Featured

බුද්ධි අංශ අල්ලාගත් මහා කොටියා රහසේම කැනඩාවට

යුධ හමුදා බුද්ධි අංශ විසින් ලබාදුන් ඔත්තුවකට අනුව පසුගියදා කිළිනොච්චි‍යේදී ත්‍රස්ත මර්ධන ඒකකය අත් අඩංගුවට ගත් ස්වේච්ඡා සංවිධානයක සේවකයෙකු ලෙස පෙනි සිටිමින් දෙමළ ඊළාම් ත්‍රස්ත සංවිධානය නැවත ගොඩනැගීමට සැලසුම් කල සංකරලිංගම් ශෂිකරන් නැමත්තා රහසිගතව කැනඩාවට පිටත් කර යැවිමට ආරක්ෂක අමාත්‍යංශය හොර රහසේම කටයුතු කරමින් සිටින බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

දෙමළ ඩයස්පොරාවේ ඉල්ලිම මත යුධ හමුදා බුද්ධි අංශ අත් අඩංගුවට ගත් සංකරලිංගම් ශෂිකරන් පසුව ආරක්ෂක අමාත්‍යංශයේ නියෝග මත පොලිස්පතිවරයාගේ අනුදැනුම මත පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමකට භාරදි ඇති අතර ඔහුන් විසින් රැගෙන ගිය ශෂිකරන් මේ වනවිට රටින් පිටුහල් කිරිමට කටයුතු යොදවා තිබේ.

සංකරලිංගම් ශෂිකරන් නැමැත්තාව ත්‍රස්ත මර්ධන ඒකකය විසින් අත් අඩංගුවට ගෙන කොළඹ ත්‍රස්ත මර්ධන ඒකකයේ රඳවාගෙන ප්‍රශ්ණ කර ඇති අතර එහිදි අනාවරණය වි ඇත්තේ කිළිනොච්චිය‘සමාජ ආර්ථික ළමා සංවර්ධන ආයතනයේ’සේවය කරන මුවාවේන් දෙමළ ඩයස්පොරාවේ `මෙහෙයවිම මත එල්ටීටීඊ සංවිධානය නැවත පනගැන්විම සදහා ප්‍රසිද්ධියේ කටයුතු කර තිබේ.

දෙමළ ඊළාම් ත්‍රස්ත සංවිධානය නැවත ගොඩනැගීමට උත්සාහ කළ බවට කොළඹ ත්‍රස්ත මර්ධන ඒකකය කල ප්‍රශ්ණ කිරිම් හමුවේ තහවුරු වි ඇති අතර ඔහු විසින් හිටපු කොටි ත්‍රස්තවාදින් 100 දෙනෙකු සමග සමිපව කටයුතු කර ඇති බවත් ඔහුන් සම්බන්ධයෙන් වෙනම පරික්ෂණයක් මේ වනවිටත් එම එකකය ආරම්භ කර තිබේ.

සංකරලිංගම් ශෂිකරන් ප්‍රභාකරන් සමයේ එල්ටීටීඊ සමග යුධබිමේ කටයුතු කර ඇති අතර පසුව රහසේම ඉන්දියාවට පැනගොස් සිට යලිත් යහපාලන ආණ්ඩුව සමයේ ජාත්‍යන්තර සහන සේවකයෙකු ලෙස උතුරට පැමින තිබේ.

Top