LNN SPY

මංගලගේ මුදල් ඇමති පට්ටම ගැලවේ….ඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගමත් රජයට

පළාත් පාලන මැතිවරණ අවසන් වු වහාම සිදුකරන අමාත්‍ය සංශෝධනයේදි වත්මන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතාගේ මුදල් අමාත්‍යධුරය ඉවත් කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තිරණය කර තිබේන බව එජාප ජ්‍යෙෂ්ඨයෙකු අප විශේෂ වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.

මත්පැන් අලෙවිසැල් පෙ.ව 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබීමටත් කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමටත් කටයුතු කරමින් මුදල් ඇමැතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය අප්‍රසාදය ඉන්දියාවෙ සිටි මංගල ඇමතිවරයාට කෙලින්ම ප්‍රකාශ කර ඇති අතර පසුව ඒ සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන්ද විමසා තිබේ.

පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මංගලගේ ගැසට් පත්‍රස සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති අතර එම කරුණු දැක්විමද නොතකා ජනාධිපතිවරයා මංගලගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බැණවැදි ඇති අතර “මැතිවරණයෙන් පසුව සිදුකරන අමාත්‍ය සංශෝධනයේදි මංගලගේ මුදල් අමාත්‍යංශ ඉවත් කරන බවද සදහන් කර තිබේ.”

මේ අතර අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ මංගලගේ මුදල් අමාත්‍යංශය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකුට පවරා දිමට සුදානමක් ඇති බවයි.

මේ අතර කලුතර අගලවත්තේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රැලියට එක්වෙමින් ජනාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන ලෙස මුදල් ඇමැතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට නියෝග කරන බව ප්‍රසිද්ධියේ කියා සිටියා.

මේ අතර බැඳුම්කර වංචාව හේතුවෙන් රජයට අහිමි කළ මුදල පියවා ගැනීම සඳහා අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් මෙන්ඩිස් සමාගම පවරා ගැනීමට ජනාධිපතිවරයා කටයුතු සුදානම් කර තිබේ බවද වාර්තා වේ.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාවට අනුව අදාල බැඳුම්කර නිකුතුව හරහා රජයට රුපියල් මිලියන 11,145 ක පාඩුවක් සිදුව ඇති අතර එය අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් අයකර ගත යුතු බව කොමිසම විසින් නිර්දේශ කර තිබේ.

මෙන්ඩිස් සමාගම යනු මෙරට අංක එකේ මත්පැන් නිෂ්පාදන සමාගමක් වන අතර එය අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් ව්‍යාපාර අතුරින් ප්‍රධානතම ව්‍යාපාරයකි.

Top