Anonymous Reporter

මයිනා ගසා වංචාවෙන් විභාග පාස්වූ සන්නස්ගල ඇතුලු -ඇදුරන්ගේ ත්‍රස්ත මුහුනු නොහොත් ගරිල්ලා ඇකඩමි

නිවහල් සශ්‍රීක දේශයක කොදු නාරටිය අධ්‍යාපනයයි. රටක  අධ්‍යාපනය යනු එහි අනාගත සුරක්ෂිත බවෙහි  ප්‍රධානම සාධකයයි. රටේ දියුණුව හා ඉදිරි ගමන  රඳාපවතින්නේ මෙම ක්‍රියාවලියෙන් බිහිකරන ප්‍රතිඵල මතය. මෙකී සමස්ත අධ්‍යාපනයේ  වගකීම රඳා පවතිනුයේ  ඇදුරු ප්‍රජාව මතය.රටේ අනාගතයට ඵලදායී ජාත්‍යන්තර  අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීමේ  සම්පූර්ණ වගකීම ඇත්තේ දේශපාලකයින්ට නොව ඇදුරන්ටය. පෙර පාසැලේ සිට සරසවිය දක්වා අධ්‍යාපනයේ ප්‍රගමනයේ  රදා පවතිනුයේ ද ඔවුන් අතය. ජාතියේ අවාසනාවට ලාංකික ඇදුරන්  සිය මූලික වගකීම් අමතකකොට දෙස් විදෙස් බලවේග වල දේශපාලන අතකොලු බවට පත් වී ඇත.

 සිසුන් කුරුවල් කරන අධ්‍යාපනික තිප්පොල 

විශ්ව යාත්‍රාවේ දිශා දර්ශකය  අධ්‍යාපනයයි. එය තාක්ෂණ  දියුණුවට අනුරූපව වෙනස් වියයුතු අති සංවේදී විෂය පථයකි. අතීතයේ අකුරු කරවූ ගල් ලෑල්ල වෙනුවට ලෝකයම ඇඟිලි තුඩු මතට රැගෙන එන ටැබ්ලට් පරිඝණක පැමිණ ඇත. පන්ති කාමරයට සීමාවූ  ගුරුතුමාගේ කලු ලෑල්ල වෙනුවට, ලොව පුරා ගුරු-සිසුන් යාකරන ඉන්ට්රැක්ටිව් වයිට් බෝඩ් පැමිණ  ඇත. පොත් පුස්තකාල වෙනුවට ඒ සියලු දැනුම කැටිවූ ඩිජිටල් බුක්ලට් පැමිණ  ඇත. එදා ලංකාවේ ආචාර්යවරු ලොව කීර්තිමත් සරසවි සමඟ බද්ධ වී අධ්‍යාපනය ඉහළ තලයකට රැගෙන ආහ.  නමුත් වර්තමාන  ආචාර්යවරු  සබදකම් පවත්වනුයේ අධ්‍යාපන ආයතන සමග නොව විදේශ ඔත්තු සේවා, තානාපති කාර්යාල, එන්.ජී.ඕ කඩ සමගය. මෙහි ප්‍රතිඵලය නම් ලංකාවේ අධ්‍යාපන ආයතන සිසුන් කුරුවල් කරන තිප්පොල බවට පත්වීමය.

අසාධ්‍ය පිළිකාවක් බවට පත්  අධ්‍යාපන ක්‍රමය

අද ලොව අති සාර්ථකම ආයෝජනය බවට අධ්‍යාපනය පත්ව ඇත.එහෙයින් වර්තමානයේ  ඉහළම ඉල්ලුමක් පවතින  සේවාව වන්නේද අධ්‍යාපනයයි.  නමුත් අපගේ දේශීය අධ්‍යාපන ක්‍රමය දිනෙන් දින පරිහානිය කරා ගමන් කරයි. අවාසනාවට අපේ ආචාර්යවරු දකිනුයේ  තම බඩ වියත පමනි. සමහරෙක් විදේශ ඔත්තු සේවාවල කුලී කරුවන්ය, සමහරෙක් දේශපාලන අන්තවාදීන්ට කඩේ යයි.තවත් සමහරෙක්  ටියුෂන් කඩ මුදලාලිලාය. මෙකී විෂ මුසුවූ සමස්ථ ජාතික අධ්‍යාපන ක්‍රමය අසාධ්‍ය පිළිකාවක් බවට පත්ව ඇත. මෙහි  සම්පූර්ණ වගකීම භාරගත යුත්තේ සරසවි අධ්‍යන ඇදුරු ප්‍රජාවය. අපගේ ජාතික  අධ්‍යාපන ක්‍රමය පවතිනුයේ  අතිශයින් භයානක සහ  ඉතාමත් කනගාටුදායක තත්ත්වයකය.

