Featured

මවුබිම විකුණන මේ අවජාතක ගොඩ්ෆාදර්ලාගෙන් ප්‍රවේශම් වනු- අපි සැමදා මවුබිම සමගයි

රාජපක්ෂලා පන්නා දමා බෙදුම්වාදීන්ට රට ලියාදි කියක් හෝ හොයාගෙන ජිවත් විමේ වංචනීක මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටින අවශ්‍ය නම් තමන්ගේ දරුවන්,බිරිඳ පවා මුදල් වෙනුවෙන් පාවාදිය හැකි අසමජ්ජාති අවජාතක කප්පම්කරුවන් කිහිප දෙනෙකුට මේ දිනවල බඩ සුද්ද වි තිබේන බව ඉතා පැහැදිලිය.

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අමූලික බොරු ගොතමින් වැඩිපුරම මඩ ගැසූ lankaleaks.com , lankaxnews.com යන වෙබ් අඩවි පවත්වාගෙන යමින් ව්‍යාපාරිකයන්ගෙන් මිලියන් ගණනින් කප්පම් කෑ මේ වෙබ් මාෆියාවේ ගොඩ්ෆාදර් ලා යැයි උන් විසින්ම කියා ගන්නා ගෙවලයන් දැන් රට බෙදුම්වාදීන්ගෙ ග්‍රහණයෙන් මුදවා ගැනිම සදහා පෙනී සිටින වෙබ් අඩවි සදහා මඩ ගැසිමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

රටපුරා ජනතාව ගේ ඉඩම් හොරා කා රටින් පැන ගොස් දේශපාලන රැකවරණය ලබන අතරතුර අටවාගත් අපගේ නමට සමාන නමක් ඇති ඉන්දිය “රෝ” සංවිධානයේ සහ ලංකාවේ විවිධ වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ ගූ නිවුස් හරහා ලබන මාසික වේතනය සහ ව්‍යාපාරිකයන් බිල්ලට ගනිමින් කප්පම් රැස් කිරිම හරහා(ලංකාවේ කප්පම් එකතු කරන්නගේ නම පසුව අනාවරණය කරන බව මතක තබා ගන්න) පවත්වාගෙන යන  lankanewsweb.net වෙබ් අඩවිය අද අප වෙබ් අඩවිය වන  www.lankanewsweb.today නම භාවිතා කරමින් අපව කප්පම්කරුවන් ලෙස හඳුන්වාදිමට උත්සහ දරා තිබේ.

සමාන්‍යයෙන් හොරාට පෙර වැට පනීන කතාව අපේ රටේ ඉගෙනගත් බත් පමණක් කන් ඔනෑම අයෙකු දනී.අපට ඒ අකාරයේ මඩක් ගැසිමට ඔහුන් කටයුතු කලේ එම පුරුද්ද ඉතා හොඩින් ඔය කියන මාෆියා ගෙවලයන්ට ඇති නිසාවෙනී.අපි එක කරුණක් ඔය කියන් මාෆියා කරුවන්ට අවධාරණය කිරිමට කැමත්තේමු…ඔය ලියන මහත්හොරුන් කප්පම් ගත් ආකාරය කැමතිනම් ඉතාමත් විශ්වාසනීය සාක්ෂි සහිතව ඔප්පු කල හැක.එනම් චෙක්පත්,මුදල් අන්තර්ජාලය හරහා යොමු කිරිම්(online transaction) වැනි දෑ සහිතවය.  එම නිසා රට විකුණු මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා ඔය සොකඩයන් ඉල්ලන් ටිංකිරි පු….(හිස්තැනට අදාළ අකුර ලියා ගන්න ) ගා නොගෙන සිටි යැයි අප විස්වාසය කරමු.

