LNN SPY

මගෙ රට බෙදුම්වාදින්ගෙන් බෙරා ගැනීම ද්‍රොහිකමක්නම්,….මම ඉතා අඩම්බරෙයන් ද්‍රොහියෙක් වෙනවා

මෙම ගෙන එන්න හදන ව්‍යවස්ථාවට විවිරුද්ධ වෙන්නන් ජාතිවාදීන් ලෙස නම් කිරීමට උත්සහයක් තිබෙනවා. මම දෙමළ නිසා මම ද්‍රෝහියෙක් සේ නම් කරයි. නමුත් මගෙ රට බෙදුම්වාදින්ගෙන් බෙරා ගැනීම ද්‍රොහිකමක් නම්, මම ඉතා අඩම්බරෙයන් ද්‍රොහියෙක් වෙනවා යැයි නොවැම්බර් මස 28 දින අරුන් තම්බිමුත්තු මහතා එළිය මාධ්‍ය හමුවට සහභාගි වෙමින් සදහන් කළා.

උතුරේ එල්ටීටීඊ සැමරුම් මැද ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ උත්සාහය

පසු ගිය වසර හතක පමණ කාලයක සිට මා දේශපාලනය කටයුතුවල යෙදුනා. නමුත් අද රටේ තත්වය ඉතාම කණගාටු දායකයි. මන්ද එක් පැත්තකින් කාලයක් සිට තුබු දෙමළ ඊළම්වාදින් ගෙ සිහිනයක් වන දෙමළ නිජබිම, දැන් වංචනිකව මතු වී තිබෙනවා. ඒ ගමන් ම, තමන්ට දේශපාලන තර්ජනයක්  වේයැයි සිතන විරුද්ධවාදින්ගේ චරිතය ඝාතනය කර, දේශපාලන කරලියෙන් ඉවත් කර ගැනීමට වෑයම්  කරමින් සිටිනවා.

නොවැම්බර් මස 27 වැනිදා එල්ටටීටීඊ ත‍්‍රස්ථවාදින් සිය වීරයන් සමරන දිනය. ඊට පෙර දින ප‍්‍රබාකරන්ගෙ උපන් දිනය. මොවුන් මෙය සමරන විට ඉතාම උපහාසාත්මක සිද්ධිය වන්නෙ සාමයට නායකත්වය දුන් ආරක්ෂක ලේඛම්තුමා  ගොඨාභය රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගන්න වෑයම් කරන ප‍්‍රවෘත්තියයි.

රාජපක්ෂ මහතා 2019 දි පැවැත් වීමට නියමිත ජනාධිපතිවරනයට ඉදිරිපත් විය හැකි සුදුසු තරගකරුවෙක් බව කවුරුත් දන්නා රහසක්. ඔහු ඒවැනි බලාපොරොත්තුවක් ප‍්‍රකාෂ කර නොමැති මුත්මේ පිළිබදව මාධ්‍යයෙන් හා දේශපාලන කරළිය තුළ තදින් ම කතාබහට ලක්වෙනවා.

අපි කොළඹ ඇවිද්දත්, රටේ අන් ප්‍රදේශයකට විශේෂයෙන්ම උතුරට හා නැගෙනහිරට ගිය විටත් ඔහු කළ වෙනස දකින්නට තිබෙනවා.

දවස් දෙකකට පමණ පෙර උදෑසන මට දුරකථන ඇමතුමක් ලැබුනා එල්ටටීටීඊ ත‍්‍රස්ථ සංවිධානයෙ හිටපු බුද්ධි අංශයෙ සාමාජිකයෙක් ගෙන්.  ඔහුත් මගෙ දිස්ත‍්‍රික්කය වන මඩකලපුවෙ. ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට වෑයම් කරන පුවත අසා ඔහු සිටියෙ බොහොම කලබල වෙලා. මමත් හරියටම විස්තර දන්නෙ නැහැ කියලා යි මම ඔහුට පැවසුවෙ. ඉන් පසුව ඔහු මට දිග ඊමේල් ලිපියක් ඒවලා තිබුණා.

