Featured

මහරගම පිළිකා රෝහලේ කෲර සත්ව ඝාතනයක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝග මත මහරගම පිළිකා රෝහලේ සිටින අසරණ සුනඛයන් සහ බළලුන් රාත්‍රී කාලයේදී හොර රහසේ පොලුවලින් පහර දී කෲර අන්දමින් මරා දැමෙන බවට ඉතා විශ්වාස කටයුතු රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ගයකින් වාර්තා වි තිබේ.

හරගම පිළිකා රෝහලේ සිටින අසරණ සුනඛයන් සහ බළලුන් රාත්‍රී කාලයේදී හොර රහසේ පොලුවලින් පහර දී කෲර අන්දමින් මරා දැමෙන බවට‛අහිංසා ශ්‍රී ලංකා’සංවිධානය කල අනාවරණයට අනුව අප විශේෂ වාර්තාකරු කල සොයා බැලිමේදි මේම තොරතුරු සොයාගෙන තිබේ.

දඩාවතේ යන සතුන් පාලනය කිරිම සදහා මුදල් වියදම් කල නොහැකි බවත් දඩාවතේ යන එවුන් පාලනය කර ගැනිම රෝහල සතු කාර්යයක් බවත් සෞඛ්‍ය අමාත්‍යංශය දැන්විමෙන් පසුව රෝහල් සුලු සේවකයන් හරහා මෙම කෲර ඝාතනය සිදුකරන බව අනාවරණය වි තිබේ.

අතිශය ම්ලේච්ඡ සහ සත්ව හිමිකම් පණත අනුව සපුරාම නීති විරෝධී වන මෙම ක්‍රියාවට එරෙහිව සියලු දෙනා නැගී සිටිය යුතු අතර රෝහල් බලධාරීන් මේ පිළිබඳව කඩිනම් නිසි පියවර නොගත හොත් මෙයට එරෙහිව සත්ව හිමිකම් ක්‍රියාධරයන් සහ සියලුම සත්ව ලෝලීන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන ‛අහිංසා ශ්‍රී ලංකා’සංවිධානය තරයේ අවධාරණය කර සිටි.

මේ පිළිබඳ තවත් තොරතුරු ලද සැනින් අදාළ ඡායාරූප ද සමඟ ප්‍රසිද්ධියට පත් කෙරෙන බැවින් මෙම කෲර සත්ව ඝාතනය පිළිබඳව සොයා බලා එය කඩිනමින් නතර කිරීම රෝහල් බලධාරීන්ගේ වගකීමක් සහ යුතුකමක් බව ද විශේෂයෙන් සඳහන් කරමු.

Top