සිසුන්ට වල කපන අලුගෝසු ඇදුරන්

වරක් ලෙනින් පවසා සිටියේ ගුරුවරයා සිසුන් තැනිය යුත්තේ තමා පිටුපසින් පැමිණෙන්නට නොව තමා පසුකර යන්නට හැකි වන අයුරින් බව යි. එහෙත් සිදුවන්නේකුමක් ද?  අප ඇදුරන් සිසුන් ඔසවා තබන දිසාපාමොක්ලා නොව  ඔවුන්ට වල කපන අලුගෝසුවන්ය. සිසුවකු විසින් කිසියම් විෂය පථයක නව දැනුම සොයා යාම ඔවුන් දකිනුයේ තම පැවැත්මට තර්ජනයක් ලෙසිනි. මෙහි ඇදුරන් බොහොමයක් එතනට පැමිනියේ ගිරවා ගැසීමෙන් හෝ මයිනා ගැසීමෙනි. (ගිරවා-කට පාඩම් කිරීම , මයිනා- කුඩා කොල වල අනුමාන  සටහන් ලියා සගවා ගැනීම) නව ප්‍රවනතා, දැනුම හා මුසුවූ සිසුන් ඔවුන්ට වහ කදුරුය. ඊ.ආර්.පී.එම් විභාග ක්‍රමය තුළ  ඇදුරන්ගේ නහීන පිලිවෙත මැනෙවින් දැකිය හැක. මෙම විභාගය ඉසිවරයන්ට විවරණ දීමක්  නොව ඔවුන්ගේ බෙලි කපන දංගෙඩියකි.

විභාග පාස් වීමේ රහස

ලංකාවේ  විෂය මාලා මෙන්ම විභාග ද අලි බෙට්ටේ දිවුල් මෙනි.  විශ්ව විද්‍යාල විභාග, පාසැල් විභාග, අනිවාර්ය කඩ ඉම් විභාග, ආදී  සියලු විභාග වල ප්‍රශ්න පත්‍ර  සකසන්නේ සරසවි ඇදුරන්ය.  ප්‍රශ්න පත්‍ර බලන්නේත් ඇදුරන්ය. ඇදුරන්ට සරසවි සිසුවියන් සමග හාන්සිවීමට ඇමක් ලෙස මෙකී විභාග යොදා ගනියි.  තමන් සමග නිදි නොවදින සිසුවින් එක්කො විභාගය ෆේල්ය,  නැතහොත් යාන්තම් පාස්ය. විභාගය ඉහලින් පාස් වීමට නම් ඇදට ගොඩවිය යුතුය. බොහොමයක් ඇදුරන් මහාපරිමාන ටියුෂන් කඩ හිමියන්ය.සමහරක් මෙලෝ රහක් නැති පොත් ලියන උන්ය.  මොවුන් ප්‍රශ්න පත්‍ර වලට  ඇතුල් කරන්නේ තමන් ලියු පොතක කුණු ගොඩකි.ඉන් නොනැවති ප්‍රශ්න පත්‍රයද  හීන් සීරුවේ පිට කරයි.