ඔහුඑල්ටටීටීඊ ත‍්‍රස්ථවාදි සංවිධානයට බැදෙන්නෙ වයස 16දී. නමුත් ඔහු 2009 මැයි මස 16 වන දින එල්ටටීටීඊ සංවිධානය හැර දමා හමුදාවට භාර වී තිබෙනවා. මෙසෙ භාර වී පුනරුත්ථාපනයෙන් පසු නිදහස් වු 12,000න් ඒක් පුද්ගලයෙක් ඔහු. තමන්ට නැවත සමාජයට ඒක් වීමට මග පදා දුන්නේ රාජපක්ෂ මහතා යැයි ඔහු මට ඒවා තිබූණු ලිපියෙ සදහන් කර තිබුණා.

මට මොහුව මුණ ගැසුනෙ 2013 වසරෙදී. ඒදා අපි දෙන්නා පැය 10ක් පමණ වාදවිවාද කළා. හැබැයි ඉන් පසුව ඔහුත් පිළිගත්තා මගෙ මතය. ඒනම්, ශ‍්‍රී ලංකාව අප සියළු දෙනාගෙම රට බවත්, ඒහි එක එක ජාතින්ට අවශ්‍ය විදිහට නිජබිම් වෙන් කර කඩන්න දෙන්න බැරි බවත් ඔහු තේරුම් ගත්තා.

අවාසනාවකටඇතැම් මාධ්‍යයත් ශ‍්‍රී ලංකා හමුදාවෙ ධනාත්මක අංග අවධාරණය කරන්නෙ නැහැ. ඔවුන්ගෙත් වැඩි උනන්දුව තිබෙන්නෙ අපෙ හමුදාවට ඒල්ල කරන කළු පැල්ලන් වලට ප‍්‍රචාරය දීමටයි……

මෑතකදි නැස්බි සාමිවරයා බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තුවෙදි කළ හෙළිදරව්ව අපට ආරංචි වුනා. ඔහු පැහැදිලිවම ප‍්‍රකාශ කර සිටියෙ ඔවුන්ගේ ම තානාපති කාර්යාලයෙන් ලැබුණු වාර්තා අනුව යුද්ධය අවසන් වකවානුවෙදි මියගිය දමිළ ජන සංඛ්‍යාව 7,000 පමණ මිසක් 40,000 නොවන බවයි.

ඩෙවිඞ් කැමරන් මහතා මෙය හොද හැටි දැන ගෙන සිටියා. නමුත් ඔහු ලංකාවට පැමිණි අවස්ථාවෙදි හැසිරුනේ මෙම 40,000සේ මිත්‍යාව සත්‍යයක් ලෙසයි.

ඒ වගේම දෙමළ තරුණ තරුණියෝ පැහැර ගෙන ගොස් වද හිංසා කරා කියන පුවත ද නැස්බි සාමිවරයා තර්කානුකූලව ප‍්‍රතික්ෂෙප කළා. මෙවැනි කතා හරහා  තමන්ගෙ දේශපාලන මතයට අභියොගයක් වෙන අයගෙ ප්‍රතිරූපය විනාශ කිරීමටයි උත්සහය.

පසුගිය ජනාධිපතිවරණයෙදි වපුරපු කතාවක් තමයි ගිය ආණ්ඩුවෙ සිටි ප‍්‍රබල සාමාජිකයන් මෙරටින් ඇමරිකන් ඩොලර් බිලියන 18ක් සොරකම් කර ඇති බව. ඒ සල්ලි පිටරට ගිණුම්වල තැන්පත් කර ඇතැයි කියලා කිව්වා. නමුත් ඇමරිකන් ඩොලර් බිලියන 18ක් කියන්නෙ මහ විශාල මුදල් කන්දරාවක්.

මෙ වගෙ පුදුම සහගත, කිසිම පදනමක් නැති කතා පතුරුවන සමයක් තමයි දැන් බිහි වෙලා තියෙන්නෙ. අද ඔනෑම දේශපාලකයෙක්ට ඔනෑම චෝදනාවක් කිසිම සාක්කියක් නැතුව කියලා ගැලවෙන්න පුළුවන්. මෙ බොරු කතා පදනම් කර ගෙන මිනිසුන්ව අත්අඩංගුවට පවා ගන්න යුගයක තමයි අද අපි ජිවත් වෙන්නෙ.

