Breaking
24 Feb 2025, Mon

මගෙ මව්බිම මට අහිමි වුවොත් – කුමක් කරමි මම අසමි හඬා

ආණ්ඩුව ගෙන එන්නට හදන නව ව්‍යවස්ථා සංශෝධනය හරහා අප අවුරුදු දහස් ගණනක් පුරා අප රැකගත් අපේ උරුමය අහිමි කරමින් ඇති බව ගෙවිඳු කුමාරතුංග මහතා පෙන්වා දෙයි.

එක් පසකින් රටේ ඒකීයභාවය අහෝසි කර ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කර අප රට සදාකාලිකව එකිනෙකා මරාගන්නා කඳුළු දේශයක් කිරීමටත් අනික් පසින් බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය අහෝසි කර වසර දහස් ගණනක් අප ආරක්ෂා කළ උරුමය අපට අහිමි කරමින් ඇති බවත් මේ ද්‍රෝහී පාවාදීම ආපසු නොහැරවුවහොත් අපේ මව්බිමේ අවසානය මේ ද්‍රෝහී පාලකයන් විසින් සළකුණු කරනු ඇති බවත් අවධාරණය කළේය.

යුතුකම සංවාද කවය සංවිධානය කළ ” ෆෙඩරල් සංහිඳියාව” සම්මන්ත්‍රණයේ මුඛ්‍ය දේශනයක් සිදු කරමින් කුමාරතුංග මහතා මේ බව පෙන්වා දුනි.

ව්‍යවස්ථා සංශෝධනය තුළ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ මුවාවෙන් එකවර අපේක්ෂකයාට හා පක්ෂයට වෙන වෙනම චන්දය දැමිය හැකි ලෙස සිදුකරමින් ඇති යෝජනා හරහා පැමිනෙන්නේද බෙදුම්වාදී චන්ද ගොන්න හරහා යළි කිසි දා පැරදවිය නොහැකි ලෙස බෙදුම්වාදයට හිතැති පක්ෂවල බලය තහවුරු කිරීම බව පෙන්වා දෙන කුමාරතුංග මහතා මේ කිසිවකට එරෙහිව ජනබලයක් නිර්මාණය කිරීමේ අවස්ථාවද සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රීලනිපය බලෙන් අල්ලාගෙන සිටීම හරහා අද වන විට අහිමි කර ඇති බවද පෙන්වා දුන්නේය.

සිරිසේන ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයේදී තමන්ට විරුද්ධව ක්‍රියාකළ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීම හරහා ශ්‍රීලනිප යට චන්දය දුන් ලක්ෂ 58 කට තමන්ට අභිමත දේශපාලනයක් කිරීමේ නිදහස අහිමි කළ බවත් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී දරුණු ඒකාධිපති හැසිරීමක් බවත් එය හරියටම 83 ව්‍යාජ චෝදනා මත ජනතා විමුක්ති පෙරමුණට ප්‍රසිද්ධ දේශපාලනය අහිමි කිරීමට බොහෝ දුරට සමාන බවත් ගෙවිඳු කුමාරතුංග මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

තම දේශනය අතරතුර ගෙවිඳු කුමාරතුංග මහතා , දශක දෙක හමාරකට පමණ පෙර මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් යුතු චින්තන පර්ෂදයේ ‘කාලය’ සඟරාවේ පළවූ සංවේදී කවි පෙළක් උපුටා දැක්වීය.

දෑස මගේ මට අහිමි වුවොත් – ගීත ඇසිය හැක මිහිරි සරින්
සවන් මගේ මට අහිමි වුවොත් – අහසේ පෑ දෙව්දුන්න පෙනේ

දෑත මගේ මට අහිමි වුවොත් – සාදවලදි රඟපාමි සොඳේ
දෙපා මගේ මට අහිමිවුවොත් – මිතුරන් මා ඔසවා යන්නේ

සිරුර මගේ මට අහිමි වුවොත් – මගෙ මව්බිම මා වැළලෙන්නේ
මගෙ මව්බිම මට අහිමි වුවොත් – කුමක් කරමි මම අසමි හඬා

ගෙවිඳු කුම්මාරතුංග මහතා පැවැත්වූ සම්පූර්ණ දේශනය පහත සබැඳියෙන්…

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.