Anonymous Reporter

මහින්දගේ පාර්ලිමේන්තු කතාවේන් යහපාලකයන්ගේ උණ්ඩුක පුඡ්චයත් ගිනී ගනී- යහපාලන මහබැංකු බැඳුම්කර මංකොල්ලය සරල සිංහලෙන් කියාදුන් ආචාර්‍ය නාලක ගොඩහේවා හිරේ

යහපාලන ආණ්ඩුව පත් වී මුල් දින සියයෙන් අඩක් ගත වන්නටත් පෙර සිදුකළ මහ බැංකු බැඳුම්කර වංචාව අද වන විට බොහෝ දෙනාගේ මතකයෙන් ඈතට ගොස් තිබේ. එසේ වී ඇත්තේ ඒ පිළිබඳ කතාබහට වඩා දරුණු නිවට පාවාදීමකට ජිනීවාහිදී අප රට ස්ව කැමැත්තෙන් එකඟවීම හරහා පත්ව ඇති පත්ව ඇති මහා ව්‍යසනය පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම සහ කොතරම් පෙන්වා දුන්නත් මහ බැංකු මංකොල්ලය පිළිබඳ අදාළ බලධාරීන් බීරි අලින් සේ නෑසූකන්ව සිටින බැවිනුත්ය.

දින 100 ආණ්ඩුවේ මහ බැංකු හොරකමට නම් ගෑවුනු මහ බැංකු අධිපතිවාරයා මෙන්ම ඔහුව ආරක්ෂා කළ මුදල් ඇමතිවරයයා සිරිසේන ජනාධිපතිවරයාගේ හදිසි පාර්ලිමේන්තු විසිරුවා හැරීම හරහා බේරාගත් අතර පසුව අලුත් ආණ්ඩුවේද ඒ තනතුරුවලින්ම පිදීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේ බීරි අලින්ට වීණා වැයුවාට වැඩක් නැති බව පසක් කරමිනි.

බැඳුම්කර මගඩිය හරහා දැනට රජයට සිදුවී ඇති පාඩුව රුපියල් කෝටි හත්දහස් පන්සියයක් (රුපියල් කෝටි 7500 ) ආසන්න ගණනක් දක්වා වැඩිවී තිබේ. එමෙන්ම එම පාඩුව දිනපතා වර්ධනය වෙමින් පැටව් ගසමින් පවතී.

හොරකමට දූෂණටට විරුද්ධ යැයි මහා ඝෝෂාවක් කරමින් බලයට පැමිණි වික්‍රමසිංහ – සිරිසේන ආණ්ඩුව තුලින්ම ඉතිහාසයේ සිදුකළ දැවැන්තම මංකොල්ලය සිදුවීම දෛවෝපගත සිදුවීමකි. එයත් රනිල් වික්‍රමසිංහ මහතා විසින් සුජුව පත් කළ තම ඒජන්තයා වූ මහ බැංකු අධිපතිවරයා ,මුදල් ඇමතිවරයා පැටලී තිබීමත් ඒ සිදුවීම හරහා මහ මැතිවරණයට කලින් පැවති ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන විස්වාස භංගයෙන් ඔහු ගලවාගැනීමට ආණ්ඩුව විසුරුවා හැරි මෛත්‍රීපාල සිරිසේන මහතා සෘජුවම මැදිහත්වීමත් එහි දෛවොපගතබව තවත් තීව්‍ර කරයි. සිරිසේන මහතාගේම වචනයෙන් කිවහොත් එදා (දින 200 ක් පමණ පැවති) දින 100 ආණ්ඩුව විසුරුවා නොඇහරියේ නම් මේ බැඳුම්කර ගැටලුව අරභයා රනිල් වික්‍රමසිංහ මහතා ලොකු අකරතැබ්බයක වැටෙන්නට ඉඩ තිබිණ.

පසුගිය මහ මැතිවරණ වේදිකාවේදී මේ පිලිබඳ නැගුණු චෝදානාවලට පිළිතුරු දුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ බලයට පත් විගස ඒ පිළිබඳ නැවත පරීක්ෂණ අරඹන බවයි. සමහර විට ඒ කලින් මෙන් සිරිකොතට සෘජුව සම්බන්ධ නීතිඥයන්ගෙන් යුත් කමිටුවකින් වන්නට බැරි නැතැයි එකල සිතුණි. නමුත් ප්‍රශ්නය වන්නේ මංකොල්ලයට වසරක් පිරෙන්නට ආසන්නව තිබියදීත් අ පිලිබඳ හාවක් හූවක් නොමැති වීමයි.

ඒ වෙනුවට ඒ පිළිබඳ ජනතා අවධානයට ලක් කල විනිමය හා සුරැකුම්පත් කොමිෂමේ සභාවේ හිටපු සභාපතිවරයකු වන ආචාර්‍ය නාලක ගොඩහවා මහතා ලක්ෂ 50 ක අනුග්‍රාහකත්වයක් ලබාදීම සම්බන්ධ කාරණයකට රනිල් වික්‍රමසිංහ මහතාගේ සෘජු මෙහෙයවීම මත ක්‍රියාත්මක වන්නේ යැයි කියන මූල්‍ය අපරාධ විමර්ශන අංශයය මගින් අත්අඩංගුවට ගෙන හිරේ දමා තිබේ.

ආචාර්‍ය නාලක ගොඩහේවා නොව ඕනෑම අයෙකුට නීතිය ක්‍රියාත්මක වන්නේ නම් එය ප්‍රශ්නයක් නොවේ. නමුත් මෙහි ගැටලුව වන්නේ මහ දවල් සිදුවූ ලක්ෂ 750,000 මගඩිය පිලිබඳ හාවක් හූවක් නැතිව ඔවුන්ට තව තවත් වරදාන පුදද්දී ඒ ගණන් සමග සැසඳීමේදී සොච්චම් ගණුදෙණු පිළිබඳ මේ ක්‍රියාත්මක වන්නේ සැබෑ සාධාරණයද එසේත් නැත්නම් යහපාලන ආණ්ඩුවට එරෙහිව ඔවුන් දරන මතය නිහඬ කිරීමේ ත්‍රාඩ උත්සාහයක්ද යන්නයි.

යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය

ආචාර්‍ය් ගොඩහේවා මහතා මහබැංකු මංකොල්ලය පිළිබඳ සිදුකළ මේ පැහැදිළි කිරීම මොහොතක් අසන්න…

Top