Featured

මත්තලට වී දැම්මේ මම නෙවේ,මෛත්‍රී

“මත්තල ගුවන් තොටුපළේ ශ්‍රි ලංකා ගුවන්යානාවලට අයිති හැඟර් ඔක්කොගෙම ගිහින් වී ටික දාන්න කියලා කියනවා. කමක් නෑ නේද? ප්ලේන් යන්නේ නැත්නම් වී ටික දාමු. මට ඕන වී ටික ගබඩා කර ගන්න” යනුවෙන් තමන් පැවසුවද මේ හදිසියේ වී ගබඩා කිරිම සදහා තමන්ට කිසිදු අවශ්‍යතාවයක් තිබුනේ නැති බවත් එම වී ගබඩා කිරිම ජනාධිපතිවරයාගේ උවනාව මත හදිසියේම සිදුවුවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.මත්තල වී ගබඩා කිරිමට යැමත් සමග ඇතිවු අර්බුදය හෙතුවෙන් කල විමසිමකදි රනිල් වික්‍රමසිංහ මෙම ප්‍රකාශය කර තිබේ.

රාජපක්ෂ ආණ්ඩුව විසින් ඉදි කරන ලද මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තො‍ටුපොළ විවෘත කල දවසේ සිටම එක්සත් ජාතික පක්ෂය ඇතුළු එවකට සිටි විපක්ෂය එම ගුවන් තො‍ටුපොළ ඉදි කල දා සිටම විවිධ චෝදනා නැගීය. ඒ එය ඉදිකිරීමේදී මුදල් ගණුදෙනු සම්බන්ධව හා එම ගුවන් තො‍ටුපොළට බලාපොරොත්තු වූ තරම් ගුවන්යානා නොපැමිණෙන බව පවසමිනි. පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ මත්තල ගුවන් තො‍ටුපොළ වී ගබඩාවකට ගන්නා බවය.

පසුව මහමැතිවරණය සමයේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වී ගබඩා කිරීම සඳහා පහසුකම් සොයා බැලීමට වී අලෙවි මණ්ඩලයේ දකුණු කලාප කලමනාකරු ඩබ්ලිව් එස් තිලකරත්න මහතාට වී අලෙවි මණ්ඩලයේ සභාපති එම් ඩී දිසානායක මහතාගේ අත්සනින් ලිපියක් එවා තිබු අතර  හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී අලෙවි මණ්ඩලය සතු ගබඩා සියල්ල පිරී පවතින හෙයින් යල් කන්නයේ වී මිල දී ගැනීම අගෝස්තු 20 වැනිදායින් ආරම්භ කෙරෙන හෙයින් පිරී ඇති ගබඩාවල වී තොග මත්තල ගුවන්තොටුපොළේ ගබඩා කිරීමෙන් ගබා හිස් කර වී මිල දී ගැනීමට ක්‍රියා කිරීම මෙහි අරමුණ වී තිබුනා.

මත්තල ගුවන් තොට 380 වර්ගයේ ගුවන් යානාවන් පවා පහසුවෙන් ගොඩ බෑ හැකි ලෝක වර්ගීකරණයට අනුව F කාණ්ඩයට අයත් වන අතර කටුනායක ගුවන් තොටුපලද අයත් වන්නේ C කාණ්ඩයටයි.

රුපියල් කෝටි 20ක් පමණ වටිනා එක්ස්රේ ස්කෑනින් යන්ත්‍ර, අධි තාක්ෂණික ගිනි සංවේදිත උපකරණ, කෝටි 5 කට වඩා වටිනා වායු සමීකරණ යන්ත්‍ර, අධි ශීතකරණ කාමර සහිත රුපියල් කෝටි 200 කට අධික ගොඩනැගිල්ල වී ගබඩා කිරීම දේශපාලන පළිගැනීමක් මෙන්ම රටේ ආර්ථිකයෙන් හා සම්පත් වලින් පලිගැනීම සදහා යහපාලන රජය විසින් මත්තල ගුවන් තොටුපල වී ගබඩාවක් කිරීම ජාතික අපරාධයක් ගුවන් තොටුපල සේවකයෝ පෙන්වා දෙති.

 

Top