Breaking
24 Feb 2025, Mon

මරණ තුනක් මැද සිරිසේන

කොටින්ට එරෙහිව මහිදගේ මිලිටරි ව්‍යපෘතිය ආරම්භ කරන විට යූ එන් පී කාරයන් ඒ දෙස බැලුවේ අවඥාවෙන්ය. රනිල් ඇතුලු යූ එන් පී සහචරයන් යුධ ක්‍රියාන්විතය පාර්ලීමේන්තුවේදී උපහාසයට ලක් කලේය.යූඑන් පියේ මුර බල්ලා වූ ලසන්ත ඉරුදින පත්තරය හරහා කොටි යුධ ශක්තිය අතිශයොක්තියෙන් වාර්තා කලේය. හමුදාව පසුබහින විට බෝම්බයක් පුපුරන විට යූඇන්පී කාරය ලැබුවෙ කාලකන්නි සතුටකි. කොටිගුවන් ගුවන්යානා අගනුවරට පහරදී නිරුපද්‍රිතව මුලතිව් වනයට පියාබා ආපසු යන විට යූ.එන්.පී කාරයන්ට ගෙන දුන්නේ පුදුම ආනන්දයකි.ප්‍රභාකරන්ගේ අවසානය යූන්පී කාරයන්ට දැනුනේ ලගම ඥාතියෙකුනැතිවූ සෙයකිනි. මහින්ද නැතිවන තුරු බලා සිටි යූ එන් පී කාරයන්ට ප්‍රභාකරන්ගේ මලගම සමග වැලේ වැල් නැති විය. කැපුවත් කොළ යූඇණ්පී කාරයන්ට වූ ලැජ්ජාවට ගෙයින් එලියට බැසිය නොහැකි විය.අවසානයේ කීවේ නියම ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර බවත් අඹුඩය පිටින් සිටියේ ඔහුගේ ඩමියක් බවය.

ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, නෝර්වේ ආදී රටවල් යුද්ධයේ අවසන් අවස්‌ථාවේදී, සටන් විරාම ගිවිසුමක්‌ මගින් කොටි බේරා ගැනීම සඳහා ප්‍රභල උත්සාහයක යෙදුනු බව නොරහසකි. මුල්ලිවයිකාල් ප‍ටු තීරුවක සිරවූ කොටි නායකයන් බේරා ගැනීමට ඇමෙරිකානු යුධ නෞකාවක් සූදානමින් සිටියේය. තමන්ගේ අරමුණු ඉටුනොවීමත්, ලංකාව තමන්ගේ කීමට පිටුපා ගොස්‌ යුද්ධය අවසන් කිරීමෙන් ඇමරිකාව,බ්‍රිතාන්‍යය, ප්‍රංශය ආදි රටවලට මදිකමක්‌ විය. කලාපය තුල චීන ආධිපත්‍යය ව්‍යාප්ත වීමට ඉඩ හැරීම මහින්ද පාලනය ඉක්මනින් අවසන් කිරීමට තවදුරටත් පෙළබවීය. නමුත් ත්‍රස්‌තවාදීන්ගේ දඩ බිමක් බවටපත්වූ රටක්‌, අධිරාජ්‍යවාදීන්ගේ කෙළි බිමක්‌ බවට පත්වූ රටක්‌ මුදා ගැනීමට මහින්දට හැකි විය. සුද්දන්ට වූ මදි පුංචි කමේ වාඩුව ගැනීම සහ රටේ සාරය උරා බීමේ සැගවුනු න්‍යාය පත්‍රය දෙවන වටයකින්ක්‍රියාවට නැගිනි. යුධ අපරාධ චෝදනා ‍රැගෙන ඒම එහි පලමු පියවර විය. ඉන්පසු 2010 ජනාධිපතිවරණයේදී මහින්ද පරාජය කිරීම සදහා පොදු අපේක්ෂකයෙකු ලෙස සරත් ෆොන්සේකා ඉදිරිපත් කලේද ඇමෙරිකානු කුමන්ත්‍රනයේ කොටසක් ලෙසය.

2010 වර්ශයේදී මහින්ද ආණ්‌ඩුව පෙරළා දැමීමට නොහැකි වූ නමුත් ඇමරිකාව ඇතුළු රටවල් ඔවුන්ගේ අරමුණ අත්හලේ නැත. සෑම වසරකම එ.ජා මානව හිමිකම් කවුන්සිලයට ලංකාවට එරෙහිව යෝජනාවක්‌ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට ඇමරිකාව ඇතුලු රටවල් කටයුතු කලේය. ජෝන් කෙරී, , ඩේවිඩ් කැමරන් ආදීන් යෝජනාවට සහාය ලබාගැනීම සඳහා සාමාජික රටවලට බලපෑම් කලේය. ඉන්දියාවේඅනුදැනුම ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය යයි උතුරු පලාත් සභාවේ යෝජනාවක් සම්මත කලේය. ජිනීවා වලදී ලංකාවට එරෙහිව චන්දය දෙන ලෙස ඉල්ලමින් ටී.එන්.ඒ ලොව පුරා කැම්පේන් කලේය. ඒ අතරමහින්දගේ ජන පදනම බිදලීමට කුට උපායන් යෙදුවේය. එක් පසෙකින් ඥානසාර වැනි අන්තවාදී චීවරධාරීන් යොදවා මුස්ලිම් ජනයා බිදවීය. අනෙක් පසින් සෝභිත වැනි ජනප්‍රිය චීවරධාරීන් යොදවා යහපාලනයක් ගැන මැතිරුවේය. මේ සියලු කුමන්ත්‍රන අතර තුර 2015 ජනාධිපතිවරණය පැමිනියේය.

