Breaking
4 Mar 2025, Tue

මංගලගේ ලෝකය හා අපේ ඩිප්ලොමසිය

“ඩිප්ලොමසිය යනු නියම වේලාවට හරි දේ ප‍්‍රකාශ කිරීම හෝ හරි දේ කිරීමට වඩා වැරදි දේ සහ වැරදි ප‍්‍රකාශයන් හැම විටම කිරීමෙන් වැලකීමයි.” බෝ බෙනට් – ඇමරිකානු සෙනෙට් සභික

කෙනෙකුට තමන්ටමවූ ලෝකයක් සාදාගෙන එහි සැරිසරන්නට හැකිය. එය පෞද්ගලික තත්ත්වයකි. එහෙත් කෙනෙකුගේ පෞද්ගලික ලෝකය රටකට ප‍්‍රශ්නයක් වන්නේ නම් කුමක් කළ යුතුද? විශේෂයෙන්ම එම රට ශී‍්‍ර ලංකාව වීම තවත් ගැටලූවක් නොවන්නේද? අද ලංකාවේ ඩිප්ලොමසිය සහ ජාත්‍යන්තර කටයුතු සිදුවන්නේ මංගලගේ ලෝකයට සුදුසු විදිහටයි. එහෙත් එය මහජනතාවට අවශ්‍ය විදිහ නොවේ. මංගලගේ සෙප්ප්ඩ විජ්ජාවන් තුළින් ජාත්‍යන්තරය සදාකාලිකව රැවටීම උගහටය. ලාංකිකයන් නොමග යැවීමද එතරම් ලෙහෙසි වන්නේ නැත. එසේ නම් කුමක්ද මේ මංගලගේ ලෝකය? එය අරා සිටින්නෝ කවරුහුද? මංගලගේ අනාගත සැලසුම් මොනවාද? යන්න කිරා මැන බැලිය යුතුවේ. ඒ තුළින් ජාත්‍යන්තරයේ අප වර්තමානයේ සිටිනා ස්ථානය මැනවින් හඳුනාගත හැකිය.

වරක් ප‍්‍රචලිත කථාවක් වූයේ හමීඞ් ඇමතිතුමා ලංකාවට පැමිණෙන්නේ ඇඳුම් මාරු කිරීමට පමණක් යන්නය. තවත් කළකින් සමාජයේ විසිරුණූ අදහසක් වූයේ ලක්ෂ්මන් කදිර්ගාමර් ඇඳුම් මාරු කරන්නේද ඩුබායි සිට බවය. ඇමති මංගල සමරවීර ඇඳුම් මසා ඇඳගන්නේ ගුවන් යානය තුළය.

මෙම සරළ කාරණයෙන් ද්වනිත වන ගැඹුරු කථාවක් ඇත. විදේශ ඇමති පිටරට යා යුතුයි. එහෙත් හැම අස්සක් මුල්ලකම යෑම නොකළ යුතුයි. ඒ මක්නිසාද යත් ලංකාව වටේ ගොස් පොදු මහජනතාවගේ, උගතුන්ගේ සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිසගේ අදහස් ද දැන ගත යුතුයි. ග‍්‍රහනය කරගත යුතුයි. එම අදහස් ගොන්න තුළ හොවා ලංකාවේ විදේශ ප‍්‍රත්පත්තියට අදාල කරුණ කලානූරූපව සකස් කළ යුතුයි. මංගලට එවන් හුරුබුහුටිකමක් ඇති බවක් දක්නට නැත. ඔහු කථා කළත් ඒ කථා කිසිවක් ජාත්‍යන්තර විෂය පථයේ ගැඹුර ස්පර්ශ කරන්නේ නැත. මෙයට හේතු දෙකකි. එකක් ඔහු අනුන්ගේ අදහස් හෙවත් තමන්ගේ ආයතනයේ සිටින තෝරාගත් කිරිල්ලියන්ගේ දෑතින් නිමවුණු කථාවන් නැවත වැමෑරීමයි. අනෙක ඔහු කියවන දකින පුද්ගලයෙක් නොවීමයි. ඒ අතරම කවදා හෝ අගමැතිවීමේ සිහිනය හිසින් දරාගෙන ජාත්‍යන්තර කටයුතු යනු ලෝකය වටා යමින් අතට අතදෙමින් කාලය ගත කිරීම යන අදහසට මුල් තැන දීම ඔහු තුළින් දැකිය හැක. ඔහුගේ ලෝකයේ වීරයින් වන්නේ බිෂ්වාල්ලා සහ ජෝන් කේරිලා පමණි. එහෙත් අද කේරී සිරියානු අර්බූදය හමුවේ අනාථවී නන්නත්තාර බවට පත්වී හමාරයි. මංගල හැරිය යුත්තේ පිලීපීනය හෝ රුසියාව දෙසටයි. ඇමරිකානු ආධිපත්‍යයට අතුල් පහරක් දෙමින් පිලිපීන ජනාධිපතිවරයා කටයුතු කිරීම හිතුවක්කාර දරුවෙකු තම සුලූ පියාට ඉහළින් කටයුතු කිරීමක් වැනිය. රුසියාව තාර්කික ලෙස ගනනය කොට සිරියානු අර්බූදයේදී ඇමෙරිකාව කොනකට තල්ලූ කර තිබේ. මෙය ඇමරිකානු සියවසේ බිඳීයාමේ තවත් සංධිස්ථානයකි. ඉන්දියාව යනු අප විසින් අමතක නොකර යාන්තමට මතක් කළ යුතු රටක් මිස හැමවිටම එකත්පස්ව සිට වන්දනා කළ යුතු රටක් නොවේ. චීනය යනු එහා ගෙදර සුනඛයා මෙන් පරිස්සමින් ආශ‍්‍රය කළ යුතු රටකි.

