙහෙයුමක් අරඹයි..

කිලිනොච්චි පලෙයි පොලිසිය බල ප්‍රදේශයේදී පසුගිය (18) මධ්‍යම රාත්‍රියේදී පොලිස් ජංගම රථයකට සන්නද්ධ කණ්ඩායමක් වෙඩි ප්‍රහාරයක් එල්ල කිරිම සම්බන්ධයෙන් යුධ හමුදා බුද්ධි අංශ කල අනාවරණයකට අනුව යුධ හමුදා විශේෂ කණ්ඩායමක් කිලිනොච්චි පලෙයි ප්‍රදේශයේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. හමුදා සෙබලුන් සියයක පමණ ප්‍රමාණයක් මේ සදහා යොදවා ඇති අතර කෑලැවේ සැගවි සිටින සහ ආයුධ ගබඩාවක් ඉලක්ක කර මෙම මෙහෙයුම දියත් කර තිබේන බවයි අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළේ.

පසුගිය (18) මධ්‍යම රාත්‍රියේදී සන්නද්ධ කණ්ඩායම මෙමෙ ප්‍රහාරය එල්ල කල අතර එම අවස්ථාවේදී පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු රාජකාරි කටයුතුවල යෙදී සිට තිබේ.

එම ස්ථානයට ආසන්නයේ තිබූ දුම්රිය ආලෝක සංඥා කිහිපයකට වෙඩි ප‍්‍රහාර එල්ලවී තිබෙන අතර ත‍්‍රස්තවාදය අවසන් කළ හා එල්.ටී.ටී.ඊ නායකයා මියගිය දිනය හේතුවෙන් කිසියම් පුද්ගලයකු කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් සිදුකිරීම සඳහා මෙලෙස වෙඩි ප‍්‍රහාර එල්ලකරන්නට ඇතැයි පොලීසිය සැක පළ කර තිබුනා.

කෙසේවෙතත් අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු මිට ඉහතදි අවස්ථා ගණනාවකදි යුධ හමුදාව ඉලක්ක කර හිටපු කොටි සමාජිකයන් සන්නද්ධ ව්‍යාපාරයකට මුලපුරමින් සිටින බව අනාවරණය කල අතර හමුදා බුද්ධි අංශද අවස්ථා ගණනාවකදි රජයට මේ සම්බන්ධයෙන් අනතුරු අගවා සිටියා.වසර දෙකහමාරක පමණ කාලය තුල LTTE ජාත්‍යන්තර ජාලය විසින් උතුරේ සක්‍රිය සන්නද්ධ ව්‍යාපාරට්‍ය ක්‍රියාත්මක කල අතර ඒ සදහා උතුරේ දේශපාලන නායකයන් කිහිප දෙනෙකු සහය ලබාදෙන බවටද තොරතුරු අනාවරණය වි තිබුනා.

http://www.sinhala.lnwtoday.com/archives/11049

http://www.sinhala.lnwtoday.com/archives/9441

http://www.sinhala.lnwtoday.com/archives/10520

Top