ඇදුරන්ගේ පැවැත්මේ රහස

යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය පිලිබද වැනි මාතෘකා ගැන විදග්ධ දෙසුම් පවත්වන කීයෙන් කී දෙනෙකු ද සැබෑ ගුරුපියවරු ද? සැබෑ ගුරු මවුවරුද? තමන්ගේ බඩ වියත වෙනුවෙන් ඕනෑම අලුගුත්තේරු වැඩක් කිරීමට බොහොමයක් ඇදුරන් නොපැකිලෙයි.  යම් සිසුවකු විසින් ඇදුරාගේ නහීන  මතවාදයට, කලකිරියාවට ගොටු ඇල්ලිම යනු සහකාර කථිකාචාර්යකම ගැනීමට නියත සුදුසු කමකි. දිගින් දිගටම මහ ඇදුරා සමග නරා වලේ කර වටක් ගිලී සිටීම ස්ථිර කථිකාචාර්යවරයකු ව ඉන් පසු  ‘‘ඩොක්ටර් පට්ටම ” ගත හැකි පහසුම මාර්ගයය. ලංකාවේ  ඇදුරන්ගෙන් බහුතරයයකගේ පැවැත්මේ රහස කඩේ යාම, පාවා දීම, ගොටු ඇල්ලිම මිස  ඇකඩමික් කෞෂ්‍යල්‍ය  නොවේ.

ලංකාවේ විශ්ව විද්‍යාල කොයිබටද

මේ වන විට ලංකාවේ කිසිදු විශ්ව විද්‍යාලයක් ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල  2000 අතර නොමැත​. ලංකාවේ හොඳම විශ්ව විද්‍යාල  ලෙස සැලකෙන කොලඹ සහමොරටුව විශ්ව විද්‍යාලද  අන්තර් ජාතික මට්ටම අනුව 2125 දක්වා තත්ත්වය පහළ ගොස්ය.  අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍යයන් වන  උගන්ඩාවේ, ඉතියෝපියාවේ සහ සිම්බාබ්වේ රටවල විශ්ව විද්‍යාලද  ලංකාවේ හොඳම විශ්ව විද්‍යාල  ලෙස සැලකෙන කොලඹ සහ මොරටුව විශ්ව විද්‍යාල  වලට වඩා ඉදිරියෙන් සිටිති. මේ පරිහානියට ප්‍රධානතම හේතුව ලංකාවේ ඇදුරන් ඇට්ටකුනා වීමය. වහල් සේවයේ යෙදෙනු  මිස ජාතියේ පෙරගමන්කරුවන් වීමට නොහැකි වීමය.  ලොව ඉහළ පෙළේ සරසවි සමඟ බැදුනු නෙට්වර්ක් එකක් හරහා අධ්‍යාපන ක්‍රමය ජාත්‍යන්තර තලයට  ගෙන යා හැකි ඇදුරන් අප සතුව නොමැත.

මෙරට සරසවි ඇදුරන්ගෙන් කී දෙනකු නව සොයා ගැනීමක් කර ඇත්ද ?

මෙරට සරසවි ඇදුරන්ගෙන් කී දෙනකු නව සොයා ගැනීමක් ,සංකල්පයක් ඉදිරිපත් කර ඇත්ද ? සරසවි ඇදුරන්ගෙන් බලාපොරොත්තු වන ප්‍රධානම කාර්යය එය වෙයි. එහෙත් ඔවුන් නොකරන්නේද එයමය. ජගත් ප්‍රජාව පිලිගන්නා මට්ටමේ කිසිදු පරියේෂණ පත්‍රිකාවක් හෝ පොතක් එළි දක්වා නොමැත. ඇදුරෙක් යයි ලෝකයට පෙන්වීමට එකෙකු සොයා ගත නොහැක. සියවසේ අභියෝග ජගතහැකි සිසු පරපුරක් බිහි කොට නැත. ඒ වෙනුවට බිහි කර ඇත්තේ ජඩ ඇදුරන්ගේ කාබන් කොපි බදු රටට කෙලවන වල් උගතුන්ය. මෙහි සිටින ඇදුරු හප ජාත්‍යන්තර ආචාර්යවරු සමග සැසඳීම විහිලුවකි. අන්තර්ජාතික දර්ශක වල ඔවුන්  සිටින්නේ ඉහළ  හෝ පහළ නොව එවැන්නක දැකීමටද නොහැක.

