LNN SPY

මඟ නැගුම සභාපතිවරයා ඡන්දේ කාලේ රෙදී නැතුව UNPයට කඩේ ගිහින්… UNP මෙහෙයුම් කාර්යාල ප්‍රධානියා ලෙසත් පෙනී ඉදලා

පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ මෙහෙයුම් කාර්යාල ප්‍රධානියා ලෙස කටයුතු කළ රජිව් සෙනවිරත්නට විරුද්ධව දිවයිනේ ප්‍රමුඛතම මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මඟ නැගුම සභාපතිවරයා වන ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ රාජ්‍ය සේවයේ නිරතවන අතරතුර දේශපාලන ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කර ඇති බවටයි කැෆේ සංවිධානය විසින් මැතිවරණ කොමිසම වෙත පැමිණිලි කර ඇත්තේ.

රජිව් සෙනවිරත්න උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශයට අනුබද්ධ ‘මග නැගුම‘ ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතරතුර එක්සත් ජාතික පක්ෂ මැතිවරණ මෙහෙයුම් කාර්යාල ප්‍රධානියා ලෙස මැතිවරණ කොමිෂණ් සභාව සහ මැතිවරණ නිරීක්ෂණ ආයතන සහ වෙනත් ආයතන සමඟ ලිඛිත ගණුදෙනු පවා සිදුකර ඇති බව කැෆේ සංවිධානය සඳහන් කරයි.

මේ බව සඳහන් කරමින් කැෆේ සංවිධානය මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් ද යොමු කර ඇති අතර එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් එහිදී පෙන්වා දී ඇත්තේ රජිව් සෙනවිරත්න පළාත් පාලන ඡන්ද විමසීම සමයේ දී රජයේ ඒකාබද්ධ අරමුදලින් වැටුප් සහ දීමනා ලබන අතර, විධිමත් කාර්ය පටිපාටියෙන් තොරව, නියමිත අනුමැතියක් නොලබා එක්සත් ජාතික පක්ෂය ප්‍ර‍වර්ධනය කිරීමේ කාර්යයෙහි නිරත වෙමින් මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ප්‍ර‍ධානී ලෙස කටයුතු කර ඇති බවයි.

තවද, මැතිවරණ මෙහෙයුම් කාර්යාල ප්‍ර‍ධානීවරයා ලෙස මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන, පොලිස් දෙපාර්තමේන්තුව සහ වෙනත් ආයතන වෙත ලිපි ලේඛන ලියා ඇති බවද එම ලිපියේ සදහන්ය.

Top