Breaking
24 Feb 2025, Mon

මගේ රටට දළඳා හිමි සරණයි…අවලාද පරදා ජයගත් ඔබට අපේ ප්‍රණාමය

බෙදුම්වාදීන්ට ඇති බරපතලම අභියෝගය වන දළඳා සමිඳුන්ට පවා ගෙමක් දෙන්නට යහපාලන විජාතික පරගැති බලවේග ගත් සියලුම උත්සහයන් අද ව්‍යාර්ථ වි ගියා.ඒ ප‍්‍රදීප් නිලංග දැල මහතා වැඩි ඡන්ද 152කින් නැවත වතාවක් මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ලෙස නැවත වරක් තේරී පත්විමයි.

පුද්ගලයින් 301 දෙනෙකුගේ ඡන්දය විමසීමට අද පස්වරුවේ මහනුවර බෞද්ධ මධ්‍යස්ථාන ශාලාවේදී පැවැති ඡන්ද විමසීමෙන් දැල මහතා මනාප 205ක් ලබා ගත් අතර දෙවැනි තැනට ගයාන් හීන්කෙන්ද මහතා ඡන්ද 53 ක් ලබා ගෙන පත්ව ඇති අතර නිශ්ශංක විජයරත්න මහතා ඡන්ද 31ක් ලබා තුන්වන තැනට පත්ව තිබේ.

දියවඩන නිළමේ නිලංග දෑල බණ්ඩාර මහතා විසින් දළදා මාලිගාව වෙත ලැබුණු මුදල් සහ සම්පත් අයුතු ලෙස භාවිත කිරීම. රු. 26,000,000.00 මූල්‍ය වංචා කල බව පවසමින් මහනුවර දළදා මාළිගාවේ දියවඩන නිළමේ නිලංග දෑල බණ්ඩාර මහතාට විරුද්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරමින්  නිලංග දෑල බණ්ඩාර ඉවත් කිරිමට යහපාලන ආණ්ඩුව ගත් උත්සහයන් අපමණය.

දළදා මාළිගාවට ලැබුණු මුදල් හා සම්පත් අයුතු ලෙස භාවිතා කළේ යැයි පවසමින් අදාළ චෝදනාව ඉදිරිපත් කර තිබුනේ දුෂණ විරෝධී පෙරමුණ වෙනුවෙන් පූජ්‍ය උලපනේ සුමංගල හිමි, ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්නසිංහද හා ශිරාල් ලක්තිලක විසිනි.

දියවඩන නිළමේවරයාට එල්ල වී ඇති චෝදනා වුයේ මහනුවර ඇසළ පෙරහර භාරය පනතේ වගන්තිවලට පටහැනිව යමින් මහාභාරකාරවරයාගේ හා පෙරහර මණ්ඩලයේ අවසරයකින් තොරව සමාගම් 25කින් මුදල් එක්රැස්කර තිබෙන බවත්, දියවඩන නිලමේවරයාගේ බලතල ඉක්මවා යමින් දළදා මාළිගාවට අයත් උඩගෙදර වත්ත ඉඩම කොටස් කර විකුණා තිබෙන බවත්, එකී පැමිණිල්ලේ සඳහන් විය.

එසේම දළදා මාළිගාවට ලැබෙන රත්‍රන් යොදාගෙන නිලංග දෑලබණ්ඩාර මහතාගේ මිනිකූපර් වර්ගයේ මෝටර් රථයේ අගුළු, බැනර් ආදිය අලංකාර කර තිබෙන බව එහි දැක්වේ.

පසුව දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවා ප්‍රශ්ණ කිරිමට ලක්වුනා.

 

 

වෙබ් මාෆියාවේ ගොඩ් ෆාදර්ලාට ලැබුනු විශාල මුදල් මත සිටිමින් ලංකා ඊ නිවුස් වෙබ්,ලංකා නිවුස් වෙබ් ඩොට් කොම් සහ ලංකා ඩෙලි යන වෙබ් අධවි දියවඩන නිළමේ වන ප්‍රදීප් නීලංග දෑල සම්බන්ධයෙන්  දූෂණ ලැයිස්තු පිටින් ගොඩ දමන්නට විය.

නමුත් අන්තිමට යහපාලන හෙංචයියන්ගේ චක් ගොලයා වු නිශ්ශංක විජයරත්නට ලැබුනේ ඡන්ද 31ක් පමණි.ඒ අනුව යහපාලනය මේ පාර අම්බනකට පරාද වි තිබේ.එපමණක් නොවේ කවදත් එකීය රාජ්‍යයක සලකුණ වන් දළඳා සමිඳුන්ට අත තියන්නට යහපාලකයන් ගත් සියලුම උත්සහයන් දැන් පරාද වි තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.