Breaking
22 Feb 2025, Sat

“මහජන බැංකුව” උකසට තියලා කොමිස් ගහන්න හදලා!  “බිලියන 2කේ මහත්තයා “ගේ කුප්‍රකට වැඩ නිසා රාජ්‍ය බැංකු අනතුරේ.. 

ශ්‍රි ලාංකීය රාජ්‍ය බැංකු ක්ෂේත්‍ර ඉතිහාසයේ රාජ්‍ය බැංකුවක් ජාත්‍යන්තර බැංකුවක් ඉදිරියේ අප්‍රසාදයට ලක්වෙන අකාරයට මහජන බැංකුවේ (People’s Bank) සභාපතිවරයා කටයුතු කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. රටේ අවශ්‍යතාව මත රාජ්‍ය බැංකු ජාත්‍යන්තර බැංකු සමග ණය හුවමාරු ක්‍රමවේදයන් දියත් කරන අතර එය රජයේ ඉල්ලිම මහා භාණ්ඩාගාරය හරහා සිදුවන කටයුත්තක් වන අතර ඒ සදහා රාජ්‍ය බැංකු සක්‍රිය ලෙස දායක කර ගැනේ.

මේ අතර මහජන බැංකුව (People’s Bank) ඩුබායි හි Mashreq Bank සිදුකරන අතර එ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 200ක (200$ Million) මුදලක් Mashreq බැංකුව හරහා ගැනිමට යෝජනා වි තිබේ.එම යෝජනාව දියත් වෙමින් තිබියදි මහජන බැංකුවේ (People’s Bank) සභාපතිවරයා ලෙස කටයුතු කරන කුප්‍රකට සුජීව රාජපක්ෂ සaජුවම බැංකුව අමතමින් අදාල ණය මුදල ලබා ගැනිමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරිම සදහා අතරමැදි ආයතනය ලෙස  BDO Partners ජාත්‍යන්තර විගණන හා ගිණුම් හසුරුවන ආයතනය යොදවා ගන්නා ලෙසට යෝජනා කර තිබේ. ඒ හරහා අදාල ගණුදෙනුව සිදුකරන ලෙසත් ඒ සදහා සියයට 1% කොමිස් මුදල එම ආයතනයට ලබාදෙන ලෙසත් යෝජනා කර තිබේ.  BDO Partners ජාත්‍යන්තර විගණන හා ගිණුම් හසුරුවන ආයතනයේ ශ්‍රි ලංකාවේ ශාඛාවේ Managing Partner ලෙස කටයුතු කරනු ලබන්නේද සුජිවයි.

ඩුබායි හි පිහිටි Mashreq බැංකුව ශ්‍රි ලංකාවේ රාජ්‍ය බැංකු සමග අතීතය පටන්ම ගණුදෙනු කරන ලද බැංකුවක් වන අතර එම යෝජනාව සම්බන්ධයෙන් කලකිරිමට පත් බැංකුව ඒ සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයට ලිඛිත්ව දැනුම් දිමට කටයුතු කර තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ. මේ සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය රජයට දැනුම් දි ඇති අතර ඒ පිළිබඳව පරික්ෂණයක් ආරම්භ කර තිබේන බවද වාර්තා වේ.

2015 වසරේ “ද ෆිනැන්ස්”(The Finance) සමාගම රජයට පවරා ගැනිමේ ක්‍රමවේදයේදි එවකට සිටි මුදල් අමාත්‍ය රවි කරුණානායක සමග එක්ව මේ අකාරයටම එහි මුල්‍ය ප්‍රකාශණ විගණනය කරන මුවාවෙන් තමන්ට අයත් BDO Partners ආයතනයට රුපියල් බිලියන් 2ක කොමිස් මුදලක් ලබා ගැනිමටද සුජීව රාජපක්ෂ කටයුතු කර තිබේ.ඒ නිසාම ඔහු මුල්‍ය ක්ෂේත්‍රය තුල හදුන්වන්නෙ “බිලියන 2කේ මහත්තයා ” යනුවෙනි.

මේ තත්ත්වය යටතේ ජාත්‍යන්තර විගණන හා ගිණුම් හසුරුවන ආයතනයේ ලංකාවේ ශාඛාව වන BDO Partners ආයතනයද අනතුරකට මුහුණ දි සිටින අතර මේ වැනි තත්ත්වයක් යටතේ අදාළ ශාඛාවේ කටයුතු නතර කර දැමිමට ප්‍රධාන ආයතනය කටයුතු කිරිමටද ඉඩ ඇත.

සුජිව රාජපක්ෂ ගැන කලින් කල අනාවරණ….

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.