Anonymous Reporter

බෝදරගමට වාසනාව පෑදෙන ලකුණු!

රුපියල් කෝටි 300 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනිමට මෙහෙයුමක් දියත් කිරිම හේතුවෙන් 11 වැනිදා සේවය අවසන් කිරිමට සිටි සුරාබදු කොමසාරිස් ජනරාල් ආරියදාස බෝදරගමට සේවා දිගුවක් ලබාදිමට සුදානමක් පවතින බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ සේවා දිගුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේද අවධානය යොමුවි ඇති අතර කැබිනට් රැස්වීමේදි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තින්දුවක් ගනු ඇති බවයි අප විශේෂ වාර්තාකරු සදහන් කළේ.

ඩුබායි රටේ සැඟව සිටින ජූඩ් නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් මෙරටට බෝට්ටු මගින් එවන ලද බව කියන හෙරොයින් මත්කුඩු කිලෝ 100 හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100 ක් ඒවා ප්‍රවාහනය සඳහා යොදා ගත් වෑන් රථයක් මෝටර් රථ දෙකක් සහ ට්‍රක් රථයක් ද සමග පුද්ගලයන් හතර දෙනෙක් මාරවිල තොඩුවාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනිමට සමත් වුනා.

මසකට ආසන්න කාලයක් සුරාබදු නිලධාරින් හා සුරාබදු බුද්ධි අංශය දැවැන්ත මෙහෙයුමකින් පසුව මෙම වැටලීම කර ඇති අතර, මෙම මත් ද්‍රව්‍ය තොගය ශ්‍රී ලාංකික මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් සූක්ෂම ලෙස ප්‍රවාහනය කිරීමට කටයුතු කර තිබියදී අත්අඩංගුවට ගැනිමට සමත් විය.

සුරාබදු දෙපාර්ත්තුමේන්තුව පවසන්නේ මෑත ඉතිහාසයේ තම දෙපාර්තමේන්තුව මගින් සිදු කල විශාලතම වැටලීම මෙය බවයි.

මාස හයක සේවා දිගුවක් සදහා යෝජනා වි සිටි සුරාබදු කොමසාරිස් ඒ බොදරගමගේ වහාම ක්‍රියාත්මක වන පරිදි එම සේවා දිගුව අවසන් කිරිමට තිරණය කර තිබේන බව පසුගියදා ඇතැම් වෙබ් අඩවි වාර්තාකර තිබුනා.පාර්ලිමේන්තුව තුලදිද සුරාබදු කොමසාරිස් ජනරාල් ආරියදාස බෝදරගම පසුගිය දින කිහිපයේම කතාබහට ලක්වු චරිතයක් බවට පත්වුනා.

11 වැනිදා ගෙදර යවන්න හිටියේ…

ඊට හේතු වි තිබුනේ සුරාබදු කොමසාරිස්වරයා රජයට නොලැබුන බිලියන ගණනක බදු මුදල් යලි අයකර ගැනිම සදහා බදු වංචා රැසක් හෙලිකිරිමට ද දායකත්වය ලබාදිම, කෝටි 100කට අධික බදු වංචාවක් හේතුවෙන් සීල් තැබු ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගමේ බලපත්‍රය බදු නොගෙව යලි නිකුත් කිරිමට විරුද්ධ විම,මෙන්ඩිස් අරක්කු සමාගමේ බිලියන ගණනක බදු අයකර නොගෙනම යලි විවෘත කිරිමට ඉඩ දිමට විරුද්ධත්වය පලකිරිම ඇතුලු සිද්ධින් කිහිපයකි.

මෙන්ඩිස් අරක්කු සමාගම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බිලියන 6ක බදු මුදලක් මෙන්ම ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට බිලියන 1.1ක බදු මුදලක් ගෙවිමට තිබේ.මේ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගමේ කෝටි 100කට අධික බදු වංචාවක් සම්බන්ධයෙන් පසුගියදා සිංහලේ සංවිධානයේ මහා ලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් අනාවරණය කල අතර එහිදි සුරාබදු කොමසාරිස් ඒ බොදරගමගේ සමාග කල පටිගත කල දුරකථන සංවාදයක් විකාශනය කිරිම සහ එම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණයක් සදහා විහාරස්ථානයට පැමිණිමත් සමග ඇතිවු නොසන්සුන්තාවය හේතුවෙන් ඇතැම් පුද්ගලයන් සහ කණ්ඩායම් කල බලපෑම් මත සේවා දිගුව නතර කිරිමට මුලික වි තිබුනා.

Top