Featured

මහින්දගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරිම පසුපස ඉන්දියාව

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්ෂාවෙන් යුධ හමුදාව ඉවත් කිරිමට යහපාලන රජය කටයුතු කර ඇත්තේ ඉන්දිය මධ්‍යම රජයේ නියෝගයක් මත බව ඉන්දිය අප වාර්තාකාරිනී අසෝ ඛාන් අනාවරණය කළා.යුධ හමුදාව හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂාව සැපයිම හරහා යුධ හමුදාවේ මතවාදය වෙනස් කිරිමට බලපෑමක් ඇති වන බව ඉන්දිය මධ්‍යම රජය පෙන්වා දි තිබේන බවයි ඇය තහවුරු කළේ.

පසුගිය කාලසිමාව තුලම උතුරේ ගැටලුව විසදිමට වත්මන් ආණ්ඩුවට ඇති එකම බාධකය හිටපු ජනාධිපතිවරයා බවද ඉන්දිය මධ්‍යම රජය අවධාරනය කර ඇති අතර රෝ සංවිධානය පසුගිය මාස 6ක පමණ කාලයක් කරන ලද උතුරේ සහ දකුණේ කරන ලද සමික්ෂණයන්ට සහ උතුරේ ද්‍රවිධ දේශපාලන ව්‍යාපාර විසින් ලබාදුන් ඇතැම් වාර්තා හරහාද ප්‍රභල ලෙස ගම්‍ය වන කරුණ වි ඇත්තේ හිටපු ජනාධිපතිවරයා ආරක්ෂක හමුදාවන් වෙනුවෙන් පෙනී සිටිම හරහා උතුරේ සංහිදියාවට බලපැමක් එල්ල කර ඇති බවට තහවුරු කර තිබේන බවද අනාවරණය කර තිබේ.

තමාගේ ආරක්‌ෂාවට යොදා සිටි හමුදා භටයන් සිය දෙනාගෙන් පනහක්‌ ඉවත්කර ඇමැති ආරක්‌ෂක අංශයේ පොලිස්‌ නිලධාරීන් පනහක්‌ යොදවා ඇති බවත් හමුදා නිලධාරීන් ඉවත් කර මෙසේ පොලිස්‌ නිලධාරීන් යෙදවීම ගැන ප්‍රශ්නයක්‌ මතුවෙන බවත් ලබන 10 වැනිදායින් පසු ඉතුරු හමුදා භටයන් පනස්‌ දෙනාත් මාරු කිරීමට නියමිතව ඇති බවත් හෙතෙම පැවැසීය. තමාගේ ආරක්‌ෂාව පිළිබඳ සැලකිලිමත් නොවීම ගැන කනගාටුවෙන අතර මෙවැනි ක්‍රියාමාර්ගයක්‌ හදිසියේ ගැනීම ගැන තමා පුදුමයට පත්වෙන බවද මහින්ද රාජපක්‌ෂ මහතා අප කල විමසිමකදි සදහන් කළා.

මේ අතර හිටපු යුධ හමුදාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා දේශපාලකරණයට ලක් කිරිම හරහා ඔහුට ඇති හමුදා සබඳතාවයන් සම්පුර්ණයෙන්ම ඉවත්කර දැමියයුතු බවටද ඉන්දිය රජය යහපාලනයට නිර්දේශ ඉදිරිපත් කර තිබේ.ඒ අනුව හමුදාව තුළ නව වෙනස්කම් සිදු කිරීම  සම්බන්ධයෙන් ප්‍රබල මැදිහත්වීමක් සිදුකළ හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා, ඔහුට හිතවත් නිලධාරීන් කිහිපදෙනකු වැදගත් තනතුරු සඳහා නම් කිරීමට කටයුතු කළ නමුත් ඔහුගේ නිර්දේශ මත පත්කරනු ලැබූ ඇතැම් නිලධාරීන් යළිත් වතාවක් මාරු කිරීමට කටයුතු යොදා ඇත්තේ ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ නිර්දේශයන්ට අනුව ය.

 

Top