රෝ ඔත්තු සේවය සමග රහසේ නිදිවැදුනු චන්ද්‍රිකා අවසාන මොහොතේ කුමන්ත්‍රනය කූටප්‍රාප්තියට නැංවීය. ඒ සිරිසේන පොදු පොදු අපේක්ෂකයා ලෙසට ඇන්දවීමෙනි. ඉන්දියාව සහ ඇමෙරිකාව ප්‍රමුඛබටහිරයන්ට ණය ණය ගෙවීමට චන්ද්‍රිකා, රනිල්, සිරිසේන බැදී ඇත. මහ ජාතියේ ප්‍රධානතම අවිය වූ විධායක ජනපති ක්‍රමය අහෝසි කරමින් ෆෙඩරල් පාලනයක් ගෙන එන නව ව්‍යවස්ථාවේ සිට, ආරක්ෂක හමුදාවේ කොදු නාරටිය බිද දැමීම දක්වා පාවාදීම් ‍රැසක ආරම්භය අත ලගය. නමුත් රෝ ඔත්තුකරුවන් සමග නිතර ඉන්දියාවට යමින් චන්ද්‍රිකා හා සැතපුනු සෝභිතට කල කම් පල දීමට කල් ගත නොවිනි . ඊලගට පැමිනෙන්නේ සිරිසේනගේ වාරයයි. අද සිරිසේන සිටින්නේ මරණ තුනක් මැදය. රනිල් , බටහිර කදවුර හෝ රටේ ජනතාව මේ අතරින් කවරෙකු හෝ හෙට දිනයේ සිරිසේනගේ ගහලයා වන බව නියතය.මක් නිසාදයත් බොරුවේ අයුෂ කෙටිය. දර්ශනවාදියෙකු කියූ පරිදි “යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම් ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය.”

හෙට දිනයේ සිංහලයාගේ සන්තෑසිය සරල කථාවකින් කිව හැක.

මිනිසෙක් කැලයක් මැදින් ගමනක් යන විට කූඩුවක අසුව සිටි කොටියෙක් දු‍ටුවේය. කොටියා බැගෑ පත් ලෙස කථා කොට කූඩුවේ දොර අරින්නැ කීවාලු. තවද උපකාර කල කිසිවෙකුට අනතුරක් නොකරන බව දිවුරා ප්‍රකාශ කලාලු. කොටි වචනය විශ්වාස කල මිනිසා දොර ඇරියේය. කොටියා පිට වූ විගසම මිනිසා මරා කන්නට සැරැසිණි., “ඔබට එළියට ඒමට උපකාර කළ මා මැරීම යුතු කමෙක් දැ“යි ඇසීය. “මිනිසුන් හා සතුන් මරා කෑම මගේ සිරිතෙකි. ඒ නිසා ඔබ මැරීම අයුත්තෙක් නො වේ යයි කීය. “හොඳයි, ඔබේ තීරනය මෙය නම්, අපි මේ ගැන තවත් කෙනෙකුගෙන් අසා බලමු. ඔහු කරන නියමයකට මම යටත් වෙමි“යි මිනිසා කීවේය. අතර මඟ දී ඔවුනට හිවලකු මුණ ගැසිණ. මුහුන පෑ සන්තෑසිය හිවලාට කීහ. හිවලා කථා කරමින්,. පළමුව කොටියා කූඩුවේ උන් සැටි ද මිනිසා දොර ඇරිය සැටි ද මට පෙන්වන්නයි කීවේය. එය පෙන්වීමට කොටියා කූඩුව ඇතුළට විය. මිනිසා දොර වැසුවේය. “යමක් කිරීමට පෙර සිතා බැලිය යුතු බව මතක් කර හිවලා චුත විය. කුඩුවේ සිටියේ කොටියා ඇතුලු උන්ට කිරි පොවන සියල්ලන්ය. කූඩුවේ සිටි එකා නිදහස් කලේ සිංහල ඡන්ද දායකයන්ය. හෙට දවසේ ගැලවුම්කරු නම් නම් හිවල් නුවනය.

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.