Breaking
24 Feb 2025, Mon

මහන්සියෙන් වැඩිකරගත් විශ්‍රාම වැටුපටත් කෙලියා! විශ‍්‍රාමිකයින් බරපතල මානසික කඩා වැටීමක… ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සටනට සුදානම්!

Published on: Feb 3, 2020- 2020 වර්ෂයේදී විශ‍්‍රාමිකයන්ට ලබාදිය යුතු විශ‍්‍රාම වැටුපෙන් කොටසක් කපා හැරීම හරහා විශ‍්‍රාමිකයින් බරපතල මානසික කඩා වැටීමකටද ලක්ව සිටීන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය (NTUC) මුදල් අමාත්‍යවරයාට ලිපියක් යවමින් පෙන්වා දෙනවා.

2020. 02. 02

ගරු අග‍්‍රාමාත්‍ය, මුදල් අමාත්‍ය,
මහින්ද රාජපක්‍ෂ මැතිතුමා,
මුදල් අමාත්‍යාංශය,
කොළඹ

2020 වර්ෂයේදී විශ‍්‍රාමිකයන්ට ලබාදිය යුතු විශ‍්‍රාම වැටුපෙන් කොටසක් කපා හැරීම

2006 වර්ෂයේ සිට වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් සටන් කර දිනා ගන්නා ලද දීමනා සියල්ල මූලික වැටුපට එකතු කරන ලෙස අරගල කරන ලද අතර ඒ පිළිබඳව යම් අවබෝධයක් ඔබතුමාට ඇතැයි අපි විශ්වාස කරන්නෙමු. එම අරගලවල ප‍්‍රතිඵලයක් වශයෙන් මූලික වැටුපට එල්ලා තිබූ දීමනා සියල්ල මූලික වැටුපට එකතු කර 2016. 01. 01 සිට 2020. 01. 01 දක්වා අදියර 5 කින් ගෙවීමට පසුගිය රජය විසින් අංක 3/2016 දරණ 2016. 02. 25 දිනැති චක‍්‍රලේඛය මගින් ක‍්‍රියාවට නගිමින් තිබුණි.

නමුත් 2016 වර්ෂයේ ජනවාරිවලින් පසුව විශ‍්‍රාම ගිය සේවකයින්ට වර්ෂයෙන් වර්ෂය මූලික වැටුපට එකතු කරන මුදල ලබානොදුන් අතර එම වැඩිවිය යුතු මුදල එකතු කර 2020 ජනවාරි මාසයේ සිට විශ‍්‍රාමිකයන්ට ලබාදීම සඳහා 2019. 11. 11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදී. ඒ අනුව 35/2019 දරණ 2019. 12. 10 දිනැති චක‍්‍රලේඛය නිකුත් කරමින් එය ක‍්‍රියාවට නැගීමට ඔබගේ ආණ්ඩුව තීරණය කරන ලදී. එම චක‍්‍රලේඛය මුදල් අමාත්‍යාංශයේ එකඟතාව සහිතව නිකුත් කරනු ලබන බවද එහි සඳහන් කර තිබුණි.

එසේ තිබියදී අංක 35/2019 (1) දරණ 2020. 01. 20 දිනැති චක‍්‍රලේඛය නිකුත් කරමින් 2020 ජනවාරි සිට විශ‍්‍රාමිකයන්ට ගෙවිය යුතු මුදල අත්හිටුවා ඇත. එය බරපතල අසාධාරණයක් මෙන්ම විශ‍්‍රාමිකයින් නොසලකා හැරීමකි.

විශ‍්‍රාමිකයින් විශ‍්‍රාම යන අවස්ථාවේ විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන විශ‍්‍රාම වැටුප් ප‍්‍රදාන පත‍්‍රයෙහිද එම වැඩිවිය යුතු මුදල එකතු කර විශ‍්‍රාම වැටුප ගණනය කර 2020-01-01 දින සිට ගෙවිය යුතු බවටද සඳහන් කර ඇත.

ඒ අනුව සියලූම විශ‍්‍රාමිකයින් පාහේ එම වැටුප පදනම් කරගෙන ඔවුන්ගේ ජීවිත මෙන්ම ඔවුන්ගේ දරු මුණුපුරන්ගේ ජීවිතද ඉලක්ක කරගනිමින් තම වගකීම ඉටු කිරීම සඳහා විවිධ සැලසුම් සකස් කර තිබුණි. ඒවා සියල්ල ඔබ ආණ්ඩුවේ මෙම අසාධාරණ තීරණයත් සමග අහෝසි වන අතර එමගින් විශ‍්‍රාමිකයින් බරපතල මානසික කඩා වැටීමකටද ලක්ව සිටී.

එවැනි තත්වයක් තුල ඉහත කරුණු කාරණා මත ඔබතුමාගේ අවධානය යොමු කර කපා හරින ලද විශ‍්‍රාම වැටුප කඩිනමින් ලබාදීමට අදාලව ක‍්‍රියාත්මක වන ලෙසත් විශ‍්‍රාම වැටුප කපා හැරීමට ඔබ ආණ්ඩුව විසින් නිකුත් කරන ලද 35/2019 චක‍්‍රලේඛය අහෝසි කරන ලෙසත් ඉතා ඕනෑකමින් යුතුව ඔබතුමාගෙන් ඉල්ලා සිටින අතර එය ඉටු කිරීමට ඔබ ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් විශ‍්‍රාමිකයන්ගේ හිමිකම වෙනුවෙන් සටන් කිරීමට අප පසුබට නොවන බවද ඔබට මතක් කිරීමට කැමැත්තෙමි.

ස්තූතියි.

මෙයට,
කේ. ඩී. ලාල්කාන්ත
සභාපති

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.