රාජ්‍ය සේවයේ ඉහළම වැටුප් ලබන පිරිස

රාජ්‍ය සේවයේ ආදායම නූපදවන ආයතන අතරෙන් වැඩිම වැටුපක් සහ සුපිරිතම පහසුකම්  ලබන්නේ සරසවි ඇදුරන්ය. මෙකී සුපිරි වැටුප් යනු අන් කවරක් නොව කිරි පැකැට්ටුවේ සිට මිනී පෙට්ටිය දක්වා ජනයා ගෙවන බදු මුදල්ය. තවද ඇදුරන්ගේ ඉගෙනීමට ඔවුන්ගේ පවුලේ උදවිය වියදම්  කර ඇත්තේ  සොච්චමකි . ඔවුන් එතැනට පැමිනියේ නිදහස් අධ්‍යාපනයේ  පිහිටිනි. එහි සියලු  බර පැන  දරනුයේ අන්ත දුගී ,කුළී වැඩ කරන උන් පවා දහඩියෙන්, කඳුලෙන් අතට ගන්නා මුදලින් එකතු කරන බදුමුදල්ය. පොදු ජනතාවගේ රීරි මාංශය උරා බී සුපිරි වැටුප් ලබන තනතුරකට පත්වෙන මොවුන් බහුතරයක් කරනුයේ කන්ඩ දුන් අත හපා කෑමය. ඇදුරන් කරනුයේ තමන්ට නැගී සිටීමට අත දුන් ජාතියට කෘතු ගුණ දැක්වීම නොව ඔවුන්ට සරම උස්සා පෙන්වීමය.

විනාශයේ දොරටුව පුළුල්  කරන ඇදුරන්

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වල පල්ලටට ගමන් කරන බව සියලු පුරවැසියන්ට දැනෙන කරුණකි. ජාතියේ කරුමයට  අධ්‍යාපන්යේ  රැකවලුන් වන  ඇදුරන්  විනාශයේ දොරටුව පුළුල්  කරමින් සිටියි. ෆුටා නොහොත් විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඇකඩමික් ගනුදෙනු අතහැර තක්කඩි  දේශපාලන ව්‍යාපෘතියක නියලෙයි. අද මොවුන් ලංකාවට කෙලින විජාතික බලවේගවල තවත් ප්‍රධානත්ම  බළල් අතක් බවට පත්ව ඇත.දේශද්‍රෝහි ව්‍යාපාරවලට කඩේ යාම කුලීකාර ඇදුරන්ට ධන උල්පතක්ව ඇත. පසුගිය කුප්‍රකට  ‘රෙජීම් චේන්ජ්’  ව්‍යාපෘතියේ  කස කරුවන් වූයේ ඇදුරන්ය.  ඇදුරන්ගේ සාක්කුව ඩොලර් කුට්ටි වලින් පිරී යත්ම  අනෙක් පසින්  වියකෙනුයේ ජාතියේ දූ දරුවන්ගේ මුහුනු වල සිනහවය .

ඇකඩමික් වැඩ බැරිවුනාට …

පඳුරක් පඳුරක් ගානේ රටේ වැහි වැහැල ඉන්න  ඇදුරන්ට ඇකඩමික් වැඩ බැරිවුනාට කුපාඩි වැඩ වල නම් මාස්ටර්ලාය. අවුරුදු දොලහක් දහතුනක් කඹුරලා කඹුරලා ජීවිතෙ ගැටගහගන්ඩ කැම්පස් එන කෙල්ලන්ට අනින වැඩේ නම් තිතට කරන්ඩ දන්නව.  කොපි කරන්නේ නැතිව  රිසර්ච් රිපෝර්ට් එකක් ලියාගන්ඩ බැරි අපෙ ඇදුරො බඩු බැලන්ස් කරන්ඩ නම් ස්වතන්ත්‍ර රිසර්ච්  දෙයි ඕනෑ තරම් .  ගමේ පන්සලේ බණ  අහන්ඩ යන්ඩ, සම්මාදමේ  යන්ඩ මේ ඇදුරො  ලැජ්ජ යි.  නමුත් සුද්දගෙ ජරාව කෑවහම ඕනෑම ගූ වැඩකට සෙට්, රෙදිත් ගලවගෙන පෙලපාලි යන්නේ අගනුවර මහපාරෙ. වැඩිදුර අධ්‍යාපනයට  කියල ජනතාවගේ වියදමෙන්  රට ගිහිල්ලා එහෙ ගල් වෙනව. අද වෙනකොට 600 වැඩි ඇදුරන් පිරිසක් ජනතා වියදමෙන්  රට ගිහිල්ල ගල් වෙලා. යහ පාලනය ගැන කියවන උන්ගේ නිරුවත එසේය.