මේ අතර කප්පම් මුදල් ගණන සදහන් නොකිරිමට  lankanewsweb.net ලංඩන් සඟයා කටයුතු කල තිබුනද ලංකාවේ සිටින කප්පම් එකතුකරන්නගේ කල්ලීයේ සමාජිකයන් පවත්වාගෙන යන ලංකා ඩේලී  නැමති වෙබ් අඩවියේ සදහන්ව ඇත්තේ

_උපුටා ගැන්ම ලංකා ඩේලී _

“මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රකට පුද්ගලයන්ගේ නම් පාවිච්චි කරමින් ඔවුන් විසින් කප්පම් ඉල්ලන බවට ව්‍යාපාරිකයන් රවටා මෙම කටයුත්ත සිදු කර ඇති බවත් වාර්තාවේ. මේ වන විට රුපියල් මිලියන 50 කට අධික කප්පම් ප්‍රමාණයක් ඔවුන් මෙලෙස ලබාගෙන ඇති අතර එම සියලු මුදල් විදේශ බැංකු ගිණුමකට බැරකර ඇති බවත් වාර්තාවේ.”

LNW.today – සමහරවිට රාජපක්ෂ ආණ්ඩුව පෙරලීම සදහා ගණිතය බැරි බත්කන ගොන්නුන්ට අංක ගණිතය හරහා මොලය අවුල්කල ඔහුන්ට තාමත් එම මානසිකත්වයෙන් මිදෙන්නට බැරිබව ඉතා පැහැදිලිය එම නිසාම  රුපියල් මිලියන 50ක කප්පමක් ගත් බව සදහන් කර තිබේ.සමහර විට මෙය ලියු ගස් ගෙවලයා මිලියන් 50ට බිංදු ගණන වත් නොදන්නවා විය හැක.

පච චොදනා ….

-උපුටා ගැන්ම ලංකා නිවුස් වෙබ් ඩොට් නෙට් –

ව්‍යාපාරිකයන්ගේ ගනුදෙනු සම්බන්ධයෙන් වෙබ් අඩවිවල වාර්තා පළකර ඒවා ඉවත් කිරීම සඳහා එම ව්‍යාපාරිකයන්ගෙන් ‘කප්පම්’ ගැනීමේ ජාවාරමක් පිළිබඳව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

LNW.today -අප www.lankanewsweb.today වෙබ් අඩවිය කිසිම දිනක පලකල පුවතක් ඉවත් කිරිමට කටයුතු කර නොමැති බව ඉතා අවධාරණයෙන් ඔබට සදහන් කිරිමට කැමැත්තෙමු.ඉදිරියෙදිද එය සිදු නොවනු ඇත.

ඇත්ත 

-උපුටා ගැන්ම ලංකා නිවුස් වෙබ් ඩොට් නෙට් –

මෙම වෙබ් අඩවිය සම්බන්ධයෙන් මේ වන විට හෙළි කරගෙන ඇති තොරතුරු අනුව මෙය ශ‍්‍රී ලංකාවේ සිට ක‍්‍රියාත්මක වන බවත් එහි මෙහෙයුම්කරුවෝ පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ව්‍යාජ පුවත් ප‍්‍රචාරය කර ඇති බවත් හෙළිව තිබේ.

LNW.today -බෙදුම්වාදීන්ගේ මුදල් වලින් බාල් නටන එවුන්ට අප ලියු පුවත් ව්‍යාජ පුවත් විය හැකිය.එවා ව්‍යාජ පුවත් නම සත්‍ය අනාවරණය කිරිමට අප Right To Reply හරහා අවස්ථාව ලබාදි තිබේ.අප පසුගිය කාලසිමාවේ මෙන්ම අදත් මවුබිම වෙනුවෙන් සටන් කරන අතර එම සටනේදි එකීය රටක් වෙනුවෙන් තවමත් පෙනී සිටින මහින්ද රාජපක්ෂ පමණක් නොව ඔනෑම කෙනෙකුට  සහය දැක්විමට අප දෙවරක් නොසිතන බව මතක තබාගත යුතුය.

