Featured

මග යන්න පන නැති ගුවන් විදුලි සංස්ථාව එජාප නිකමුන්ට තනතුරු/වැටුප් දෙයි

ගුවන් විදුලි සංස්ථාවේ ජාතික සේවක සංගමයේ පිරිසකට දේශපාලන පලිගැනීම් කමිටුවක නිර්දේශ මත පදනම්ව නැවතත් අත්තනෝමතික ලෙස තනතුරු හා උසස් වීම රාශියක් ලබා දීමට කටයුතු කරමින් සිටින බව ගුවන් විදුලි සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.

දින 100 ආණ්ඩුව යටතේදී එක්සත් ජාතික පක්ෂයට අයත් ජාතික සේවක සංගමයේ සේවකයන් 55 දෙනෙකුට කිසිදු සුදුසු කමක් සලකා බැලීමකින් තොරව හා සම්මුඛ පරික්ෂනයක් ද රහිතව පාලන අධිකාරිය විසින් තනතුරු/වැටුප් වර්ධක ලබා දීම සිදු කර තිබේන අතර එම තනතුරු/වැටුප් වර්ධක ලබාදිමේදි ගුවන් විදුලි සභාපතිවරයා සිය තනි මතයට කටයුතු කර තිබේන බවද අනාවරණය වි තිබේ.නුදුරේදීම සංස්ථා මණ්ඩල රැස්වීමකදී මේ පිළිබද සදහන් කර අනුමැතිය ලබා ගැනීමට සභාපතිවරයා කටයුතු කරමින් පවතින බව ද  ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පවසනවා.

තනතුරු/වැටුප් වර්ධක දොලපිදේනී ලෙස ලබාදිම සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ඇතුළු තවත් වෘතීය සමිති සහ එම පත්වීම් නිසා අගතියට පත් සේවකයන් විසින් ශේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙන අතර එහි මුලික අයිතිවාසිකම් පෙත්සමක් තවමත් එය විභාග වෙමින් පවතිද්දී පවා දේශපාලන පලිගැනීම් කමිටු වාර්තාවකට මුවා වී නැවතත් ගුවන් විදුලි සංස්ථාවේ ජාතික සේවක සංගමයේ තවත් විශාල පිරිසකට තනතුරු උසස්වීම් වරදාන වරප්‍රසාද ලබා දීමට කටයුතු කරමින් සිටි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විශාල මුල්‍ය අර්බුදයකට මේ වන විට පත්ව තිබියදී පවා අත්තනෝමතික ලෙස මෙලෙස බදවාගැනීම් සිදු කරනුයේ කිසිදු බදවාගැනීම් පටිපාටියක් නොමැතිව බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පවසනවා. යහපාලන ආණ්ඩුවට මුවා වී මෙලෙස එක්සත් ජාතික පක්ෂයට හිතවතුන්ට තනතුරු ලබා දීම නිසා ගුවන් විදුලි සංස්ථාවේ සියලුම සේවකයින්ගේ මුලික අයිතිවාසිකම් කඩ වන අතරම ගුවන් විදුලි ඉදිරි පැවැත්මද විශාල අර්බුදකාරී තත්වයකට පත්කර තිබේන බවද  ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය අවධාරණය කර සිටිනවා..

http://www.lankanewsweb.today/archives/11562

http://www.lankanewsweb.today/archives/11986

http://www.lankanewsweb.today/archives/12486

Top