Featured

මගේ මුලු පවුල සමග, මාත් අත්අඩංගුවට ගත්තත්, අපේ රටේ නිවහල් භාවය වෙනුවෙන් සටන් කරනවා…..

 

2016 පෙබරවාරි 04 වෙනිදා, අපි නිදහසේ 68 වෙනි වසර සමරන්නෙමු. අවුරුදු 450 ක් බලා සීටීමෙන් පසු 1948 දී මගේ පියාද සාමාජිකත්වය දැරූ ඩී.එස්. සේනානායක මහතාගේ ආණ්ඩුව යටතේ අපි නැවතත් නිදහස් දේශයක් විය. ඒ වන විට සියවස් හතර හමාරක් මුලුල්ලේ බටහිර යටත් විජිත බලවතුන් විසින් ඔවුන්ගේ උවමනා එපාකම්වලට අප රට රිසි සේ පාවිච්චි කොට තිබුණි.1972දී ජනරජ ව්‍යවස්ථාවෙන් අපි යටත් විජිත සමයත් සමග තිබූ අවසන් සංකේතාත්මක සම්බන්ධතාවයත් අතහැරීමෙන් සම්පූර්ණයෙන්ම නිවහල් රටක් බවට පත්විය. නමුත් එයත් එක්කම 1970 දශකයේ මුල සිට විදේශීය බලවතුන්ගේ සහයෝගයද ඇතුව මේ රටේ වර්ධනය වූ බෙදුම්වාදී ත්‍රස්තවාදය නිසා අපේ නිදහස වෙනත් ආකාරයේ ඇහිරීමකට ලක් වුණි.

අපේ රණව්රුවන්ගේ ඉමහත් කැප කිරීම් නිසා 2009 මැයි මාසයේ දී අපේ මුලු රටම වෙලාගත් බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකිවිය. නමුත් කුමන්ත්‍රණකාරී බලවේගවල ක්‍රියාකාරීත්වය නිසා නැවත වතාවක් ඒ ලැබූ නිවහල් භාවයද අප වෙතින් නොබෝ කලෙකින් ගිලිහී ගියේය. 2015 ජනවාරී 8 වෙනිදා සිට අපේ රට නැවතත් විදේශීය බලවතුන් විසින් තමන්ගේ උවමනා එපාකම්වලට භාවිත කරමින් සිටියි. පසුගිය වසරේ සිට විදේශීය ප්‍රභූවරුන් තමන්ගේ නවතම ‘යටත්විජිතය’ නැරබීමට එන ලීලාවෙන් වැල නොකැඩී පැමිණෙන අකාරය අපි දුටුවෙමු. දශක හතරක ත්‍රස්තවාදයෙන් දිනාගත නොහැකි වූ දෙය මේ විදේශීය බලවතුන්ගේ පිහිටෙන් ලබා ගැනීමට බෙදුම්වාදීන් බලාපොරොත්තුවෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.  ඒ විදේශීය බලවතුන්ගේ බලපෑම යටතේ භයානක කොටි ත්‍රස්තවාදීන් මුදා හරිනු ලබන අතර, රණවිරුවන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ හිරභාරයට ගෙන ඇත. එයින් නොනැවතී අපේ රණව්රුවන් යුධ අපරාධ චෝදනා යටතේ බන්ධනාගාරගත කිරීමටත් දැන් පිඹුරුපත් සකසමින් සිටී.

මේ සිදුවෙන ක්‍රියාදාමයෙන් අප ඉගෙනගත යුත්තේ, නිදහස හා නිවහල් බව යනු දිනාගත් පසු නිකම්ම තිබෙන දෙයක් නොව නිරන්තරයෙන්ම ආරක්‍ෂා කල යුතු දෙයක් බවයි. විදේශීය මුදල් වලින් නඩත්තු වෙන රාජ්‍ය නොවන සංවිධාන වල නියෝජිතයන් පිරිසක් පසුගියදා  යහපාලන ආණ්ඩුවේ නායකයන් හමුවී මේ පෙබරවාරි 4 වෙනිදාට පෙර මගේ ආන්ඩුවේ සාමාජිකයන් දූෂණ චෝදනා යටතේ අත්අඩංගුවට ගත යුතුයි කියා බලපෑම් කර තිබේ. විදේශීය ඒජන්තවරුන්, පෙබරවාරි 4 නිදහස් දිනයට පෙර එවන් දෙයක් කිරීමේ සංකේතාත්මක වැදගත්කමක් දැකීම ගැන මම පුදුම නොවෙමි.

