LNN SPY

මගේ ඉල්ලක්කය ජනාධිපතිවරයා හෝ ශ්‍රීලනිපය නොවේ…. මෛත්‍රී, 10 වැනිදා වෙනකම් කියන දෙවල් ගනන් ගන්නේ නෑ

තමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉලක්ක කර මේ වන තුරු කිසිදු වචනයක් කියා නැති බවත් පෙබරවාරි 10 වැනිදා මැතිවරණ දින දක්වා ජනාධිපතිවරයා කියන දැ සම්බන්ධයෙන් තමන් කලබල නොවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග පවසා තිබේ.

රත්නපුර නගරයේ පැවති එක්සත් ජනතා නිදහස් සංධාන රැළිය අමතමින් සංධානයෙන් තේරීපත්වූ මන්ත්‍රීවරු අනූහය දෙනාම තමන් සමග එකට එකතු වෙනවානම් හෙට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් හදන්න තමන් සූදානම් බවට කල ප්‍රකාශය සහ ජනාධිපතිවරයා ගෙවුණු දින කිහිපයේදීම දේශපාලන වේදිකාවේ කළ ප්‍රකාශ සම්බන්ධයෙන් එජාප ජ්‍යෙෂ්ඨයන් අරලිය ගහ මන්දිරයේ දී අගමැතිවරයාගේ අවධානය යොමු කළ අවස්ථාවේදීය.

ජනාධිපතිවරයා තමා හෝ එක්සත් ජාතික පක්ෂය ඉලක්ක කර ඍජුව හෝ වක්‍රව දේශපාලන වේදිකාවේ කුමක් කිව්වාද කියා තමා නොදන්නා බව එහිදී පවසා ඇති රනිල් වික්‍රමසිංහ මහතා තමාගේ ඉල්ලක්කය ජනාධිපතිවරයා හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොවන බව ද පෙන්වා දී තිබේ.

කෙසේවෙතත් එජාප ජ්‍යෙෂ්ඨයන් පෙන්වා දි ඇත්තේ පළාත් පාලන මැතිවරණයෙන් පසුව හවුල් ආණ්ඩුවේ සංයුතිය වෙනස් වී රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව ප්‍රබල සාකච්ඡා සිදුවි ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේන බවයි.

අගමැතිවරයා ඉවත් කළ සැණින්, මුළු කැබිනට් මණ්ඩලයම අලුතින් පත් කිරීමට සිදු වීම නිසා නව කැබිනට් මණ්ඩලයක් ද පත් කෙරේ. නව අගමැති වශයෙන් එජාපයේ වැඩි පිරිසකගේ සහයෝගය මෙන්ම ජාත්‍යන්තරයේ අවධානය ද ලබා ගත හැකි අයකු පිළිබඳව යෝජනා වී තිබෙන බවද අප මීට පෙර අනාවරණය කළා.

Top