Breaking
24 Feb 2025, Mon

බෝපගේ නිවේදනය යැවුවේ මෛත්‍රීගේ ඉල්ලිමට-බෝපගේ ඉවත් කරනු අගමැතිගෙන් නියෝග

ජනාධිපතිවරයා සතුටු කිරිම සදහා ඒකාබද්ධ විපක්ෂය බන්ධනයට ලක්කිරිමට මාධ්‍ය නිවේදන ලියු මෛත්‍රීපාල සිරිසේනගේ ජඩ මාධ්‍යවේදී, ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ වහාම එම තනතුරින් ඉවත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලකට නියෝග කර ඇති බව අමාත්‍යංශ ප්‍රකාශකයෙකු සදහන් කළා.

නව රජයේ මාධ්‍ය ප්‍රතිපත්තියට හා සිය රාජකාරියට පටහැනිව කටයුතු කිරීම සහ ජාතික ආණ්ඩුවේ ප්‍රතිපත්ති මත නොපිහිටා එක එකාගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් නිවේදන නිකුත් කරන පුද්ගලයන් අවශ්‍ය නැති බව අගමැති ඇමතිවරයාට දන්වා තිබේ.

ජඩ මාධ්‍යවේදී, ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ ලේකම් ධුරයට පත්වී ප්‍රථම නිල රාජකාරිය වශයෙන් “උතුම් වූ මාධ්‍ය නිදහස අවභාවිත නොකරමු” යන මැයෙන් හා ඒකාබද්ධ විපක්‍ෂය ලෙස හැඳින්විය යුතු නැතැයි මැයෙන් මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් මතු වූ ගැටලුව පිලිබදව අගමැතිවරයා නිමල් බෝපගේන් ප්‍රශ්ණ කර ඇති අතර එම නිවේදනය ජනාධිපතිවරයාගේ ඉල්ලිම මත තමන් ලියා යැවු බවද ඔහු පිළිගෙන තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.