Breaking
25 Feb 2025, Tue

මල ගෙදරකදිවත් ගෝඨාභය, මෛත්‍රී හමුවි නෑ..

පසුගිය ජූලි මාසයේ  31 වැනි දා ගෝධාභය රාජපක්ෂ මැතිතුමන් හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මැතිතුමන්ගේ මැදිහත් වීමෙන් රහසිගතව සිරිසේන ජනපතිතුමන්ව හමු වූ බවට     පලවන පුවත් අසත්‍ය බවත්  ජූලි මාසයේ  31 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකාවේ හිටියේ නොමැති බවත් එපමණක් නොව   පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු මල ගෙදරකදි මගුල් ගෙදරකදිවත් මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමන් හා ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුවී නැති බව ඉතාමත් වගකිමෙන් යුතුව තමන් පවසන බව පිවිතුරු හෙළ උරුමය පක්ෂ ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මහතා සදහන් කළා.

“මා මේ දිනවල ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ නිල නොලත් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන නිසා එතුමන් සම්බන්ධයෙන් එක්තරා සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක පලවූ  අපහාසාත්මක ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් අදහස් දැක්විය යුතුයි.  එම පුවතින් කියවුනේ පසුගිය ජූලි මාසයේ  31 වැනි දා ගෝධාභය රාජපක්ෂ මැතිතුමන් හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මැතිතුමන්ගේ මැදිහත් වීමෙන් රහසිගතව සිරිසේන ජනපතිතුමන්ව හමු වූ බවයි.  එතැනදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් කල යෝජනාවලට ජනපතිතුමන් සාවධානව අසා සිටියා මිස එතුමන් කල යෝජනා වලට එකගත්වයක් වත් එතුමන්ට පක්ෂයේ තනතුරක් දීමට එකගත්වයක් වත් පලකලේ නෑ කියන බවත් එම පුවතින් කියවුනා.”

“ජූලි මාසයේ  31 වැනි දා ජනපතිතුමන් ලංකාවේ  හිටියත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් හිටියේ ඇමරිකා එක්සත් ජනපදයේ. එතුමන් සැප්තැම්බර් 02 දින තමයි ලංකාවට පැමිණියේ. මෙවැනි පුවතක් පල කිරීමේ අරමුණ කුමක්ද ? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ගැන මේ  සමාජයේ විශාල පිලිගැනීමක් හා ගෞරවයක් තියෙනවා දේශප්‍රේමියෙක් විදිහට.  ඒ වගේම විශාල කීර්තියක් තියෙනවා මහතීර් මොහොමඩ් ලී ක්වාන් යූ වැනි රට පිළිබද දැක්මක් ඇති නායකයෙකු විදිහට.”

“මේ ඉංග්‍රීසි පුවත්පත දැන හෝ නොදැන කවුරුන් විසින් හෝ සැලසුම් සහගතව දුන් ලණුවක් කාල තියෙන්නේ ආණ්ඩුවත් සමග ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඩීල් එකක ඉන්නවාය කියන එක රටට පෙන්වීමට උත්සහ දරන එකයි. ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩු විරෝධී සටනක හිටියත් ගෝඨාභය මැතිතුමන් නම් ඉන්නේ ජනපතිතුමන්ගෙන් තනතුරු ගැනීමේ සූදානමක වැනි චිත්‍රයක් මවා පෙන්වලා ඒකාබද්ධ විපක්ෂයේ සටන් කාමීත්වය මොට කරල එතුමන් පිළිබදව සමාජය තුල ඇති ගෞරවය කීර්තිය පලුදු කිරීමේ උත්සහයකුයි මේ දරන්නේ.”

“ඒ නිසා මා ඉතාම වගකීමෙන් කියනවා ජූලි මාසයේ  31 වෙනිදා ගෝඨාභය මැතිතුමන් ලංකාවේ හිටියේ නැහැ.  ඒ විතරක් නොවේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු මල ගෙදරකදි මගුල් ගෙදරකදිවත් මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමන් හා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් අතර හමුවක් සිදුවී නැහැ.”

“මෙවැනි අසත්‍ය පදනම් විරහිත පුවත් හරහා එම පුවත්පතේ කීර්තිනාමයට විනා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ කීර්ති නාමයට හානියක් සිදු නොවන බව ප්‍රකාශ කල යුතුයි.”

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.