Anonymous Reporter

මහින්දගෙ මිනිස්සු විතරයි අපට ලේ දුන්නේ-ඔවුන්ට වෙඩි තියන්න අපිට බෑ

අවසන් ඉරිදා සවස ජනාධිපති සිරිසේන මහතා විසින් ත්‍රිවිධ හමුදාපතිවරුන් , හමුදා මාණ්ඩලික ප්‍රධානීන්, සහ පොලිස්පතිවරයා ජනාධිපති මන්දිරයත් ජනාධිපති ලේකම් කාර්යාලයත් නොවන එක් ස්ථානයක් වෙත කැඳවා ඇත. එය හිටපු ජනාධිපතිවරයා විසින්ද එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහි තීරනාත්මක යුධ මෙහෙයුම් සඳහා භාවිතා කළ ස්ථානයකි. රාජ්‍ය ආරක්ෂාවට ඍජුවම බලපාන බැවින් අපි එම ස්ථානය අනාවරණය නොකරමු. මෙම හමුවේදී තමන් ගේ හමුදා බුද්ධි අංශ වලින් කරණ ලද අවසන් මැතිවරණ ප්‍රතිපලය පිලිබඳ සමීක්ෂණ වාර්තා ත්‍රිවිධ හමුදාපතිවරුන් විසින් ජනාධිපතිතුමන් වෙත ලබාදී ඇත. පොලිස්පතිවරයා විසින් මීට දින දෙකකට පෙර රාජ්‍ය බුද්ධි අංශය විසින් සකස්කරණ ලද අවසන් මැතිවරණ ප්‍රතිපලය පිලිබඳ වාර්තාව ජනාධිපතිතුමන් වෙත භාරදී තිබිණි.

මේ සියලු වාර්තා වලින් පැහැදිලිව පෙන්වා තිබුණේ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 113ක් ඉක්මවා පැහැදිළි පාර්ලිමේන්තු බහුතරයක් ලබන බවය. රාජ්‍ය බුද්ධි අංශ වාර්තාවට අනුව එජනිසය ලබන ආසන සංඛ්‍යාව 117 කි. යුධ හමුදා බුද්ධි අංශ වාර්තාව අනුව එජනිසය ලබන ආසන සංඛ්‍යාව 119 කි. නාවික හමුදා බුද්ධි අංශ වාර්තාවට අනුව එජනිසය ආසන 118 ක් ලබන අතර ගුවන් හමුදා බුද්ධි අංශ වාර්තාවට අනුව එජනිසය ලබන ආසන ගණන 115 කි.

මේ අවසන් වාර්තාවන්හි නිගමනයන්ට එළඹීම සඳහා එක් එක් හමුදා බුද්ධි අංශ විසින් භාවිතා කළ නියැදීන්, ඇගයුම් ක්‍රමවේදයන් සහ දත්ත විශ්ලේෂණ න්‍යායයන් පිලිබඳ කෙටි නමුත් ඉතා පරිපූර්ණ විග්‍රහයක් ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න මහතා විසින් ඉදිරිපත් කරණ ලදුව එය ජනාධිපති සිරිසේන මහතාගේ මහත් ඇගයීමකට ලක්විය. පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා විසින් මේ හා සමාන විග්‍රහයක් මීට දින දෙකකට පෙර රාජ්‍ය බුද්ධි අංශය විසින් සකස්කරණ ලද අවසන් මැතිවරණ ප්‍රතිපලය පිලිබඳ වාර්තාව ජනාධිපතිතුමන් වෙත භාරදෙන අවස්ථාවේදී කරතිබිනි. ජනාධිපති සිරිසේන මහතා මේ අවස්ථාවේදී පොලිස්පතිතුමා විසින් දින දෙකකට පෙර තමන් වෙත ගෙනහැර දැක්වූ විග්‍රහයද නැවත වරක් අගය කිරීමද ජනාධිපති සිරිසේන මහතාට ගෞරවයක් ලෙස සඳහන් කළ යුතුමය. ඉතා සුහද වාතාවරණයක් යටතේ පැවති මේ සාකච්චාව අවසානයේදී පැවත්වුනේ උණු උණු ආප්ප, ඉදී පිපිරීමට හදන සුවඳ හමන කෝලිකුට්ටු සහ දුම් දමන කෝපි වලින් සමන්විත සංග්‍රහයකි.

