Featured

මගේ මනාප රනිල්ටයි,චම්පිකටයි ගැනලා-සන්නස්ගල

තමන්ට ලැබුනු මනාප වලින් හරි අඩකටත් වඩා රනිල් වික්‍රමසිංහට සහ අනාතව සිට එජාපයට පැමිණි පාඨ්ළි චම්පික රණවක වෙනුවෙන් එකතු කරමින් තමන් පරාජයට පත්කිරිමට එජාපයේම තමන්ගේ සතුරු පාර්ශවය කටයුතු කල බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක උපුල් ශාන්ත සන්නස්ගල පවසයි.

සිය පරාජය සම්බන්ධයෙන් අප විශේෂ වාර්තාකරුවෙකු කල ප්‍රශ්ණ කිරිම් වලදි ඔහු මේ බව කියා තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායකයා වටා සිටින ඇතැම් නුගතුන් තමන් වැනි පුද්ගලයන් ලං වෙනවාට අකමැති බවත් එසේ උවහොත් ඔහුන්ගේ බඩවියත රැකගැනිමට අවස්ථාව නොලැබි යනු ඇති බවද සන්නස්ගල පෙන්වා දුන්නා.

“මම කොහොම්ද පරදින්නේ අර නිකන් ලපයි…සිපයි..ගමට තියා ගෙදරටවත් වැඩක් නැති හිරුණිකා වගේ එවුන් දිනනකොට”

කෙසේ නමුත් එජාප පරාජය තහවුරු වේ-පාඨලී,සන්නස්ගල අවදානම් කළාපයට යනුවෙන් අප ජුලි 30 වැනිදා කල අනාවරණයෙන් ද සන්නස්ගල පරදින බව තහවුරු කර සිටියා.

ටියුෂන් පන්තියට ආ දැරියන් කාමර වල දුෂණය කල බව සන්නස්ගල පිළිගනී

Top