මේ කරපු බලපැම් වල ප්‍රතිපලයක් හැටියට මගේ පුත් යෝෂිත, මගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට, නිශාන්ත රණතුංග සහ CSN නාලිකාවේ අධ්‍යක්‍ෂවරුන් වන කවිෂාන් දිසානායාක හා රවිනාත් ප්‍රනාන්දු යන අය හිරභාරයට ගෙන තිබේ. මේ අත්අඩංගුවට ගැනීම් කර තිබෙන්නෙ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ විමර්ශන කිරීමට කියා පොලීසියට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ඇති විවෘත වගන්තියක් යටතේය.මගේ මුලු පවුල සමග, මාත් අත්අඩංගුවට ගත්තත්, අපේ රටේ නිවහල් භාවය නැවත ප්‍රතිශඨාපනය කිරීම, අපේ මවුබිමේ භෞමික අඛණ්ඩතාවය තහවුරු කිරීම, ඇනහිට තිබෙන ආර්ථික සංවර්ධනය නැවත ආරම්භ කිරීම සහ අපේ ජාතික අභිමානය රැකීම යන වැඩපිළිවෙලින් මා ඉවත් නොවන බව මේ 68 වෙනි නිදහස් දිනය සමරන අවස්තාවේදී ජනතාව ඉදිරියේ ශපතකර සිටිමි.

මහින්ද රජපක්‍ෂ(පා.ම)

හිටපු ජනාධිපති

On 4 February 2016, we celebrate 68 years of independence. Back in 1948 after having waited 450 years to be masters of our own destiny, Sri Lanka became independent under the government of Rt. Hon. D.S.Senanyake of which my father too was a member. By that time we had been used for the purposes of Western powers at their will for four and a half centuries. In 1972 we discarded the final symbolic links with the colonial powers and became a republic under a new constitution. However, from the early 1970s onwards we were subject to a different kind of restriction of freedom due to the rise of separatist terrorism which was supported by various foreign powers.

In May 2009, we overcame the scourge of separatist terrorism through immense sacrifices made by our war heroes. However due to the actions of certain conspiratorial forces, even this respite was short-lived. Since 8 January 2015, we are once again being used by foreign powers for their purposes. The separatists who could not achieve their aims after nearly four decades of terrorism, now hope to achieve their aim with the help of these foreign powers. Since last year there has been an unending procession of foreign dignitaries visiting their latest ‘conquest’. Due to the influence of these foreign powers, dangerous LTTE detainees have been released and members of the armed forces have been arrested under the Prevention of Terrorism Act. Furthermore, plans are afoot to prosecute our war heroes for war crimes.

What all this teaches us is that having achieved independence, you have to constantly exercise vigilance in protecting it. It was reported in the press that the leaders of several foreign funded NGOs had met leaders of the present government and insisted on the arrest of members of my government on corruption charges before the 4th of February this year. It is not surprising that such agents of foreign powers would see some symbolic value in jailing members of a government that won the war against terrorism before Independence Day. My son Yoshitha, my Press Secretary Rohan Welivita, Nishantha Ranatunga and two directors of the CSN TV Channel Ravinath Fernando and Kavishan Dissanayake have been arrested under an omnibus provision in the Criminal Procedure Code enabling the police to arrest individuals to conduct investigations.

As we mark our 68th year of independence from foreign powers, I wish to pledge before the people of Sri Lanka that even if my entire family and I myself am imprisoned, I will not deviate from the path of reasserting our national independence, ensuring the territorial integrity of our motherland, restarting the stalled process of economic development and re-establishing our national self respect.
Mahinda Rajapaksa (MP)
Former President of Sri Lanka

Top