Breaking
23 Feb 2025, Sun

මංගලගේ පුංචි මොලේ සහ මංඤං රාජ්‍යතාන්ති‍්‍රක පිළිවෙත්

ඇමති මංගල සමරවීර විදේශ ඇමති ධූරය දරන්නේ දෙවන අවස්ථාවටයි. ඒ නිසා ඔහු අතින් මංඤං රාජ්‍යතාන්ති‍්‍රක පිළිවෙත් අපේක්ෂා කළ නොහැකිය. සාමාන්‍යයෙන් විදේශ රාජ්‍ය නායකයෙක්, අගමැතිවරයෙක් හෝ ඇමතිවරයෙක් පිළිගන්නා ක‍්‍රමවේදයක් පවතී. ඒ අනුව රතු පලස මතින් පිළිගන්නේ රජ කෙනෙක්, ජනාධිපතිවරයෙක් හෝ විධායක අගමැතිවරයෙක් පමණි. එසේ වුවත් ඇමතිවරයෙක් රතුපලසින් පිළිගන්නට ලංකාවේ විදේශ ඇමති මංගල සමරවීර අද කටයුතු කිරීම විහිලූවකි. අද දින ලංකාවේ විදේශ ඇමතිවරයා විසින් ජර්මනියේ ෆෙඩරල් විදේශ ඇමති ෆ්රෑන්ක් වොල්ටර් සටෙයින්මර් මහතා පිළිගත්තේ නාවික සහ ගුවන් හමුදා නැටුම් කණ්ඩායමක් සහිතව රතුපලසක් මතින් විදේශ කටයුතු අමාත්‍යංශ පරිශ‍්‍රයේ දී ය. එසේම ජාතීන් නියෝජනය කරමින් කුඩා පාසල් දරුවන් තිදෙනෙක්ද මෙම පිළිගැනීමට එක්වූහ. එක් දරුවෙක් ජර්මන් විදේශ ඇමතිවරයාට මල්මාලයක් පළඳවන ලදී. ඇමති මංගල මෙවන් අකටයුත්තක් කරන්නේ රාජ්‍ය පිළිගැනීම් උත්සවයන් සඳහා කුඩා දරුවන් යොදා නොගන්නා ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබියදීය. මෙවන් අච්චාරු උත්සවයක් විදේශ කටයුතු අමාත්‍යංශ පරිශ‍්‍රයේ පැවැත්වූයේ ප‍්‍රථම අවස්ථාවට බව විදේශ සේවයේ බොහෝ අයගේ අදහසයි.

ඇමති මංගල මෙතරම් බැගෑපත් ව ජර්මන් විදේශ ඇමතවරයා පිළිගන්නට කටයුතු කෙළේ මන්ද? ජර්මනියේ වොක්ස්වැගන් සමාගම ලංකාවේ කම්හලක් ආරම්භ කරන්නට අදහස් කර ගත්තේ ජනවාරි 08 පෙරළියත් සමගයි. ඒ වෙනුවෙන් මුල් වී කටයුතු කෙළේ ආචාර්ය හර්ෂද සිල්වා ඇමතිවරයායි. එහෙත් එම ලකුණු තමන්ට දමා ගන්නට මංගල කටයුතු කරන බවක් අද පෙන්නුම් කෙළේය. මංගල තනියෙන් කි‍්‍රඩා කරන්නට කැමැත්තෙකි. මේ නිසාම ඔහු අන් අය අමතක කර තනියම ඡන්ද සටන මෙහෙයවීම නිසා මාතරින් එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයක් ලැබුවේය. ඔහුගේ පණ්ඩිත ගෝලයන්ගේ කීම මත මානව හිමිකම් සැසියේදී ඉල්ලන් කෑවේය. ඔහු ලංකාවට ඉල්ලන් කන්නට සැලැස්සුවේ නොදන්න හයිබි‍්‍රඞ් උසාවියක් ලබා ගැනීමට කැමැත්ත ප‍්‍රකාශ කරමිනි. දැන ගන්නට ඇති අන්දමට මෙම විකාර උත්සවය සංවිධානය කර ඇත්තේ සජින්වාස්ගේ අතකොලූවක් ලෙස කටයුතු කර ආණ්ඩු පෙරලියත් සමග කරණමක් ගැසූ විදේශ කටයුතු අමාත්‍යංශයේ සංධාන නිලධාරී අම්සා නැමැත්තාගේ ලණූ කෑමක් නිසාය.

කෙසේ වෙතත් කවුරු රටට පැමිණියත් කුමක් දෙන්නම් යැයි සඳහන් කළද රටකට ඇති ආත්ම ගරුත්වය පාවාදීම මෙන්ම පිළිගත් රාජතාන්ති‍්‍රක සම්ප‍්‍රදායන් කඩ කිරිම සුදුසු නොවේ. පිළිගත් සමාජ චර්යාවන්ගෙන් මෙපිට සිට කටයුතු කරන කෙනෙක්ගෙන් මීට වඩා දෙයක් බලා පොරොත්තු වන්නා එක්කෝ මෝඩයෙකි නැතහොත් පිස්සෙකි. මංගල මානව හිමිකම් කොමිසමෙන් කණේ පාරක් කන හැටි ළගදීම දැක ගන්නට හැකිය. ලංකාවට සුදුසු විදේශ ඇමතිවරයෙක් සොයා ගැනිමට දැන් සිටම ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බව කාගේත් අදහසයි.

මෙය හිතකර ගනුදෙනුවක් නොවේ.

විශේෂ ලියුම්කරුවෙකු විසිනි

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.