Featured

මහා බැංකු අර්බුදය යහපාලනය හොල්ලයි…සිරාගේ සිරා Twiiter පණිවිධය

මහ බැංකුවේ අධිපති ධූරය චරිත රත්වත්ත පත් කළ යුතු බවට අගමැතිවරයා මේ වන විට දැඩි මතයක සිටීන අතර එම මත වාදය හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් බ්‍රහස්පතින්දා (30) විශ්‍රාම ගන්නා බවත් ඉදිරි දින කිහිපයේ දී නව බැංකු අධිපතිවරයකු පත් කරන බවට මේ වනවිට ජනාධිපතිවරයා පවසා තිබේ.

කෙසේවෙතත් අද මෛත්‍රිපාල සිරිසේන ගිරාඳුරුකෝට්ටේදී පම්පොරි ගැසුවේ වහාම ඉදිරි පැය කිහිපය තුලදි මහා බැංකු අධිපතිවරයෙකු පත්කරන බවයි.ඒ වෙනුවෙන් සිරිසේන් සිය twitter හරහා පම්පොරි ගසමින් කියා සිටියේ ” I will appoint a new Governor to the Central Bank in the coming hours.” ඒ අනුව සිරිසේනගේ පැය ගණන ගණන්‍ය කරනුයේ දින ගණනින් බව දැන් හොදටම පැහැදිලිය.

ජනාධිපති තනිව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් හමුවන්නට පැමිණි ගමනට අනාරාධිතව පැමිණි අගමැති රනිල් වික්‍ර‍මසිංහ මහතා එයට අර්ජුන් මහේන්ද්‍ර‍ව ද එක් කොට ගෙන තිබේ.

Top