Breaking
24 Feb 2025, Mon

බුදු පිළිමේ හිස ගලවා කැලෙට දමලා -උතුරු/නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන වැනසීමේ සටනක්!

කොටි ත්‍රස්තවාදීන් නිදහස් කිරිමට රජය දුන් පොරොන්දු කඩකරන බවත් එයට පිළිතුරු දිමට උපවාසයේ නිරත වීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් පවසමින් උතුරු නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන ඉලක්ක කර විවිධ පිඩාකාරි ප්‍රහාරයන් එල්ල කිරිමේ මෙහෙයුමක ද්‍රවිඩතරුණ සංවිධානයක් නිරත වන බවට හමුදා බුද්ධි අංශ රජයට වාර්තාකර තිබේන බව රජයේ ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යේදෙන අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශ කිහිපයකම මෙම තත්ත්වය බරපත්ල ලෙස වර්ධනය වෙමින් පවතින බවද හමුදා බුද්ධි අංශ තහවුරු කර තිබේ.

මේ අතර අද (17) උදෑසන කාලයේ වව්නියාවට නුදුරු ගම්මානයක වැව් තාවුල්ලේ ගෙල ප්‍රදේශයෙන් සිරස වෙන්කල ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ වව්නියාව පොලිසිය විසින් සොයාගෙන තිබේ.

ප්‍රදේශයේ ජනතාව කල දැනුම් දිමකට අනුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරින් විසින් බුදු පිළිම වහන්සේ පොලිස් භාරයට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති අතර, උසින් අඩි දෙකහමාරක් පමණ වන මෙම බුදු පිළිමය කුමන ස්ථානයක තිබුණේද යන්න හා කිසිවෙකු විසින් එම බුදු පිළිමයට හානිකර මෙම ස්ථානයට ගෙනවිත් දැමුවේද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය වී නැති බවද පොලිසිය පවසයි.

Bu

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.