ජනාධිපති සිරිසේන මහතාගේ කණිටු දියණිය වන, නමුත් බොහෝ අවස්ථාවන්හිදී ප්‍රසිද්ධියේ පෙනී නොසිටින තම මව මෙන්ම ඉතා නිරහංකාර තැනැත්තියක් වන ධරණී සිරිසේන මහත්මියගේ පෞද්ගලික අධීක්ෂණය යටතේ මෙම සංග්‍රහය සිදුවීම මෙහි විශේෂත්වයයි. මෙහි වූ තවත් විශේෂත්වයක් වූයේ ඉහත සාකච්චාවට සහභාගී නොවූ ආරක්ෂක ලේකම් ධම්මික බස්නායක මහතාද මේ සංග්‍රහයට සහභාගී වීමයි.

ජනාධිපති සිරිසේන මහතා ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා හමුවේ ප්‍රකාශ කර සිටියේ ත්‍රිවිධ හමුදාපතිවරුන් පත්කිරීම සහ ඉවත් කිරීම මෙන්ම අගමැතිවරයා පත්කිරීමද ඉවත් කිරීමද ජනාධිපතිවරයාගේ තනි කැමැත්ත අනුව සිදුකළ හැකි බවත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා පොලිස්පතිවරයා පමණක් එසේ පත් කළ නොහැකි බවත්ය.

මෙයට ප්‍රතිචාර ලෙස පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා වෙතින් ජනාධිපති සිරිසේන මහතා වෙත ලැබී ඇත්තේ අනපේක්ෂිත ප්‍රතිචාරයකි. පොලිස්පතිතුමන් විසින් ඉතා සාවඥ සහ දැඩි ස්වරයෙන් යුතුව ජනාධිපති සිරිසේන මහතා වෙත පවසා ඇත්තේ බහුතර ජනතා කැමැත්තට එරෙහිව ක්‍රියාත්මක කළහැකි පරම ආඥාදායක බලයක් කිසිදු පුද්ගලයෙක් වෙත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ සහ දැනට ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් ගෙන් නොලැබෙන බවත් යම් හෙයකින් බහුතර ජනතා කැමැත්තට ඕනෑම පාලකයකු විසින් ගනු ලබන අත්තනෝමතික සහ අසාධාරණ තීරණයන්ට විරුද්ධව ජනතාව වීදි බසිමින් දැවැන්ත අරගලයක නිරතවනු ඇති බවත්ය.

එවිට ජනාධිපති සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත්තේ මහින්දව බල්ලෙක් මෙන් එලියට ඇද දැමූ තමන් එවැනි ජනතා විරෝධතා ගණන් ගන්නේ නැති බවත්, සංධානය දිනුවට තවත් අවුරුදු 5 කට මේ රටේ විධායක ජනාධිපතිවරයා තමන් බව අමතක නොකරන ලෙසටත් ය. ඔහු වැඩිදුරටත් පැවසූයේ මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍යකම කුමන හේතුවක් මතවත් ලබා නොදෙන බවත් ය. ශ්‍රීලනිප සහ එජනිස පක්ෂ ලේකම්වරුන්ට පා පහර දී එලවා දැමීමට හැකි වූ තමන්ට ජනතාව වීදි බැස්සොත් ඊට මුහුණ දීම අපහසු නොවන බව පැවසුවේය. පොලිසියට බැරිනම් හමුදාව දමා හෝ රටේ සාමය ආරක්ෂා කිරීමට තමන් සූදානම් බවත් ඔහු කීවේය.

