LNN SPY

භාෂා අයිතිය අහිමි කිරීම සම්බන්ධව අභියාචනාධිකරණ සභාපති විනිසුරුට සහ තවත් විනිසුරුවරයකුට එරෙහිව නීතීඥවරයෙක් ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට පැමිණිලි කරයි.

භාෂා අයිතිය අහිමි කිරීම සම්බන්ධව අභියාචනාධිකරණ සභාපති විනිසුරුට සහ තවත් විනිසුරුවරයකුට එරෙහිව නීතීඥවරයෙක් ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැමිණිලි කරයි.

අභියාචනාධිකරණයේ වර්තමාන සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  24.2ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කරමින් සිංහල භාෂවෙන් ඉදිරිපත් කළ පෙත්සම සදහා විවෘත අධිකරණයේදීකරුණු තහවුරු කිරීමට අවස්ථාව නොදීම සහ අභියාචනාධිකරණයේ කරුණු තහවුරු කිරීමට ඉංග්‍රීසි භාෂාවෙන් අභියාචනාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළ යුතු බවට ප්‍රකාශ කිරීම ඇතුළුව සම්බන්ධව සුදුසු පියවර ගන්නා ලෙසත් ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු ලෙස පත්කිරීමට හෝ නිර්දේශ කිරීම සිදුකිරීමේ එකී ක්‍රියාවන් සළකිල්ලට ගන්නා ලෙසත් ඉල්ලා සිටීමින් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ කථානායක කරු ජයසූරිය ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් ‍වෙත ලියාපදිංචි තැපෑලෙන් දැන්වීම් යොමු කර ඇත.

එකී දැන්වීම යොමු කිරීමට අදාල සිදුවීම මෙසේ ය.

කොළඹ අංක 06 මහාධිකරණයේ විනිසුරුවරයා විසින් විභාග කරනු ලබන නඩුවක් සාධාරණව සහ අපක්ෂාතීව විභාග නොකරන හෙයින් 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ විධිවිධාන යටතේ වෙනත් මහාධිකරණයකට නඩුව මාරුකර ගැනීම සදහා සේවාදායකගේ උපදෙස්මත සිංහල භාෂාවෙන් පෙත්සමක් සහ දිව්රුම් ප්‍රකාශයක් සහ ඇමිණුම් ඉදිරිපත් කර අධිකරණ සංවිධාන පනතේ 46 වගන්තිය විධිවිධාන යටතේ සහන පතා අභියාචනාධිකරණයට 2018.03.05 දින එකී නීතීඥවරයා CA/TR/04/2018 සේවාදායකයා වෙනුවෙන් නඩුව පවරා ඇත.කොළඹ අංක 06 මහාධිකරණයේ නැවත නඩුව 2018.03.13 දිනට විභාගයට නියමිත හෙයින් එකී මහාධිකරණයෙන් වෙනත් මහාධිකරණයකට නඩුව මාරු කිරීමේ ඉල්ලීම 2018.03.13 දිනට පෙර කරුණු තහවුරු කිරීමට අවශ්‍ය බවත් නොඑසේ බලවත් අයුක්තියක් වන බවත් අභියාචනාධිකරනයේ අවධානයට යොමු කර ඇත.

එකී නඩුව 2018.03.08 දිනට කරුණු තහවුරු කිරීම සදහා අභියාචනාධිකරණය නියෝග කර ඇති අතර ඒ අනුව 2018.03.08 දින විවෘත අධිකරණයේදී කරුණුතහවුරු කිරීමට සූදානම් වූ අවස්ථාවේ සිංහල භාෂාවෙන් පෙත්සම ඉදිරිපත් කර ඇති හෙයින් කරුණු තහවුරු කිරීමට අවස්ථාව නොදී, වළක්වාවෙනත් කරුණු අතර අභියාචනාධිකරණයේ කරුණු තහවුරු කිරීමට ඉංග්‍රීසි භාෂාවෙන් අභියාචනාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළ යුතු බවට දක්වමින් අභියාචනාධිකරණයට සිංහල භාෂාවෙන් පෙත්සම් ඉදිරිපත් කළ හැකිද? යන්න සම්බන්ධ නියෝගය සදහා කරුණු දැක්වීමට නඩුව මාස ගණනාවක් ඈත දිනයකට කල් දමා ඇත.