 ඇදුරු සන්නස්ගල සහ නිර්මාල්

කුඩා කල සිට දේශපාලනයට පෙම් බැදි  සන්නස්ගල එහි අකුරු කියවූයේ සමරිසි විජය කුමාරතුංග සමගය. දේශපාලනය හැදෑරීමට විජය සමග ඔහු නිතර ගියේ සරත් ආනන්දගේ හලාවත නිවස වෙතය. විජය සමග ගැවසීමෙන්  සන්නස්ගල දේශපාලනය පමණක් නොව සමරිසි ජීවිතය ගැනද බොහෝ පාඩම් උගත්තේය. විජයගේ වියෝවෙන් ටික කලෙකින්  ඔහු ජනතා විමුක්ති පෙරමුනේ පන්ති පහට ගොඩ විය. විජේවීරගේ පන්ති පහ නිසා අධ්‍යන කටයුතු අතපසු විනි. අම්මා කුලී වැඩකර එවූ මුදල් නිස්කාරනේ වියදම් විය. සන්නස්ගලගේ ඔලුව මංඥං  විය.  සංනස්ගල ඒ අතර විභාගයේ  සිංහල පේපරය මයිනා ගසා  මාට්ටු විය. එය කෙලවර වූයේ විභාග තහනමකිනි. අවුරුදු 2 ක් විභාග තහනමට ලක්වී  මොලය මඥං වූ  සන්නස්ගලට  උපාධිය  සම්පූර්ණ  කිරීමට අවු 9ක් ගතවිය.

සන්නස්ගලට ජ.වි.පෙ එපා විය.  අනතුරුව ඔහු ලංවූයේ ප්‍රා සංවිධානය හා  අනුබදධවූ ස්වාධීන ශිෂ්‍ය සංගමය වෙතය. කලෙකදී විජයගේ බටයා ලෙස  හාන්සි වීම නිසා සන්නස්ගලට ප්‍රා ක්‍රියාකාරින්  සමග කිට්ටු දැන හැදුනුම් කම් තිබණි. මේ හේතුවෙන් ස්වාධීන ශිෂ්‍ය සංගමය තුල සන්නස්ගල පොරක් විය.සන්නස්ගලගේ  සහචරයා වූයේ නිරමාල් රංජිත් දේවසිරිය. ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නමින් ඕනෑම කුණු වැඩක් කිරීමේ බලපත්‍රය මොවුන් සතුවිය. මේ අතර සන්නස්ගල සහ නිර්මාල් රංජිත් කාමය වරදවා හැසිරෙන බවට මඩ කොලයක් ඇලවින. මෙය ඇලවූ බවට චෝදනා ලබන්නේ ශාස්ත්‍ර පීඨයේ වූ කරුනාසේනය. නිර්මාල් සහ සන්නස්ගල  සිගරට්ටුවකින් පුළුස්සමින්, අමානුෂික ලෙස පහරදී  පහරදී කරුවා නොහොත් කරුනාසේන  ඝාතනය කලෝය.

සරසවියෙන් ගොඩගිය ඇදුරු සන්නස්ගල සිය ගල් ව්‍යාපාරය අත් නොහලේය. සෑම වසරකම තම ටියුෂන් කඩයට පැමිනෙන සිසුන්ගෙන් කිහිප දෙනෙකු ගල් ව්‍යාපාරයට  ගොදුරු කර ගනියි.  මේ අතර සිසුන්ගේ කකුල් අතගෑමට ගොස් වැඩ ගැස්සුනු අවස්ථා එමටය. සන්නස්ගල රනිල් සමග නොබිදෙන දේශපාලන සුසංයෝගක්ව පවතිනුයේද මෙකී පොදු කරුණ  නිසාය. සත්‍යාගාරය ඇතුලු විවිධ වැඩසටහන් හරහා රනිල්ට ඩෑෂ් ගැසීමට සන්නස්ගල  බෝලය ඔසවා දෙන්නේද සමරිසි පිලිවෙත අනුවය. සරසවිය තුල මයිනා ගසා වංචාවෙන් විභාග පාස්වූ  සන්නස්ගල සිසුන් සමගද එහි අනුහස් බෙදා ගනියි. සෑම වසරකම සිංහල පේපරය පන්නා ඉන්  ප්‍රශ්න කිහිපයක් තම ටියුෂන් කඩය තුල විකුණයි.

