Breaking
25 Feb 2025, Tue

බොරු කියන්න ගිහින් ඇන ගන්න එපා …සිරිසේනට රතු අලි පැටියාගේ වපර මල්ලිගෙන් ලිපියක්

“2015 ජනවාරි 08 වෙනිදාට කලින් හොර වංචා දුෂණ – සියල්ල අපි හෙළි කලා. අලුතින් පක්ෂ හදන්න ආවොත් මෙතෙක් කල් නොකරපු – මෙතෙක් කල් රහස් විදිහට තියාගෙන හිටපු සියළු දේවල් ඔක්කොම රටට හෙළි කරනවා එහෙම කරලා ඒ අයට පාරෙ ඇවිදින්න වෙන විදිහට කටයුතු කරනවා.”

පනික්කි රාළලාගේ මෛත්‍රීපාල සිරිසේන මාතරදි කල ප්‍රකාශ සම්බන්ධයෙන් රතු අලි පැටියාගේ වපර මල්ලි සිරා ලිපියක් ලියා තිබේ.
2016. 08. 23
අතිගරු ජනාධිපති
මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ 01.

ගරු ජනාධිපතිතුමනි,

හිටපු පාලකයාගේ සඟවාගෙන ඇති රහස් හෙළි කරන්න

ඔබතුමන් විසින් පසුගිය දිනක මාතර පැවති ජනහමුවකදී කළ ප‍්‍රකාශයක් පිළිබඳවයි. එහිදී ඔබතුමන් විසින් හිටපු පාලකයා ලෙස හඳුන්වමින් කථා කර ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිස පිළිබඳවයි. ඔවුන් විසින් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට එරෙහිව ගෙනයන කි‍්‍රයා මාර්ගය අඩපන කිරීම සඳහා පසුගිය පාලන සමයේ කරන ලද හිටපු පාලකයින්ගේ රහස් හෙලිකරන බවට කරන ලද තරවටුවකි. 2015 ජනවාරි 08 දින ජනාධිපතිවරණයේදී හිටපු පාලකයින්ව එළවා දැමීමට රටේ ජනතාව ඡන්දය පාවිච්චි කළේ කිසිවෙකුගේ රහස් රැකීමට නොවන බව ඔබතුමාට අදහසක් ඇතැයි අප විශ්වාස කරමු.

රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත්, මහජන දේපල කොල්ලයටත් එරෙහිව නැගී සිටි ජනතාව ජීවිත පරදුවට තබමින් රාජපක්‍ෂ හවුල් පාලනයට එරෙහිව කටයුතු කළේය. එසේ කටයුතු කළ සියලූදෙනාගේ අපේක්‍ෂාව වූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කර නීතියට බලපෑම් නොකර, දූෂිතයන්ට දක්‍ෂුවම් දීමට ඔබතුමා ප‍්‍රමුඛ රජය කටයුතු කරනු ඇතැයි යන්නය.

ඔබතුමන් විසින් මාතර දී කරන ලද ප‍්‍රකාශය එසේ විශ්වාසයෙන් කටයුතු කරන ලද ජනතාවගේ අපේක්‍ෂාවන්ට පයින් ගැසීමකි. පසුගිය රාජපක්‍ෂ පාලන සමය තුල සිදුකරන ලද මහා පරිමාණ වංචා දූෂණ පිළිබඳවත්, ඒවාට නීතිය කි‍්‍රයාත්මක වීම පිළිබඳවත් ජනතාවට ඇත්තේ සැකයක් හා අතෘප්තියකි. එය තවදුරටත් ඔබතුමාගේ ප‍්‍රකාශයෙන් තහවුරු කර ඇත. ඔබතුමන් විසින් සඳහන් කරන ලද රහස් විය හැක්කේ මහජන දේපල කොල්ලකෑම, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි කි‍්‍රයා මෙන්ම රාජපක්‍ෂ පවුල් පාලනයට එල්ල වී ඇති චෝදනාවන් පිළිබඳවය. ඒවා රහස් මෙන් රැකගෙන කටයුතු කිරීම බරපතල තත්වයකි. ඒවා පිළිබඳව දැනගැනීමට රටේ ජනතාවට ශුද්ධ වූ අයිතියක් ඇත. එම තොරතුරු හෙළි නොකර රඳවා තබා ගැනීම ඔබතුමන් බලයට ගෙන ඒමට චන්දය දුන් 62 ලක්‍ෂයක් ජනතාවගේ ජනමතයට එරෙහි වීමකි. රාජපක්‍ෂ පාලන සමයේ අවසාන මාස කිහිපය තුල ඔහු සිදුකළ ආකාරයටම, දේශපාලන දඩයමක් සඳහා රාජපක්‍ෂ පාලන සමයට අදාල වැදගත් තොරතුරු රහස් ලෙස තබා ගනිමින්, ඒවා රාජපක්‍ෂ මහතා ශී‍්‍රලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය ලබා ගැනීම සඳහා කරන අරගලය අඩපන කිරීමට පාවිච්චි කිරීම කිසිසේත් අනුමත කළ නොහැක්කකි.

ගරු ජනාධිපතිතුමනි,

පසුගිය පාලන සමයේ පාලකයින් විසින් කරන ලද සියළු කි‍්‍රයාකාරකමි (වංචා, දූෂණ, මිනිමැරුම්) පිළිබඳව දැනගැනීමට අපට ඇති අයිතියට මෙන්ම ජනතාවට ඇති අයිතිය ඔබතුමන් විසින් වළක්වමින් ඇති බවට ඔබතුමන්ගේ ප‍්‍රකාශයෙන් තහවුරු වෙයි. එබැවින් නීතියට සාධාරණව කි‍්‍රයාත්මක වීමට ඉඩ හැර පසුගිය පාලන සමයේ සිදුකරන ලද සියළු දූෂිත කි‍්‍රයා පිළිබඳව තොරතුරු ජනතාවට දැන ගැනීමට සලස්වන ලෙස ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු.

එසේම ඔබතුමා විසින් නව පක්‍ෂ හැදුවොත් පසුගිය පාලන සමයේ පාලකයින්ගේ රහස් හෙලි කරනවා යැයි සඳහන් කළ තොරතුරු ජනතාවට දැන ගැනීම සඳහා හෙළි කරන ලෙසද දුෂණ විරෝධි හක්‍ෂ සංවිධානය ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

ස්තුතියි.
මෙයට විශ්වාසී,
වසන්ත සමරසිංහ
කැඳවුම්කරු
දුෂණ විරෝධි හඩ

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.