සිංහල භාෂාවෙන් පෙත්සම් සහ දිව්රුම් ප්‍රකාශ ඉදිරිපත් කර තිබූ හෙයින් විවෘත අධිකරණයේ දී 2018.03.08 දින කරුණු තහවුරු කිරීම සදහා අවස්ථාව නොදී මාස ගණනාවක් නඩුව කල් දැමීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24.2ව්‍යවස්ථාව බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවත් Coomaraswamy V. Shanmugaratna Iyar And Anotherනඩුවේ තීරණය නොසළකා සිටීමක් බවත්උපරිමාධිකරණවල අධිකරණ භාවිතය නොසළකා සිටීමක් බවත්” සිය සේවාදායකයා අභියාචනාධිකරණයේ සහන පතා පැමිණි කාරණය පසෙක තබාසහ ඒ සම්බන්ධව කරණු තහවුරු කිරීමට අවස්ථාව නොදීඅභියාචනාධිකරණයට සිංහල භාෂාවෙන් පෙත්සම් ඉදිරිපත් කළ හැකිද යන්න සම්බන්ධව කරුණු විමසා අදාල නියෝගය එනම් සිංහල භාෂාවෙන් පෙත්සම් ඉදිරිපත් කළ හැකිද යන්න සම්බන්ධ නඩුව කැදවීමට මාස ගණනාවක් පසුව එන ඉදිරි දිනයක් ලබා දෙන බව කියා නඩුව කල් දැමීමෙන් නීතීඥවරයකුට හිමි භාෂා අයිතිය සම්බන්ධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන උල්ලංඝනය කිරීමක් බවත්සිංහල භාෂාවෙන් අභියාචනාධිකරණයේ නඩු පැවරීමට පුරවැසියන්ට ඇති අයිතිය වැළක්වීමක්/ අහිමිකිරිමක් බවත් අවධානයට යොමු කරමින් නීතීඥවරයා ජනාධිපතිවරයාට සහ ව්‍යවස්ථා සභාවට දැන්වීම යවා ඇත.

සාධාරණව සහ අපක්ෂාතීව නඩුව විභාග කර ගැනීම සදහා අංක 06 මහාධිකරණයේ නඩුව වෙනත් මහාධිකරණයකට මාරු කර ගැනීම සදහා පෙත්සමෙන් බලාපොරොත්තු වූ සහනය අයද සිටීම සදහා කරුණු තහවුරු කිරීම,සිංහල භාෂාවෙන් පෙත්සම ඉදිරිපත් කිරීම මත ඉහත අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනා 2018.03.08 දින අහිමි කළ බවත් නමුත් මෙයට පෙර අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිංහල භාෂාවෙන් පෙත්සම් ඉදිරිපත්කර කරුණු තහවුරු කර දීර්ඝ පුහුණුවක් සහ අත්දැකීම් සහ හැකියාව සහ පරිචය ඇති බවත් නීතීඥවරයා ජනාධිපතිවරයාටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවටත් දන්වා යවා ඇති අතරඅභියාචනාධිකරණ CA/TR/04/2018 අංක දරන නඩුවේ දී 2018.03.08 දින සිංහල භාෂාවෙන් පෙත්සම ඉදිරිපත් කිරීම මත කරුණු තහවුරු කිරීමට ඉඩ නොදීම හේතුවෙන් නීතීඥවරයෙකු ලෙස ඔහුගේ වත්තීය අයිතිවාසිකම් අහිමි කිරීමට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් භාෂාව සම්බන්ධව ලබාදීඇති ආරක්ෂාව,වෙනස්කමකට ලක් නොවී සිටීමට ඇති අයිතිය ඇතුළු අයිතිවාසිකම් අහිමි කිරීමට ඉහත අභියාචනාධිකරණ විනිසුරුවරු විසින් ක්‍රියා කර ඇති බව නීතීඥවරයා පෙන්වාදී ඇත.

ඒ අනුව මේ සම්බන්ධව සුදුසු ක්‍රියාමාර්ග ගෙන ජනතාවගේ භාෂා අයිතිය ආරක්ෂා නොකරන විනිසුරුවරුශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු ලෙස පත්කිරීමට හෝ නිර්දේශ කිරීම සිදුකිරීමේදීඉහත කරුණු සළකා බලන ලෙස

නීතීඥ අරුණ උණවටුන මහතා ජනාධිපතිවරයාගෙන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ඉල්ලා ඇත.

එම නීතීඥවරයා එකී දැන්වීමේ පිටපත් රාජ්‍ය භාෂා කොම්ෂන් සභාවේ සභාපතිවරයාටත්, රාජ්‍ය භාෂා කොමසාරිසටත්, නීතිපතිවරයාටත් යොමුකර ඇත.

Top