යහපාලන ඇදුරු ජගත් විජේනායක

ජගත් විජේනායක දේශපාලනයේ අකුරු කරනුයේ සිය සහෝදර ලාල් විජේනායක සමගය. ලාල්ගේ චන්ද පත්‍රිකා අයි.එම්.එස් ආයතනය තුල වූ ජගත්ගේ ටියුෂන් කඩය හරහා බෙදාහරින්නේ අනූ ගනන් වල සිටය. ටියුෂන් වෙළදාමෙන් ගොඩ ගැසූ මුදල් වලින් චිත්‍රපට  නිෂ්පාදනයට පලමු වරට අත ගසන්නේ කලු මුදල් සැගවීම අනාරක්ෂිත බැවිනි. චිත්‍රපටයේ ෂූටින් බැලීමට යන කලු කැත ඇදුරු ජගත්ට සුදු ලස්සන නිලියන්  සමග තොදොල් වීමට ඉඩ ලැබෙයි. ඒ අනුව ඇදුරු ජගත්ට නිලි මස් රස බැලීමට පින පෑදෙයි. නිලියන් සමග හාන්සිවීමේ චර්යාව වෙනුවෙන්  ජගත් විජේනායක චිත්‍රපට  නිෂ්පාදනයට  දිගින් දිගටම  පෙලඹෙයි.

 නිලියන් සමග හාන්සිවීමට ඇබ්බැහි වන විජේනායක  එය වෘත්තියක් ලෙසින් කරගෙන යාමට මෙගා ටෙලි නාට්‍ය කලාවට අත ගැසීය. 2013-2015 අතර තුර කොටස් 100 කින් සමන්විත මෙගා නාට්‍ය  හයක් ඔහු නිෂ්පාදනය කලේය .මේ සදහා යොදාගත් ප්‍රවීන සහ නවක නිලියන්  ගණන  79 කි. ඉන් බහුතරය ඇදුරු ජගත් සමග යහන් ගත විය. ඒ අතර ජාතික සහ ස්වාධීන රූපවාහිනියේ නිලධාරීන්ට සහ  රූපවාහිනිය  භාර ඇමතිවරයාට සිය අන්තංපුරයේ සේවය නොමසුරුව ලබාදුනි. ඒ අනුව ඔහුට දේශපාලන අනුග්‍රහය  ඉහළින්ම ලැබුණු අතර  රූපවාහිනී  නාට්‍ය  අංශයේ සියලූ උපකාර ලබා දුනි. වසර දෙක තුල  නිලි මස් ජාවාරමේ නියුතු  ඇදුරු ජගත්ට රූපවාහිනිය ගෙවා ඇති මුදල ලක්ෂ 981.

ඇදුරු ජගත් විජේනායක සිය අන්තඃපුරයට සමනලී ෆොන්සේකා බදවා ගන්නේ ‘රස්තියාදුකාරයා’ නාට්‍ය නිෂ්පාදනය කරන අතරතුරය. කුප්‍රකට   රෙජීම් චේන්ජ්  ව්‍යාපෘතියට ඇදුරු ජගත් විජේනායක එක්වන්නේ මේ අතර කාල වකවානුවේය.නමුත් ජගත් විජේනායක ප්‍රසිද්ධ වේදිකාවේ දේශපාලන කථා පැවැත්විමට නොදන්නා සේම නොහැකිය.  ඇදුරු ජගත්, පුරවැසි බලය නම් එන්.ජී.ඕ නඩයට සිය අන්තඃපුරයේ  සේවය නොමසුරුව ලබා දුන්නේය. අන්තඃපුර  බල ඇනියේ නායකත්වය පැවරුනේ සමනලීටය. ජගත්ගේ අන්තඃපුර සේවයෙන් ‘පුරවැසි බලයේ’  නාකි හම් පඩයන් තිරිහන් විය,ෆොර්ම් විය.

