Breaking
24 Feb 2025, Mon

“මට මඩ ගහන අය ගැන මම දන්නවා” මෛත්‍රී යහපාලන සීමාව පනී

“මට මඩ ගහන අය ගැන මම දන්නවා. මට මඩ ගහන වෙබ් ගැන විතරක් නමෛයි ඒ වෙබ් කරන්නේ කවුද කියලත් මම දැනගෙනයි ඉන්නේ. ඒ විතරක් නමෛයි ෆේස් බුක් පිටු හදාගෙනත් මට මඩ ගහනවා. මේවා මම දන්නේ නැතිව නමෛයි”…. “මම වෙලාවට ඒ අයට දෙන්නම්” යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවේ වැරදි විවේචනය කරන වෙබ් අධවි සම සමාජ ජාලා හසුරුවන්නන් හට කැබිනට් මණ්ඩලය තුලදිම තර්ජනය කර තිබේන බව වාර්තා වේ.දිනෙන් දින යහපාලනය බිදවැටෙමින් තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂය සහ තමන් අතර තිබුනු විශ්වාසය මේ වනවිට බිඳවැටී ඇති බවද ජනපති අවධාරණය කර තිබේ.

මේ අතර ජාතික ආණ්ඩුව නියෝජනය කරන ඇතැම් ප්‍රභල මෛත්‍රීවාදින් පමණක් කිසිම කරදරයකින් තොරව කප්පම් ගැනිම සිදුකරන බවත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකුත් කතා නොකරන බවටත් එය යහපාලනයට හිතකර නොවන බවත් සදහන් කරමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නොමිලේ පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දිමක් කර ඇති බව වාර්තා වේ.

කප්පම් ගැනිමට අමතරව තමන් කැමති අකාරයට ඇමති බලතප භාවිතා කරමින් අදාළ අමාත්‍යවරුන් සහ පවුලේ අනිකුත් අය කටයුතු කරන බවද එම ලිපිය මගින් පෙන්වා දි තිබෙනවා.මිට අමතරව ජාතික ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරුන් විසින් ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාවන් සදහා අනුමැතිය දිම අගැමතිවරයා විසින් අවස්ථා ගණනාවකදිම මගහැර යන බවද ඔහුන් සදහන් කර තිබේ.

CIC සභාපති හර්ෂ අමරසේකර අත් අඩංගුවට ගැනිම වෙනුවට කෘෂිකර්ම අමාත්‍ය අහම්බෙන් ශ්‍රිලනිපයේ ප්‍රධාන ලේකම් වු ඇමති දුමින්ද දිසානායකගේ ඉල්ලිම පරිදි මිලියන 150ක මුදලක් ඇමති දුමින්ද විසින් මැතකදි මිලදි ගත් පුවත් පතකට ගෙවිමට හර්ෂ අමරසේකර එකඟ කරගෙන තිබේන බවද අප පසුගියදා අනාවරණය කළ. කියවන්න විෂ සහිත CIC පොහොර මුදා හරින්න “දුමින්ද” මිලියන 150ක් ඉල්ලයි

පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් ජනාධිපති ‍ලේකම් කාර්යාලයට කැඳවා තිබුණ අතර ඒහිදිද ඇමති නිමල් සිරිපාල ද සිල්වා පවසා ඇත්තේ “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවකට එකතු වුණාට කැබිනට් මණ්ඩලයේදී අපිට කුඩම්මාගේ සැලකිලි ලැබෙන්නේ. අපි ඉදිරිපත් කරන සමහර කැබිනට් පත්‍රිකාවලට අනුමැතිය ගන්න එක ‍ලේසි නෑ”

ඒ සමගම මැතිවරණයෙන් පරාජය වි මෛත්‍රීගේ පිලිකන්නේ ලැග පසුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආ එස්.බි. දිසානායක පැනපු ගමන් පවසා ඇත්තේ “යූ.එන්.පී. එකේ අය තමයි මේ කැපිල්ල දාන්නේ”….“පාරවල් හදන්න ලක්ෂ තුන්සීයක් දෙනවා කියලා කිව්වා. අපිට ඒ සල්ලි දුන්නේත් නෑ.”

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.