-උපුටා ගැන්ම ලංකා නිවුස් වෙබ් ඩොට් නෙට් –

මෙම කල්ලිය විසින්ම ‘සත්හඬ’ පුවත්පතේ sathhanda.com නමින් තවත් ව්‍යාජ වෙබ් අඩවියක් පවත්වාගෙන යනු ලැබේ. මෙම වෙබ් අඩවි දෙක සඳහාම මූල්‍ය පහසුකම් සලසා ඇත්තේ යෝෂිත රාජපක්ෂ විසින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණවලින් හෙලිදරව් වී ඇත.

LNW.today –  sathhanda.com නමින් පවත්වාගෙන යන වෙබ් අඩවිය අපගේද වෙනත් අයෙකු එකක්ද යන්න මේ කියන ගෙවලයන්ට ප්‍රශ්ණයක් වුවත් රටේ ප්‍රගතිශීලි සත්‍ය තොරතුරු දැන ගැනිමේ අවශ්‍යතාව අනුව පෙලේන ජනතාවට ගැටලුවක් නොවේ.අනික වෙබ් අඩවියක අයිතිය සොයන්නට අවශ්‍ය නම් ඒ සදහා ජනමාධ්‍ය අමාත්‍යංශයක් තිබේ.

-උපුටා ගැන්ම ලංකා නිවුස් වෙබ් ඩොට් නෙට් –

එම වෙබ් අඩවියේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරකයා වන විදේශ අමාත්‍යංශයේ ජේෂ්ඨ උපදේශක තුසිත හල්ඔලුව මහතා මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට මාස කීපයකට පෙර පැමිණිල්ලක් කළ අතර මෙම කප්පම් සිද්ධියෙන් පසු මෙහි ඇත්ත නැත්ත මේ වන විට හෙලිදරව් වෙමින් පවතී.

LNW.today – මේ වංචනීක පුද්ගලයන් රටේ වැදගත් ප්‍රසිද්ධ හා වගකිම් සහිත පුද්ගලයන්ගේ නම් භාවිතා කරමින් ඔහුන්ට අපහාස අන ආකාරයට කටයුතු කර ඇත්තේ දඹුල්ලට ගිය එකා එන ගමන් තලගොයෙකුද මරා ගත්තා සේ වැඩකි.මෙහි සදහන් කර ඇති විදේශ අමාත්‍යංශයේ ජේෂ්ඨ උපදේශක තුසිත හල්ඔලුව මහතා සම්බන්ධයෙන් අපද පුවත් පලකර තිබු අතර ඔහු ඒ සම්බන්ධයෙන් අපහට පිළිතුරු දි තිබුනේ නෑ.එයට හේතුව අප නොදන්නා අතර අප වෙබ් අඩවිය වන www.lankanewsweb.today සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහුගෙන් තියා කිසිවෙකුගෙන් පැමිණිල්ලක් යොමු වි නැති බව අප කොළඹ විශේෂ වාර්තාකරු  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කල විමසිමේදි අනාවරණය කර තිබේ.

මීට අමතර විදේශ අමාත්‍යංශයේ ජේෂ්ඨ උපදේශක තුසිත හල්ඔලුව මහතාගෙන්ද මේ සම්බන්ධයෙන් විමසිමක් කිරිමට අප නියෝජිතයන් සුදානමින් සිටි.

අවසාන වශයෙන් එක දෙයක් අප ඉතා තරයේ මේ අවජාතක ගොඩ්ෆාදර්ලාට අවධාරණය කරමු.එනම් ඔබ ඔය ගල්ගසන්නේ විදුරු ගෙවල්වල සිට කියා අමතක නොකරන ලෙසයි. 

මවුබිමේ එකීයභාවය වෙනුවෙන් අප තැබු පියවර කිසිදිනක යලි හැරවිය නොහැක……

සබැඳි පුවත- රටට සතුරු වෙබ් මාෆියාව නැවතත් කරලියට

 

Top