Breaking
25 Feb 2025, Tue

බෙදුම්වාදී විග්නේශ්වරන් මහ ඇමතිතුමා අත්අඩංගුවට ගනු!

සැප්තැම්බර් 24 සෙනසුරාදා යාපනයේ දී එල්ලුංග තමිල් නමින් විරෝධතාවයක් පැවැත්වුණා.  මේ විරෝධතාවයෙන් කියන්නේ උතුරේ සිංහලයින් පදිංචි කරන්න එපා.  බුදු පිලිම අළුතින් ඉදි කරන්න එපා කියලා.  සිංහල ශිෂ්ඨාචාරය ව්‍යාප්ත වී තිබුණේ දකුණේ නොවේ, උතුරු සහ නැගෙනහිර පලාත් වල.  කඳුරුගොඩ විහාරයේ තිබුණු අනුරාධපුර යුගයේ බුදු පිලිම කුඩු කලා.  කිල්ලවෙඩ්ඩි ඓතිහාසික බෝධිය කපා දැම්මා.  දෙමළ බෙදුම්වාදින් විනාශ කළ නටබුන් ස්ථාන අද අඳුර ගන්න බුදු පිලිම ඉදි කිරීම වරදක් ද?  ඒ වගේම හමුදාවේ සිටින සාතිශය බහුතරය බෞද්ධයින්.  ඒ අයට වන්දනා කිරීම සඳහා හමුදා කඳවුරු අවට බුදු පිලිම ඉදි කිරීම වරදක් ද?

1981 දී කොළඹ නගරයේ සිංහලයින් 51%ක් සිටියා.  අද ඉන්නේ 28%යි.  යුද්ධය නිසා උතුරු සහ නැගෙනහිර පලාත් වලින් දෙමළ මුස්ලිම් අය ඇවිත් කොළඹ පදිංචි වුණා.  අන්තම අන්තවාදි සිංහල සංවිධානය ලෙස හඳුන්වන අය වත් ඒ අයට යන්න කියලා උද්ඝෝෂණය කලේ නෑ“ බස්නාහිර පලාතෙන් දෙමළුනි පිටවව්“ කියලා.  දෙමළ බෙදුම්වාදින් කොළඹ නගරයේ බෝම්බ පුපුරුවලා පාසල් දරුවන් කෑලි කෑලි වලට ඉරලා සුදු ඇඳුම ලෙයින් රතු පාට කලා.  අනාරක්ෂිත ගම්මාන වලට කඩා වැදිලා කිරි බොන පුංචි දරුවන් කකුල් දෙකෙන් අරන් මොල කෑලි එලියට පනින තුරු ඔළුව ගස් වල ගැහුව්වා.  රට රකින්න යුද බිමට ගිය අපේ තරුණයෝ දහස් ගණනින් මිනී පෙට්ටියෙන් ගෙදර එව්වා.  එවැනි පසුබිමක ජනතාවට කෙතරම් වේදනාවක් කේන්තියක් ඇති උනත් එම වේදනාව කේන්තිය උද්ඝෝෂණයක් බවට පෙරලලා දෙමළුනි බස්නාහිරින් පිටවව් කියල අපි කවුරුවත් කිව්වේ නෑ.

1981 දී උතුරු පලාතේ ජනතාවගෙන් 8%ක් සිංහල.  ඒ අය උතුරු පලාත අත් හැරියේ යුද්ධය නිසා.  ඒ අයට නැවත පදිංචි වෙන්න අයිතිය තිබිය යුතුයි.  ඒ වගේම ලංකාවේ ඕනෑම පලාතක දෙමළ අයට ජීවත් වෙන්න තිබෙන අයිතියම සිංහල අයට උතුරු පලාතේ තිබිය යුතුයි.  ඒ නැතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)ඌ වගන්තිය යටතේ ලංකාවේ ඕනෑම පුරවැසියෙකුට තමන් කැමති පලාතක වාසය කරන්න පුළුවන්.  ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරයෙකු වන විග්නේශ්වරන් මහතාට මෙතරම් ඉක්මනට ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් අමතක වීම කණගාටුවට කරුණක්.

“නැගිටිව් දෙමළුනි“ සංවිධානය කලේ උතුරේ මහ ඇමති විග්නේශ්වරන් මැතිතුමා.  තම නිල ලිපි ශීර්ෂ යොදා ගෙන තමයි ජනතාවට විරෝධතාවයට සහභාගි වෙන්න කියලා ආරාධනා පත්‍ර යැව්වේ.  ඒ වගේම පලාත් සභාවේ වාහන සහ නිලධාරීන් වැනි රාජ්‍ය දේපල මේ විරෝධතාවයට භාවිතා කළා.  ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට දෙමළ බෙදුම්වාදි උද්ඝෝෂණයක් රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වන්නේ.  එෆ්සීඅයිඩී දැන් විග්නේශ්වරන් අත්අඩංගුවට අරගෙන ඇප නැතුව රක්ෂිත බන්ධනාගාර ගත කරාවි දැයි අපි බලා ගෙන ඉන්නවා.

අපට මතකයි තිස්ස අත්තනායක මැතිතුමා සිරිසේන – රනිල් රහස් ගිවිසුමක් හෙලි කරලා ජාතිවාදය ඇවිස්සුවා කියලා පොලීසිය එතුමාව අත්අඩංගුවට ගත්තා.  නීතිපති එතුමාට එරෙහිව නඩු දැම්මා. උතුරේ හමුදා කදවුරු ඉවත් කරනවාය, උතුරේ ත්‍රස්තවාදයට නිදහස දෙනාවය කියලා ඇත්තටම මේ මහ පොළවේ අද සිදුවෙන දේවල් තමයි එතුමන් එදා කළින් හෙලිදරව් කලේ. වෙන්න තියෙන දේ කලින් කිව්වා කියලා එතුමන්ව අත්අඩංගුවට ගත්තනම් උතුරට සිංහලයන් එපා බුදු පිළිම එපා කියමින් සෘජුවම ජාතිවාදය අවුස්සන විග්නේෂ්වරම් මහත්තයට එරෙහිව, නීතිය නමන පොලිස්පති තුමන් , නීතිය කොත්තු දමන නීතිපති තුමන් නීතිය ක්‍රියාත්මක කරන දෙස අපි අවධානයෙන් දෑස් දල්වා බලා සිටිනවා. විග්නේශ්වරන් කෙසේ වෙතත් විග්නේශ්වරන් අත්අඩංගුවට ගත යුත්තේ ඇයි කියලා තාර්කිකව හේතු දක්වන මාව නම් ජාතිවාදය ඇවිස්සීම යටතේ අත්අඩංගුවට ගන්න ඉඩ තිබෙනවා.

2016 සැප්තැම්බර් 26 දින පිවිතුරු හෙළ උරුමය පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස්

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.