මෙය එල්ටීටිය ජාත්‍යන්තර තලයේ දලූදමින් පවතින අවදියකි. මෙම තත්ත්වය හමුවේ හිටපු එල්ටීටී නායකයින් හෝ හිතවාදීන් බදා වැළඳගැනීම ප‍්‍රමාණවත් යැයි මංගල සිතන්නේ නම් එය මුලාවකි. එල්ටීටියේ ඩිප්ලොමසිය මංගලාලා සහ ඔහුගේ පරෙවි කිරිල්ලියන්ගේ ඩිප්ලොමසියට වඩා ඉහළ තලයක පවතී. ඔවුන් අද සිටින්නේ හිලරි ක්ලින්ටන්ගේ හුස්ම දැනෙන දුරින්ය. ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ අතේ වදිමින්ය. මේ සන්දර්භය තුළ අනාගත එල්ටීටියත් සමග කරට කර සිටීමට මංගලට බොහෝ දේ ඉගෙන ගත යුතුයි. කළ යුතුයි. එහෙත් මංගල අද සිටින්නේ දෙපැත්තටම නැති තැනකය.

මංගල මේතත්ත්වයට තල්ලූවීමට ඔහුගේ පෞද්ගලික කල් කි‍්‍රයාව විශේෂයෙන්ම බලපාන අතර ඔහුගේ කෙල්ලන්ද ඔහු අන්දමන්ද කර තිබේ. මේ කෙල්ලන් යනු විදේශ අමාත්‍යංශයේ දී මගංලගේ කටයුතු කරදෙන පිරිසයි. ප‍්‍රශ්නය වන්නේ මංගල මෙන්ම ඔහුගේ පරෙවි කිරිල්ලියන් බොහෝ දෙනෙක් වැන්දඹුවන්ය. කන්‍යා ලේබලය එල්ලා ගත් කන්‍යාවන්ය. මේ පිරිසට ඕනෑවටත් වඩා ප‍්‍රශ්න තිබෙන බව වාර්තා වේ. ඉන් බොහෝ දෙනෙකුට ආතිතය තදින්නම වැළඳී තිබේ. ශරීරයේ ප‍්‍රමාණය ගැටලූවකි. සමහරුන්ට අවයව වර්ධනය හිසරදයකි. ඒ අය සිටින්නේ සහ ඇවිදින්නේ අපේ පොළවට බඹගානක් ඉහලිනි. ඔවුන් මංගලගේ ලෝකයේ වීරවරියන් වූවාට පොදුජනතාවගේ ලෝකයේ නම් උදේට නොදැකිය යුතු තත්ත්වයේ අයවලුන්ය. මේ අය තුළින් මංගල දකින්නට යන ලංකාවේ ඩිප්ලොමසියේ විමුක්තිය කුමක්ද යන්න අපැහැදිලිය.