යහපාලන  ඇදුරු සරත් විජේසූරිය සහ  ෆුටා සභාපති චන්ද්‍රගුප්ත තේනුවර

සරත්ලා, තේනුවරලා ගැන ද ලිවීමට  පෞද්ගලික කරුණු ඕනෑ තරම් ඇතක්  විශේෂිත කරුණක් පිලිබදව මෙහිලා ලිවිය යුතුය. එය නම් මොවුන් දෙදෙනා හීනෙන් පවා මතුරන සුදු වෑන් කථාවේ ඇත්ත ඇති තතුය. එල්.ටී.ටී.ඊ සංවිධානයේ ඊලාම් ව්‍යාපෘතිය මිලිටරි ක්‍රියාන්විතයකින්කින් අවසන් කිරීමේ මෙහෙයුමට විවිධ පාර්ශව, පුද්ගලයන් සම්බන්ධය.

 ඊලම් ව්‍යාපෘතිය අවසන් වීමෙන්  රටට අත්වූ යහපත පිලිබද ඇදුරු තේනුවරලා සරත්ලා  වචනයකදු කථා නොකරයි. ඒ වෙනුවට මොවුන් කරනුයේ යුධ සමයේ සියලු සිදුවීම් පිලිබදව රාජපක්ෂලාට ඇගිල්ල දිගු කිරීමය. එජාප මන්ත්‍රී ජෝෂප් මයිකල් පෙරේරා 2008 ජුලි 8 වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ සරත් ෆොන්සේකා  විසින් මෙහෙයවන ලද විශේෂ කණ්ඩායමක් මඟින් ලසන්ත වික්රමතුංග ඝාතනය කල බවය.ප්‍රදීප් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් මරා පුලුස්සා දැමුවේ චම්පික රණවක බවට සාක්ෂි පරීක්ෂණ කණ්ඩායම් සතුය.

2005 -2006  කාලයේ කුමාර් රූපසිංහගේ ආරක්ෂාව භාර වූයේ සුනිල් ආනන්ද යටතේ ශේෂ වූ ප්‍රා කාඩරයන්ටය. එකල්හි රූපසිංහගේ බුද්ධි අංශය භාරවූයේ මෙකී ලියුම් කරුටය. එන්.ජී.ඕ කිං රූපසිංහට කන කොකා ගැසීම ලියුම්කරු නිසා ඉක්මන් විය. තවද  රවිරාජ් ඝාතනයට උත්සාහ  කලේයැයි පළමු වටයෙදී  සැක පිට අත් අඩංගුවට ගැනිණි . කලුතර දකුණ  පොලීසිය වෙත ප්‍රශ්න කිරීමට රැගෙන ගිය ලියුම් කරු නිදහස්වූයේ කෙසේදයත්, කුමන්ත්‍රණය කෙසේවීදයත් පිලිබද සුදු වෑන් ගැන  මතුරන  ඇදුරන්ට තම බෝට්ටුවේ වසන  කුමාර් රූපසිංහගෙන්ම විමසා දැනගත හැක.

කෙසේ වුවද ඊලාම් ව්‍යාපෘතිය මිලිටරිය යොදවා අවසන් කල යුතු බවට හඩ නැගූ සියලු පාර්ශවයන්ට ජනතා ආචාරය හිමිවිය යුතුය. ඔවුන්ගේ ස්ථාවරය මිලිටරි සහ පැරා මිලිටරි බල ඇණි  වල ඉදිරි ගමනට  මහත් රුකුලක්, ශක්තියක් විය.

බටහිරයන්ගේ ඩොලර් කුට්ටි වල හැපී සිහිවිකල්ව අදුරේ ගමන් කරන ඇදුරන් ප්‍රවේසම් විය යුතු කාලය එලඹ ඇත.කුප්ප වැඩ නවතා ජාතියේ කොදු නාරටිය වන් අධ්‍යාපනය  නගා සිටුවීමේ සිය මූලික යුතුකමට  උර දිය යුතුව ඇත.

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක

 

Top