Featured

බෙදුම්වාදී සිරිසේන එලවන්න ..එන්න මේ ඔබේ වාරයයි…

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරය ලෙස පිලිගන්නේද නැද්ද යන් සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ සාක්‍ෂි ලබා දීම සදහා කැමැති ශ‍්‍රීලනිප සාමාජිකයින්ට ඒ සදහා අවස්ථාව ඇති අදාල නඩුවේ පැමණිලිකාර නීතිඥ සමාගම නිවේදනය කරයි.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණවට ඉදිරිපත් වන අවස්ථාවේ ඔහුගේ ශ‍්‍රීලනිප සාමාජිකත්වය අහෝසි කර තිබූ බවත් ඔහු තරග කරුනු ලැබුවේ ශ‍්‍රීලනිප ආපේක්‍ෂකයාට විරුද්දවත් නිසා ශ‍්‍රිලනිප නායකත්වය දැරීමට ඔහුට අයිතියක් නැතැයි අදාල නඩුවේ පැමිණිල්ල කියයි.

කොළඹ 10 ටි බි ජයා මාවත, අංක 307 දරන ස්ථානයේ පිහිටා ඇති පිලිගත් දේශපාලන පක්ෂය , එහි විධායක සභාව සහ සමස්ථ ලංකා කාරක සභාව අරභයා කොළඹ දිසා අධිකරණයේ අංක DSP/156/2016 දරණ නඩුව පවරා ඇත්තේ එකි නඩුවේ පැමිණිල්ලේ එන ආයාචනයට, එකි ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ, එහි විධායක කාරක සභාවේ හා හෝ සමස්ථ ලංකා කාරක සභාවේ කිසියම් අයෙකුට එකී නඩුවට ඇතුලත්ව වී පක්ෂව හෝ විරුද්ධව කරුණු කීමට හැකිවන පරිදි, සිවිල් නඩු විධාන සංග්‍රහයේ 16 වන වගන්තිය යටතේ, මෙම ප්‍රසිද්ධ දැන්වීම පලකොට ඇත.

මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් තරග කල බවත් ඊට විරුද්ධ පක්ෂය නියෝජනය කරමින් පොදු අපේක්ෂකයා ලෙස තරග කිරීමට එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛව සන්ධනයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වූ බවද සදහන් කරන පැමිණිලිකරුවන් එම ජනාධිපතිවරණයේ දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛව සන්ධාන අපේක්ෂකයා පරාජයට පත්ව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පත් වු පසු තමා පරාජය කල පක්ෂය සහ එහි නායකත්වය ලබා ගැනිම අභියෝගයට ලක් කරමින් මෙම නඩුව අධිකරණය හමුවේ ගොනු කර තිබේ.

මේ සම්බන්ධයෙන් එම සමාගම විසින් පල කර ඇති පුවත්පත් දැන්වීම පහත දැක්වෙයි.

fgggg

Top