Featured

මට ද්‍රෝහියා කියන අය මේ රටට ද්‍රෝහිකම් කළා-මෛත්‍රී පලමු වරට යහපාලනයට දෙහි කපයි

මට ද්‍රෝහියා කියා බණින එයාලා …මේ ආණ්ඩුව හදාගෙන රටට කල ද්‍රෝහිකම් අමතක වෙලා යනුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදැසන සිය උපදේශකයන් සමග පවසා තිබේ.අද උදැසන ජනාධිපතිවරයා විසින් කරනවා කී විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් දිගින් දිගටම එජාපයේ ප්‍රභලයන් දුරකථනය ඔස්සේ විමසිම් කර ඇති අතර එජාප ප්‍රභයන් කිහිප දෙනෙකුම මෛත්‍රීට “ද්‍රෝහියා” යනුවෙන් අමතා තිබේ.

එයට පිළිතුරු දෙමින් මෛත්‍රී ජනපති මේ බව පැවසු අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

මේ අතර මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති සන්ධානයෙන් නාම යෝජනා දීමත් සමග ස්ථිර වශයෙන්ම සන්ධාන ආණ්ඩුවක් හැදෙන බව  ජනාධිපති මෛත‍‍්‍රිපාල සිරිසේන මහතා පවසා තිබේ.ජනාධිපතිවරයා සන්ධාන පක්‍ෂ නායකයන් හමු වූ අවස්ථාවේ මේ බව පවසා තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත‍‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාපජෂක්‍ මහතා විසින් කොළඹදී කැඳවා තිබූ සන්ධාන මන්ත‍‍්‍රී හමුවේදීය.

Top