මෙය ඉතාම භයානක තත්වයක්. ඔනෙම කෙනෙක්ව දැන් බොරු චෝදනා මත අත්අඩංගුවට ගන්න පුළුවන්. උසාවියෙදි නිදහස් වෙයි, නමුත් ඒයට වසර ගණනාවක් යයි. මෙය දරාගන්න ආර්ථික හා ආත්ම ශක්තියක් තිබුණත්, කවුද කැමති වසර ගණනාවක් උසාවි ගානෙ රස්තියාදු වෙලා මානසික පීඩනයක් විදින්න.

මෙවැනි දේශපාලන දඩයම් කරන්නෙ තමන්ට අභියෝගයක් වෙන ප්‍රථිවාදීන්ව බලෙන්  දේශපාලන කරලියෙන් ඉවත් කර දැමීමටයි. මෙසේ කර තම දේශපාලන ගමන තහවුරු කර ගැනිමයි මොවුන්ගෙ අරමුණ.

මම දන්නෙ නැහැ මේවා කරන්නෙ ඒක්සත් ජාතික පක්ෂයෙන්ද නැතිනම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ද කියලා. මෙය පිළිබදව ජනපති සිරසෙනත් යම් අදහසක් දක්වලා තියෙනවා අපි පුවත්පත් වල දැක්කා. මේවා බලා සිටින රටෙ ජනතාව දන්නවා මෙවා දේශපාලන මත සිදුවන දේවල් බව.

නව ව්‍යවස්ථාවක් සදහා ජන වරමක් කොහිද ?

මෙතැන සිටින මාධ්‍යවෙදියෙකු මතු කළා මෙන් ගිය ආණ්ඩුවෙන්ද අඩුපාඩු සිදු වුනා. ඒ ආණ්ඩුවෙන් පමණක් නොව, 1948 සිට පැවති සෑම ආණ්ඩුවකින්ම බොහො අඩුපාඩු සිදු වී තිබෙනවා. ඒ ආණ්ඩු හා මේ ආණ්ඩුව අතර වෙනසක් තිබෙනවා. ඒ තමයි මෙම ආණ්ඩුව බලයට ආවෙ පසුගිය ආණ්ඩුවලින් සිදු වුනා යැයි කියන අඩුපාඩු කිසිවක් නොකරන, වෙනසක් ඇති කරන පොරොන්දුව මතය.

නමුත් මෙය යහපාලනයක්ද? මොවුන්  නව ව්‍යවස්ථාවක් පස්ස දොරෙන්  ගෙන්න හදනවා. නමුත්  මේ අයට ව්‍යවස්ථාව වෙනස් කිරීමට වරමක් තිබෙනවාද?

රටෙ මිනිසුන් සිරිසේන මහතාව විධායක ජනපති ලෙස පත් කළා. නමුත් ඒ එක්කම පාර්ලිමෙන්තු මැතිවරණය තිබුණා. මෙයින් ව්‍යවස්ථාව වෙනස් කිරීමට මන්ත‍්‍රින්ට බලයක් ලැබුනෙ නැහැ.

මහින්ද රාජපක්ෂ මහතාගෙ චින්තනයෙ මෙවැනි ක‍්‍රියාවකට වරමක් ඉල්ලා තිබුණෙ නැහැ. ඒ චින්තනයට සහයෝගය දුන් අය තමයි අද ශ‍්‍රීලනිප ය නියෝජන  කරන ආණ්ඩුවෙ සිටින මන්ත‍්‍රිතුමාලා.

මෙ අය දැන් තර්ක කරනවා අපෙ රටෙ නායකයා තොරා ගන්න අපට තියෙන අයිතිය මෙම පිරිසට පවරන්න කියා. ඒවිට රටෙ නායකයා තොරා ගන්නෙ පාර්ලිමෙන්තුවනි. නමුත් මේ රටෙ පුරවැසියෙක් ලෙස මම ඒසෙ වරමක් දුන්නෙ නැහැ.

