Breaking
23 Feb 2025, Sun

බුවනෙකබා සිද්ධියෙන් ගෝඨාභය උදහස් වේ…. මහින්දගේ සමිපතම ජොනී අත් අඩංගුවට? නිධාන කතාවත් එලියට!

Published on: Jul 23, 2020- බුවනෙකබා රාජ සභා මණ්ඩපය ලෙස හැදින්වෙන කුරුණෑගල රාජධානියේ ඉපැරණි රාජසභා මණ්ඩපය සහිත ගොඩනැගිල්ල කඩා දැමිම සම්බන්ධයෙන් එල්ල වන චොදනා හමුවේ උරණ වි සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහාම කුරුණෑගල නගරාධිපති සහ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලු කිහිප දෙනෙකුම අත් අඩංගුවට ගන්න ලෙසට නියෝග කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ඓතිහාසික රාජ සභා මණ්ඩප ගොඩනැගිල්ල ඩෝසර් කර කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු වඩා විධිමත්ව සිදුකරන ලෙස නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ (22 ) ජනාධිපති උපදෙස් ලබාදී තිබෙන අතර මෙම සිද්ධියට අදාළව කුරුණෑගල නගරාධිපති ඇතුළු එහි නාගරික මන්ත්‍රීවරුන් හා එහි නිලධාරීන් කිහිපදෙනකුගෙන්ද මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කිහිපදෙනෙකුගෙන්ද ප්‍රකාශ ලබා ගැනිම මේ වනවිට ආරම්භ වි තිබේ. ඒ නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දුන් නියෝගයකට අනුවයි.සිද්ධියට අදාළ සියලු විමර්ශන වහාම අවසන් කර එහි වාර්තාවක් තමන් වෙත ලබාදෙන ලෙසද නීතිපති දප්පුල ද ලිවේරා, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත නියෝග කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ගෝල බාලයන් වන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව විතාරණ දෙදෙනාගේ මෙහෙයැවීමෙන් බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය ඩෝසර් කර බිමට සමතලා කිරිමෙන් පසුව නගරාධිපතිවරයාගේ සහ ජොන්ස්ටන් හිටපු අමාත්‍යවරයා සිදුක ප්‍රකාශ සම්බන්ධයෙන ජනාධිපතිවරයා සිය අප්‍රසාදය පලකර තිබේන අතර වහාම පරික්ෂණ ඉක්මනින්ම සිදුකර ඊට වගකියුතු සියලුම දෙනා අත් අඩංගුවට ගන්නා ලෙසයි ජනපති නියෝග කර ඇත්තේ.

මේ අතර එල්ල වන දැඩි අප්‍රසාදය හමුවේ ඩෝසර් කළ බුවනෙකබා රාජ සභා මණ්ඩපය පෙර පැවැති ආකාරයටම සකස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් යුද හමුදාව වෙත උපදෙස් නිකුත් කිරීමට සූදානමින් සිටින අතර ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්,හමුදාපති ඇතුලු කිහිප දෙනෙකු සමග විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබේ.

විමල් -ගෝඨා හමුව….

කුරුණෑගල සිද්ධිය සම්බන්ධයෙන් විමල් විරවංශ හිටපු අමාත්‍යවරයාද ජනාධිපතිවරයා හමුවි කරුණු කිහිපයක්ම අනාවරණය කර තිබේන අතර මණ්ධපය කඩා දැමිම සහ ඒ පසුපස සිටින දේශපාලන හස්තය සම්බන්ධයෙන්ද ඔහු එහිදි අනාවරණය කර තිබේ.

ජොන්ස්ටන් කියන්නේ හොඳම මෝඩයෙක්…. ජොන්ස්ටන් ගේ උද්දච්ච මෝඩ දේශපාලනය අතීතයට අයිති එකක්… මොකෙක් හෝ තක්කඩියෙක් වරදක් කළාට පස්සෙ කරපු හාදයගෙ මයිලකටවත් අත කියන්නේ දෙන්නෙ නැහැ කියන්න කවුද ජොන්ස්ටන්… මිනිහෙක් ද ? යනුවෙන් විමල් ප්‍රසිද්ධියේම සදහන් කර තිබේ.

