Featured

මංගල අගමැති කිරිමේ කුමන්ත්‍රණයක් ගැන රනිල්ට ඔත්තුවක්

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරින් ඉවත් කර අග්‍රාමාත්‍ය තනතුර සදහා වත්මන් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ගෙන එමට මෛත්‍රී-චන්ද්‍රිකා කුමන්ත්‍රණයක් රහසිගතව ක්‍රියාත්මක වෙමින් තිබේන බව යුරෝපයේ එක්සත් ජාතික පක්ෂට නායකත්වය දෙන ප්‍රභලයන් කිහිප දෙනෙකු එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අනාවරණය කර තිබේ.

මංගල සමරවීර මහතාට විදේශ කටයුතු අමාත්‍යංශය ලබාදිම හරහා මෛත්‍රී-චන්ද්‍රිකා මංගලට ජාත්‍යන්තරව යම් බලයක් නිර්මාණය කර දිමට උත්සහ කරමින් සිටින බවත් ඒ හරහා තීරණාත්මක අවස්ථාවකදි මංගල අගමැති කරවිම සදහා ජාත්‍යන්තර වශයෙන් යම් බලපෑමක් එල්ල කර ගැනිමට බවද එම කණ්ඩායම අගමැතිවරයාට පෙන්වා දි තිබේ.

මෙම කුමන්ත්‍රණය පසුපස එක්සත් ජාතික පක්ෂ නායකත්වයට එරෙහිව කටයුතු කරන කිහිප දෙනෙකුද සිටින බවත් ඔහුන් යුරෝපයේ සිටින එජාපයට නායකත්වය දෙන කිහිප දෙනෙකු සමග අවස්ථා ගණනාවකදි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර එති බවද ඔහුන් අනාවරණය කර තිබේ.

මේ අතර අගමැතිවරයා ලන්ඩනයේදි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හමුවිමට කලින් සුදානමින් සිටියද එම හමුව හදිසියේම අහෝසි කිරිමටද කටයුතු කර ඇති බව වාර්තා වේ.

එම පුවත – චන්ද්‍රිකා,රනිල් ලන්ඩනයේ රහසිගත සාකච්ඡාවක

Top