මොවුන් අතර අද විදේශ අමාත්‍යංශයේ ඇමති ලඟට සිටින ඊළඟ බලවන්තිය වී ඇත්තේ මහේෂණී කොලොන්නේ නැමැත්තියි. ඇය මීට පෙර සිටි ලේකම් මැස්සෙක් තරමට හෝ ගනන් ගත්තේවත් නැත. ඒ මංගල උෂ්ණය නිසායි. අමාත්‍යංශයේ සමහර නිලධාරීන්ට අනුව ඇය නායයාම නිසා සෝදාපාලූවට ලක්වූ කන්දක් මිස වටිනාමක් ඇති පංචස්කන්දයක් නොවේ. යාන්තමට ඉන්දියාවේ විශ්වවිද්‍යාල කඩයකින් ලබාගත් උපාධියක් සහ එවකට කටයුතු කළ ලොක්කන් කීප දෙනෙකුගේ සරණින් වේදිකාවට පැමිණි අයෙකි. මෙම කාන්තාවගේ අසීමිත බලපරාක‍්‍රමය නිසා විදේශ කටයුතු අමාත්‍යංශය ඉතා අසරණ ලෙස ඛාදනය වෙමින් පවතී. මංගලගේ ලෝකයට ඇය නැතිවම බැරි හොල්මනකි. මෙවන් නිසරු කෙසෙල් කඳන්වලින් අමාරුවෙන් ඉපදෙන ඇටිකෙහෙල් පලදාව ජාත්‍යන්තරයේ අප ගිල ගන්නට සිටින බඩගිනිකාරයන්ගේ නිලමැස්සෙක් සනහන්නට තරම් නොවේ. ඇත්තටම මංගලගේ මේ ලෝකය සහ එහි සැනසෙන පරෙවි කිරිල්ලයන් කපුටන්ගේ කෑමට දැමිය යුතු කාලය පැමිණ තිබේ. මොවුන්ගේ උපදෙස් නිසා අද අපේ ජාත්‍යන්තර ප‍්‍රතිරූපය කැහැටුගැසී ඇත. අනෙක් අතර මංගලගේ ලෝකය වෙනස් කරන්නට අගමැති හෝ ජනාධිපති හෝ අපොහොසත්වීම තුළ බිඳ වැටෙන්නේ පොදු ජනතාවගේ ලෝකයයි. විදේශ අමාත්‍යංශය අරක්ගෙන සිටින කකුලූවන් සහ කොට්ටෝරුවන් නිසා එහි පරිපාලනය දැඩි ලෙස බිඳ වැටී තිබේ. මංගලගේ තානාපතිවරුන් පිස්සු කෙළීමේ උපරිමයට ලඟාවී සිටිති. රට හෑල්ලූවෙමින් දැඩි කුණාටු සහිත සමුද්‍රයක් වෙත පාවෙමින් තිබේ.

මෙම තත්ත්වයෙන් මිදීමට කාලය උදාවී ඇත. මංගල සහ ඔහුගේ කොරගසන බලඇණිය ඉවත් කිරීමේ කාලය සපැමිණ තිබේ. බිස්වාල් හෝ කෙරීලා පස්සේ ගොස් කෙළවා ගත්ත තරම දැන් ඇතිය. අප වඩාත් නැවුම් සහ නම්‍යශීලි එහෙත් ශක්තිමත් විදේශ ප‍්‍රතිපත්තියක් හරහා 2017 වසරට පා තැබීමට මාවත සකස් කර ගත යුතුවේ. ඒ සඳහා අදහසක් හෝ අගමැති හා ජනාධිපති මෙතෙක් පළ කර නැත. යහපත් වෙනසකට ඉහළ ඇත්තන් තුළ කොත්තු රෝටියකට තරම් හෝ කැමැත්තක් නැතිනම් 2017 දී ලංකාවට අබසරණ මිස මංගල සරණක් නම් නොමැත. මේ සන්දර්භය තුළ බෝ බෙනට්ගේ ඩිප්ලොමසිය පිළිබඳ අදහස මන්තරයක් සේ මැතිරිය යුතු බව අවධාරණය කළ යුතුවේ.

විශේෂ ලියුම්කරුවෙකු විසිනි

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.