Featured

බුද්ධි අංශ කී කතාවෙන් අවසාන මොහොතේ විශ්වාසභංගය ඇනහිටි

මුදල් අමාත්‍ය රවි කරුණානායකට එරෙහිව ඉදිරිපත් කර තිබූ විශ්වාස භංග යෝජනාව විවාදයට නොගැනිමට වහාම කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට රජයේ බුද්ධි අංශ අවසාන මොහොතේ කල අනාවරණය හේතුවෙන් පාර්ලිමේන්තුවේ ශබ්ද විකාශන පද්ධතියේ දෝෂයක් ඇති බව පවසමින් හෙට දක්වා කල් දැමිමට කටයුතු කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරනය කළා.

මුදල් ඇමැති රවී කරුණානායකට එරෙහි විශ්වාසභංගය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කලේ නම් ශ්‍රීලනිපයේ මෛත්‍රී පිළේ බත් බැලයන් මෙන්ම එජාපයේ සජිත් පිළ නියෝජනය කරන කිහිප දෙනෙකු අවසාන මොහොතේ ආණ්ඩුවට එරෙහි විමට සුදානමක් ඇති බවට රජයේ බුද්ධි අංශ අනාවරණය කර තිබේ.

මේ අතර මේ වනවිට ජාතික ආණ්ඩුවේ සියලුම මන්ත්‍රීවරුන්ට අරලියගහ මන්දිරයට කැදවා ඇති අතර ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ සහභාගිත්වයෙන් විශේෂ රැස්විමක් පැවැත්විමට කටයුතු සුදානම් කර තිබේ.

පසුගිය දින කිහිපය තුලම ජාතික ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම වෙන වෙනම සිරිසේන සහ රනිල් විසින් ගෙන්වා වෙන වෙනම දේශන තබා ජාතික ආණ්ඩුව රැක ගැනිම සදහා සහයෝගයෙන් කටයුතු කල යුතු බවත් පෙන්වා දි ඇති අතර ඊට අමතරව දෙපාර්ශවයෙම මන්ත්‍රීවරුන්ගේ ඉල්ලිම්ද ඉක්මනින්ම ලබාදිමට කටයුතු යොදන බවට පොරොන්දු වි තිබේ.

ශ්‍රීලනිපයේ මෛත්‍රීගේ බැත් බැලයන් අමතමින් මෛත්‍රීපාල සිරිසේන පවසා ඇත්තේ……තමන්ට ජනාධිපති කමේ මෙන්ම ශ්‍රිලනිපයේ බලය තියා ගැනිමටනම් ජාතික ආණ්ඩුව රැක ගැනිම අතිශය වැදගත් බවයි.

මේ අතර කොස්ගම සාලාව යුධ අවි ගබඩාව පුපුරුවා හැරිම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ශ්‍රිලනිපයේ සහ එජාප කණ්ඩායම අතර මේ වනවිට මතවාදි ගැටුමක් හටගෙන තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.එජාපයේ ඇතැම් කණ්ඩායම් සාලාව අවි ගබඩාව චන්ද්‍රිකා පාලනයේ මොඩවැඩක් ලෙස හැදින්විමත් ආරක්ෂාව සම්බන්ධයෙන් එජාපයේ ක්‍රියා පිළිවෙත මේම ගැටුමට මුලික වි ඇති අතර ඉදිරි දින කිහිපය තුල මෙම ගැටුම කණ්ඩායම් වශයෙන් කරලියට එමට නියමිතව තිබේ.

ඇමතිවරුන් 30 දෙනෙකුට නව වාහන මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 117.5ක මුදලක් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඊයේ (07) ඉදිරිපත් කෙරුණා. ඒ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින්. මෙම මුදල ඉල්ලා සිටින්නේ පහතින් දැක්වෙන ඇමතිවරුන් සඳහා වාහන මිලදී ගැනීම සඳහාය. අදාල ඇමතිවරුන් සහ බලාපොරොත්තු වන මුදල් පහත දැක්වේ.

ප්‍රාදේශීය සංවර්ධන ඇමැති සරත් ෆොන්සේකා මහතාට රුපියල් කෝටි හතක්‌

ඛණිජ තෙල් සම්පත් ඇමැති චන්දිම වීරක්‌කොඩි සහ නියෝජ්ය ඇමැති අනෝමා ගමගේ මහත්මියට රුපියල් කෝටි හතක්‌

ස්‌වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතාට වාහන දෙකක්‌ සහ නියෝජ්‍ය ඇමැති නිමල් ලන්සා මහතාට වාහනයක්‌ මිලට ගැනීම සඳහා රුපියල් නවකෝටි අනූ ලක්‌ෂයක්‌

නිපුණතා සංවර්ධන ඇමැති මහින්ද සමරසිංහ මහතාට වාහන දෙකක්‌ සඳහා රුපියල් කෝටි පහක්‌

විදුලි සංදේශ හා ඩිජිටල් ඇමැති හරින් ප්‍රනාන්දු මහතාට සහ නියෝජ්‍ය ඇමැති තාරානාත් බස්‌නායක මහතාට රුපියල් නවකෝටි දස ලක්‌ෂයක්‌

මහානගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලසන්ත අලිගයවන්න මහතාට පන්කෝටි හැට ලක්‌ෂයක්‌

සංචාරක සංවර්ධන නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතාට පන්කෝටි හැට ලක්‌ෂයක්‌

ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා සහ නියෝජ්‍ය ඇමැති දුනේෂ් ගන්කන්ද මහතාට රුපියල් හයකෝටි තිස්‌ ලක්‌ෂයක්‌

විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති මනුෂ නානායක්‌කාර මහතාට රුපියල් දෙකෝටි අසූ ලක්‌ෂයක්‌

සංවර්ධන උපාය මාර්ග රාජ්‍ය ඇමැති සූජිව සේනසිංහ මහතාට වාහන දෙකක්‌ සඳහා රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

නගර සැලසුම් හා ජලසම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්‌ඩාරනායක මහතාට රුපියල් දෙකෝටි අසූ ලක්‌ෂයක්‌

කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය ඇමැති චම්පිකා ප්‍රේමදාස මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

විශේෂ කාර්යභාර ඇමැති සරත් අමුණුගම මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචි නිලමේ මහතාට දෙකෝටි හැත්තෑපන් ලක්‌ෂයක්‌

ඉඩම් රාජ්‍ය ඇමැති ටී. බී. ඒකනායක මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

තිරසාර සංවර්ධන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා හා නියෝජ්‍ය ඇමැති සුමේධා ජී. ජයසේන මහත්මියට රුපියල් හත් කෝටියක්‌

විදුලි බල ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

කඳුරට නව ගම්මාන ඇමැති පී. දිගම්බරන් මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

වාරිමාර්ග රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

අධිකරණ ඇමැති විජයදාස රාජපක්‌ෂ සහ නියෝජ්‍ය ඇමැති දුෂ්මන්ත් මිත්‍රපාල මහතාට රුපියල් හත් කෝටියක්‌

බන්ධනාගාර ඇමැති ඩී. එම්. ස්‌වාමිනාදන් සහ රාජ්‍ය ඇමැති පියංකර ජයරත්න මහතාට රුපියල් හත් කෝටියක්‌

වාරිමාර්ග ඇමැති විජිත් විජයමුනි සොයිසා මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

Top