Breaking
24 Feb 2025, Mon

බෙදුම්වාදීන් ගිලගත් සන්ධානය අවසන් ගමන් යන ලකුණු!

පවතින දේශපාලන තත්ත්වය තුළ නව ක්‍රියාමාර්ග ගැනීමට තමන් බලාපොරොත්තු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්‍ෂ අවධාරණය කළා.තවදුරටත් බෙදුම්වාදී කණ්ඩායමේ පක්ෂයක් බවට පත්ව ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග ගමන් කිරිමෙන් රටට අහිතකර තත්ත්වයක් උදාවිම නොවැලැක්විය හැකි කරුණක් බවයි සන්ධානය නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයන් පෙන්වා දුන්නේ.

ඒ අනුව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ හවුල්කාර දේශපාලන පක්‍ෂ සමග විශේෂ සාකච්ඡා වාරයක් ආරම්භ කර නව ක්‍රියාමාර්ග ඇතිකිරීම සඳහා කටයුතු කරන බවයි.

මහින්ද රාජපක්ෂ මහතා පෙරටුකරගත් දැවැන්ත පෙරමුණක් ගොඩ නැගිම සදහා මේ වනවිටත් මුලික සාකච්ඡා අවසන් අදියරට පැමිණ තිබේන බව අප විශේෂ දේශපාලන වාර්තාකරු සදහන් කළා.

ලාංකීය දේශපාලන දේහය තුළ හැරවුම් ලක්ෂයක් නිර්මාණය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ මූලිකකරගෙන ගොඩනැගුණු එක්සත් ජනතා නිදහස් සංධානය 2004දි පිහිටුවා ගැනිමට මුලික වු කාරනා දෙකෙන් එකක් රට දිනා ගත් අතර 30 වසරක සාපරාධි කොටි ත්‍රස්තවාදීන් අවසන් කිරිම එම විජයග්‍රහණයයි. දෙවැන්න වුයේ මවුබිමේ ඒකීය භාවය ආරක්ෂා කිරිම වුවද විවිධ බෙදුම්වාදීන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් අවසන් මොහොතේ එම උත්සහය අසාර්ථක වුවා පමණක් නොව අද වනවිට එම බෙදුම්වාදී ජනතාව ගොනාට අන්දමින් එක්සත් ජනතා නිදහස් සංධානය පවා බෙදුම්වාදීන්ට යටකරමින් සිටි.

එම නිසා දැන් රටට අවශ්‍ය ඉ ඇත්තේ රටේ ඒකිය භාවය දිවිහිමියෙන් රකින,රට සංවර්ධනාත්මක මාවතකට ප්‍රවිෂ්ට කිරිමට තරම් දක්ෂ නායකත්වයක් වටා අලුතින් ගොඩනැගිම බවයි මේ සදහා මුලික අඩිතාලම දමමින් සිටින ජ්‍යෙෂ්ඨ නායකයන් සදහන් කළේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.