Breaking
23 Feb 2025, Sun

බොරු නඩු දාන නුසුදුසු අන්දමට පත්වුණු නීතිපති වරයෙක් සහ පොලිස් පති වරයෙක්… ඩී.ඒ. රාජපක්ෂ පදනම රජයට පාඩු සිදු කලාද? තක්සේරු වාර්තාව මෙන්න

ඩී.ඒ. රාජපක්ෂ පදනම පහත්බිම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට මිලියන 33.9ක්  මේ වනවිටත් ගෙවා තිබියදි ඩී.ඒ රාජපක්ෂ පදනමේ මිලියන 93ක් වටිනා ඉදිකිරීමක් කරගෙන එයට මුදල් ගෙවා නොමැතිව මූල්‍ය වංචාවක්, සිදුකල ට චොදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ට එරෙහිව අධිකරණය ඉදිරියේ නඩු පවරා තිබුනද තක්සේරු දෙපාර්තමේන්තුව විසින් 2017 ජූලි මාසයේ 03 වෙනිදා, ප්‍රධාන තක්සේරු කරු මූල්‍ය අපරාධ කොට්ඨාශය භාර නියෝජ්‍ය  පොලිස්පති වෙත යැවු ලිපියට අනුව තක්සේරුව රුපියල් මිලියන 33.7යි.

ඒ අනුව පහත්බිම්  ගොඩකිරීමේ සංස්ථාවට වැඩිපුර ගෙවා ඇති ලක්ෂ දෙක ඩී.ඒ. රාජපක්ෂ පදනමට ආපසු භාරදිය යුතු වන අතර පැමිණිල්ලද සම්පූර්ණ අසත්‍යක් බව තහවුරු වෙනවා.

ඊයේ දින (2017.12.14 ) කොළඹ එන් එම් පෙරේරා මධ්ය.ස්ථානයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්යම හමුවට එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වු අදහස්.

ගෝඨාභය මැතිතුමන් සම්බන්දයෙන් නඩුවක් හෙටත් විභාග වෙන්න තියෙනවා. ඩී.ඒ රාජපක්ෂ පදනමේ මිලියන 93ක් වටිනා ඉදිකිරීමක් කරගෙන එයට මුදල් ගෙවා නොමැතිව මූල්ය වංචාවක්, ආන්ඩුවට පාඩුවක් සිදු කළ බවයි ඉන් කියවෙන්නේ.

ඩී.ඒ. රාජපක්ෂ පදනම පහත්බිම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට මිලියන 33.9ක් මේ වනවිටත් ගෙවලා තියෙන්නේ. නමුත් ඒ අය කියනවා ගෙවිය යුතු මුදල මිලියන 93යි කියලා. අද මට ලැබුණා තක්සේරු දෙපාර්තමේන්තුව විසින් 2017 ජූලි මාසයේ 03 වෙනිදා, ප්රකධාන තක්සේරු කරු මූල්යේ අපරාධ කොට්ඨාශය භාර නියෝජ්යේ පොලිස්පති වෙත යැවු ලිපිය.

මෙහි සදහන් ලෙසට ඉදිකිරීම් පිරිවැය සම්බන්ධයෙන් තක්සේරු දෙපාර්තමේන්තුව තක්සේරුව රුපියල් මිලියන 33.7යි. එහෙමනම් ගෝඨාභය මහත්තයා හෝ ඩී ඒ රාජපක්ෂ පදනම පහත්බිම් ගොඩකිරීමේ සංස්ථාවට ගෙවන්න තියෙනවා නෙමෙයි, පහත්බිම් ගොඩකිරීමේ සංස්ථාවට වැඩිපුර ගෙවා ඇති ලක්ෂ දෙක ඩී.ඒ. රාජපක්ෂ පදනමට ආපසු භාරදිය යුතුයි.

මේ වැදගත් ලිපිය නීතිපති දෙපාර්තමේන්තුවේ තිබෙන බවට මට තහවුරු වෙලා තිබෙනවා. මේ ලිපිය යවලා තියෙන්නේ මූල්යත අපරාධ කොට්ඨාශය භාර ජේෂ්ඨ නියෝජ්යබ පොලිස්පති වරයාට. මෙසේ තිබියදී තමයි බී වාර්ථාවක් උසාවියේ ගොනු කරන්නේ ඩී.ඒ. රාජපක්ෂ පදනම මිලියන 93ක් ගෙවීමට තිබෙනවා. එය නොගෙවීමෙන් ආණ්ඩුවට මූල්යරමය පාඩු සිදුවී තිබෙනවා යැයි පවසමින්.

ඒ නිසා තනතුරුට නුසුදුසු අන්දමට පත්වුණු නීතිපති වරයෙක් සහ පොලිස් පති වරයෙක් මේ රටේ සිටින නිසා අපිට නීතිය ඉදිරියේ ජනතාවට සාධාරණය ඉටුවෙන් නෑ කියන එකට මේක කදිම සාක්ෂියක්.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.