එවිට ත්‍රිවිධ හමුදාපතිවරුන් ගේද පූර්ණ එකඟතාවය මැද සහ ඉලංගකෝන් මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ එවන් සාධාරණ සහ සාමකාමී අරගලයක් මර්ධනය කිරීමේ වුවමනාවක් හෝ හැකියාවක් තමන්ට නොමැති බවය. මෙය ත්‍රිවිධ හමුදාපතිවරුන් ද ඉහලින්ම අනුමත කර ඇත.

එවිට එහි සිටි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා දෙස බලා ජනාධිපති සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත්තේ ඔබ යුද පෙරමුනේ සිටි අත්දැකීම් බහුල හමුදා නිලධාරියෙක් වශයෙන් රටේ කැරැල්ලක් මර්ධනය කිරීමට සූදානම් විය යුතු බවයි. එවිට මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතාගෙන් ජනාධිපති සිරිසේන මහතාට ලැබුණේ ඔහු කීයටවත් බලාපොරොත්තු නොවූ පිළිතුරකි.

“යුද්දෙ දිනන්න බෑ කියමින් සමහරු හමුදාවට මඩ ගහද්දී , මහින්දගෙ මිනිස්සු විතරයි යුද්දෙ කාලෙ අපේ කොල්ලන්ට ලේ දන් දුන්නේ. ඔවුන්ගේ ලේ අපේ ඇඟේ තාමත් තියෙනවා. අපිට ලේ දන් දුන්න මහින්දගෙ මිනිස්සුන් අපිට ලේ සහෝදරයො වගේ. ඔවුන්ට වෙඩි තියන්න අපිට බෑ.”

තතුදත් ආරංචි මාර්ග පවසනුයේ ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා මේ සිද්ධිය පිළබඳව රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කර ඇති අතර වික්‍රමසිංහ මහතාද දරනුයේ ජනාධිපති සිරිසේන මහතාගේ ස්ථාවරයට සමාන ස්ථාවරයක් බවයි.

නමුත් ජනතා විරෝධයක් මර්දනය කරනවා වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ සිටිමින්ම මහින්ද රාජපක්ෂ මහතා අගමැති වීම වැළැක්වීමට කටයුතු යෙදීමට රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වෙමින් සිටී. ඒ අනුව මැතිවරණ ප්‍රතිඵලය වෙනස් කිරීමට ඔහුගේ ඉලක්කයයි. තම ගජයෙක් වන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඇමතූ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ඡන්ද ප්‍රතිඵලය පිට වීම ප්‍රමාද විය හැකි බව දැන්ම ප්‍රකාශ කළහොත් ඒ ගැන ඇතිවන ජනතා සැකය අඩු වෙන බවයි. ඒ අනුව ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශ වීම ප්‍රමාද වෙන බව නිවේදනය කෙරුණි. ඊට හේතුවක් ලෙසට මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ වෙබ් අඩවිය හොස්ට් කර ඇති ශ්‍රී ලංකා ටෙලිකොම් සර්වරයේ සීපීයූ යූසේජ් එක අඩු කරමින් එම වෙබ් අඩවිය අක්‍රීයව පවතින බවක් ජනතාවට පෙන්වයි.

මේ වනවිට ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සහ පොලිස්පතිවරයාගේ පෞද්ගලික ආරක්ෂාව දැඩි කර ඇති බවද ත්‍රිවිධ හමුදාපතිවරුන් ලඟට ඊළඟ බලතල හිමි යුධ, නාවික සහ ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානීන්ද පොලිස්පතිවරයා ලඟට ඊළඟ බලතල හිමි පරිපාලනය පිලිබඳ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාද ඇතුලු ත්‍රිවිධ හමුදා සහ පොළිස් ජේෂ්ඨ නිලධාරීන්ටද විශේෂ ආරක්ෂාවක් යොදා ඇත. ත්‍රිවිධ හමුදාපතිවරුන් හෝ පොලිස්පතිවරයා තම සේවා ගිණි අවිය සමග ජනාධිපති සිරිසේන මහතා හමුවීමේ අවස්ථාව හදිසි ජනාධිපති නියෝගයකින් අවලංගු කර ඇත.

Top