නිධාන කතාව

රාජසභා මණ්ඩපය හෙවත් මඟුල් මඩුව විශාල ප්‍රමාණයේ ශාලාවක් සහ මහනුවර යුගයේ කලා ලක්ෂණ සහිත දාරුමය පේකඩ සහ කුළුණු මගින් දරාසිටින ඉදිරිපස ආලින්දයක් ඇති ගොඩනැගිල්ලක් වන අතර බෞද්ධ ජනතාවගේ මුදුන් මල් කඩ වන් පන්සිය පනස් ජාතක කතා පොතේ මුල් පිටපත් පිළිගැන්වූ මෙන්ම ලංකාවේ ජීවත් වූ අවසන් මහ රහතුන් වහන්සේගේ ගෝල හිමිවරුන්ගේ පාද ස්පර්ශය ලැබූ ස්ථානයක් ද වනවා.

බුවනෙකබා රාජ සභා මණ්ඩපය තුල තිබු රාජ්‍යත්වයට උරුමකම් කියන නිධානයක් එම ස්ථානයේ ඇති බවට ලැබුන තොරතුරකට අනුව එම ස්ථානය හැරිමකට ලක්කර ඇති අතර එම හැරිමෙදි සිදුවු පුපුරා යෑම් හේතුවෙන් සම්පූර්ණ මණ්ඩපයම කඩ වැටිමට ලක්ව ඇති බවයි මේ වනවිට ලැබෙන තොරතුරු තහවුරු කර ඇත්තේ. රාජ්‍යත්වය තහවුරු කිරිම සදහා අවශ්‍ය කඩුව,කිණිස්ස ,ඔටුන්න වැනි නිධාන් භාණ්ඩ කිහිපයක්ම එම ස්ථානයේ තැන්පත් කර තිබේන බව ඉතිහාසයේ සිට කුරුණෑගල ජනතාව් අතර මතයක් පැවත තිබුන අතර එම භාණ්ඩ ලබා ගැනිම සදහා මෙම මණ්ඩපය තුල හැරිමට ලක්කර තිබේන බව මේ වනවිට අනාවරණය වි තිබේ.

කුරුණෑගල රාජධානි සමයේ රජකම් කළ දෙවැනි බුවනෙකබා රජ සමයේ (ක්‍රි.ව 1293 – 1303) ඉදිකළ බවට විශ්වාස කෙරෙන රාජසභා මණ්ඩපය නැමති පැරණි ගොඩනැගිල්ල පසුගිය 14 වැනි දා රාත්‍රියේ කුරුණැගල මහනගර සභාවේ පිරිසක් විසින් කඩා දමනු ලැබ ඇති අතර ඒ අවස්ථාවේදී නගරාධිපතිවරයාද එම ස්ථානයේ සිටි බව ප්‍රදේශවාසීහු මේ වනවිට අනාවරණය කර තිබේ.දින කිහිපයක් තිස්සේ කිසියම් පිරිසක් මේ තුල රැදි සිට ඇති නමුත් ප්‍රදේශවාසීහු ඒ සම්බන්ධයෙන් වැඩි අවධාණයක් යොමුකර නැත්තේ “බුවනෙක බාර්” හොටලය නැමති නරකාදිය වසා දැමිමෙන් පසුවත් විවිධ පුද්ගලයන් අනාචාර ක්‍රියාවන් සදහා එම ස්ථානය භාවිතා කිරිමත් ඒ සදහා මණ්ඩපයේ ආරක්ෂාවට යොදවා සිටි මුරකරුවන් ද මුදලට සහය ලබාදිමට කටයුතු කල නිසා බවයි.

සමගි ජනබල වේගයේ අපේක්ෂක රංජන් රාමනායක පසුගියදා ගම්පහ රැස්විමක් අමතමින් සිටින අවස්ථාවේදී කිසියම් පුද්ගලයෙකුද මේ සම්බන්ධයෙන් අනාවරණය කළා.

 


By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.