මොවුන් ජනමතවිචාරණයක් ගෙන ඒමට තැත් කරනවා. මම තදින්ම  විශ්වාස කරනවා  මෙම රටෙ ජනයා නිවැරදි තීරණයක් ගෙන, රටෙ අනාගතයට උවදුරක් වන මෙ නව ව්‍යවස්ථාව කුණු කූඩයට දමන බවට. නමුත් අපෙ මන්ත‍්‍රිවෙැන්ට සතුව වගකීමක් තිබෙනවා අපෙ රටෙ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කර ගැනීමට.

ශ‍්‍රී ලංකාව දූපතක් වුවද, අපට ගොලීය බලවේග අමතක කළ නොහැක. වසර 50ක් පමණ කාලයක් තිස්සෙ සිට උතුරෙ හා නැගෙනහිර දෙමළ ජනයාගෙ සිත් තුළ දෙමළ නිජබිමක් කාවද්දා තියෙනවා. මෙ පසුබිම සමග ජනමතවිචාරණයකට ගියොත්, දෙමළ බෙදුම්වාදින් මෙම සිහිනය ඉස්මතු කර ගනිවි. මොවුන් උතුරෙ හා නැගෙනහිර දෙමළ ජනයාට ජනමතවිචාරණයට ඒකගව ඡුන්දය දීමට පොළොඹවයි.

අනෙක් ප‍්‍රදෙශ හතම මෙයට විරුද්ධ වන බව නිසැකයි. නමුත් දෙමළ බෙදුම්වාදින්ට මෙම මත දෙක ඊලාම් සිතියමට සංසන්දනය කර අයුතු ලෙස කටයුතු කරන්න මග පෑදෙයි. මෙම අනාවැකිය පිළි නොගන්න උදවිය මතක් කළ යුතුයි 1976වඩුක්කෝඩෙයි යොජනාව හා 1977 මැතිවරණ ප‍්‍රතිඵලය.

මගෙ රට බෙදුම්වාදින්ගෙන් බෙරා ගැනීම ද්‍රොහිකමක් නම්, මම ඉතා අඩම්බරෙයන් ද්‍රොහියෙක් වෙනවා.

මෙම ගෙන එන්න හදන ව්‍යවස්ථාවට විවිරුද්ධ වෙන්නන් ජාතිවාදීන් ලෙස නම් කිරීමට උත්සහයක් තිබෙනවා. මම දෙමළ නිසා මම ද්‍රෝහියෙක් සේ නම් කරයි. නමුත් මගෙ රට බෙදුම්වාදින්ගෙන් බෙරා ගැනීම ද්‍රොහිකමක් නම්, මම ඉතා අඩම්බරෙයන් ද්‍රොහියෙක් වෙනවා.

හිටපු විදෙශ ඇමති, දැන් මුදල් ඇමති බොහොම චතුරය කියා සිටිනවා ජාතික ප‍්‍රශ්නයට විසදුම බලය බෙදිමයි කියා. විසදුම බලය බෙදිමය නම්, ඒය යා යුත්තෙ පොඩිම ඒකකයට මිස පළාතකට නොවෙ. පළාත් අනුව බලය බෙදුවොත්, අපටත් ස්කොට්ලන්තයෙන් හා කැටලොනියාවෙන් මතු වු වැනි ප‍්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි.

මෙසෙ බලය බෙදන්න අවශ්‍යකමක් නැහැ. සිංහල මිනිසුන් තමන් ට අයත් වරප‍්‍රසාද හා අයිතින් දෙමළ ජනයාටත් තිබෙනවාට කිසිම විරෝධයක් නැහැ.

ඒ නිසා ආණ්ඩුවක් වශයෙන්, පුරවැසියෙක් වශයෙන් අප සියල්ලටම වගකිමක් තියෙනවා මෙම රට තුළ නිජබිම් යැයි කියා කඩන්නට නොදි ආරක්ෂා කර ගැනිමට. මෙම දූපත ඔබගෙ වගේම මගෙයි. මෙම දිවයිනෙ සෑම අගලක් ම ඔබට මෙන්ම මටත් අයිතියි. ඒ නිසා මෙම රටට හො මෙම රටෙ අනාගතයට කිසිම හානියක් වෙන්න නොදි බලා ගැනීම අප සියළු දෙනාගෙම යුතුකමයි.

(ශිවන්ති රණසිංහ)

Top