Anonymous Reporter

“මංගල..මට කරන්න දෙයක් නෑ…ඔයා බුද්ධික පරද්දන්න …”

මාතර පරාජයේ මෙන්ම දේශපාලනයේ රාජ්‍ය නායකයන්ට කුමන්ත්‍රණය කිරිමේ පලවිපාක අගෝස්තු 17 අවසන් වන බවට සොහොන් සලකුණු පෙන්වමින් විදේශ ඇමති මංගල සමරවීර හෙවත් මන්න පොන්ගල ආරක්‍ෂක රථයකට යටවීමෙන් එජාප සාමාජිකයෙකු මරණයට පත්ව තිබේ.මාතර කඹුරැපිටියේ පැවැති එජාප ජනහමුවකට පැමිණි එජාප සාමාජිකයෙකු මෙසේ මරණයට පත්ව තිබේ.

මේ අතර මහා මැතිවරණයෙන් අන්ත පරාජයන් ලබන දිස්ත්‍රික්කයන් අතර මාතර දිස්ත්‍රික්කයද එක්ව තිබේන බව වාර්තා වේ.ඒ අනුව රනිල්ගේ ලොල්ලෙකු වන අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රධානී සාගල රත්නායක සහ මාතර දිස්ත්‍රික්කයේ වැඩිම ජනප්‍රසාදයක් ඇති බුද්ධික පතිරණට පමණක් පාර්ලිමේන්තුවට පිවිසිමට අවස්ථාව ලැබෙනු ඇති බව මාතර දිස්ත්‍රික්කය ඉලක්ක කර මංගල සමරවිර හෙවත් මන්න පොන්ගල කල සමික්ෂණයෙන් අනාවරණය වි තිබේ.

පසුව මංගල මේ තත්ත්වය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ සමග පවසා ඇත්තේ තමන් බුද්ධික පරදා  මාතර ලැයිස්තුවෙන් එකට එමට පසුගිය මහා මැතිවරණයේදි උත්සහ කලද   එය අසාර්ථක වු බවද පෙන්වා දි තිබේ.නමුත් රනිල් වික්‍රමසිංහ මංගලගේ කතා කිසිවක් ගණන් නොගෙන කතාවට සවන් දි සිට ඇති අතර අවසානයේ පවසා ඇත්තේ…..”මංගල..මට කරන්න දෙයක් නෑ…ඔයා බුද්ධික පරද්දන්න …”යනුවෙනි පමණි.

2010 මහා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 213,937 ලබාගනිමින් ආසන 6ක් දිනාගත් අතර එහි සමාන්‍ය අගය වුයේ 65.31%ක්.න්මුත් එක්සත් ජාතික පක්ෂයට ලබා ගැනිමට හැකිවුයේ ඡන්ද 91,114 පමණක් වන අතර එහි සමාන්‍ය අගය 27.81% කි.එම මැතිවරණයේදි මංගල සමරවිර යන්තම් දෙවන ස්ථානය දිනාගමින් පාර්ලිමෙන්තුවට පිවිසියා.

එක්සත් ජාතික පෙරමුණ මන්ත‍්‍රී ධූර ගණන 2 යි
අකලංක බුද්ධික පතිරණ – 62,499,මංගල පින්සිරි සමරවීර – 59,836

මේ අතර අවස්ථා ගණනාවකදි තමන් පරාජයට පත්වු බවත් පසුගිය දින 25ක ය තුල මාතර දිස්ත්‍රික්කය කල සමික්ෂණයට අනුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රසාදය සියයට 40 කින් පමණ තවත් පහල බැස ඇති බවත් දැනුම් දි ඇති සාගල පවසා ඇත්තේ මේ පාරත් තමන් පැරදුණු හොත් එය තමන්ගේ දේශපාලන ගමනට අහිතකර බවයි. ඊට ප්‍රධානතම හේතුව වි ඇත්තේ මෛත්‍රී සමග සන්ධාන ගත විම හරහා එක්සත් ජාතික පක්ෂ පාවා සහ යුද්ධය අවසන් කල නායකයා වන මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගැසීම බවද එම සමික්ෂණ වාර්තා පෙන්වා දි තිබේ.

අග්‍රාමාත්‍ය කාර්‍යාල මණ්ඩල ප්‍රධාණි සාගල රත්නායකගේ මෙහෙය විම යටතේ රුහුණු විශ්වවිද්‍යාල සිසුන් සහ එජාප යොවුන් පෙරමුණේ තරුණයන් භාවිතාකරමින් මෙම සමික්ෂණය සිදුකර තිබේ.

විශේෂ ලියුම්කරු 

 එජාප සමුලුවේදි පැත්තකට විසිවුනු මන්න පොන්ගල 

MangalaSS

Top