Featured

කුමන්ත්‍රණ එජාපයේ මහා සිංහල බෞද්ධයාට කෙලවේ -නැට්ට ගිනී තියන් රට වටේ දුවයි….

Exclusive:මහින්ද පරද්දන්න බෑ-රනිල්,මංගල,හකිම්,සම්බන්ධන්,ෆොන්සේකා,කරු සහ අනුර රහසිගත කුමන්ත්‍රණයක යනුවෙන් අප කල අනාවරණයෙන් පැය ගණනක් ගතවන විට බඩුත් එක්කම හොරු මාට්ටු වෙමින් තිබේ.එක්සත් ජාතික පක්ෂයේ මහා බෞද්ධයාගේ චරිතයට පණ පොවන එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නියෝජ්‍ය නායක යැයි ඔහු පමණක් කියන බුද්ධ ශාසන,රාජ්‍ය පරිපාලන, පළාත් පාලන සහ යහපාලන අමාත්‍ය කරු ජයසූරිය අම්බානකට භීයට පත්ව සිටින බව අප  LNW ඔත්තුකරු සදහන් කළා.(Exclusive:මහින්ද පරද්දන්න බෑ-රනිල්,මංගල,හකිම්,සම්බන්ධන්,ෆොන්සේකා,කරු සහ අනුර රහසිගත කුමන්ත්‍රණයක)

කරුගේ ලගම දේශපාලන කටයුතු මෙහෙයවන්නා අදාළ පුවත් සම්බන්ධයෙන් අප  LNW ඔත්තුකරුගෙන් විමසා ඇති අතර ඔහු පවසා ඇත්තේ ….”සර් මාරම අප්සෙට් එකේ ඉන්නේ….සර්ට එන්න කියලා තියෙන්නේ නායකතුමා …..මැතිවරණයෙන් පසුව සිදුවන දේවල් කතා කරන්න කියලා…..සර් යනකම් දන්නේ නෑ එතන සම්බන්ධන්ලා …හකිම්ලා…ඉන්නවා කියලා…යනුවෙන් වැල්වටාරම් කෝටියක් කියා තිබේ.

අප කළ අනාවරණයත් සමග පක්ෂ නායකයන් කිහිප දෙනෙකු අතර උණුසුම් දුරකතන සංවාද කිහිපයක්ම සිදුව ඇති බවද පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.ඒ පිළිබඳව තොරතුරු බලාපොරොත්තු වන්න……

 

Top