Breaking
23 Feb 2025, Sun

මහින්ද,ගෝඨාභය,හමුදා සෙබළුන් ඉලක්ක කර An Unfinished War වාර්තාව ලබන සතියේ

‘An Unfinished War: Torture and Sexual Violence in Sri Lanka’ 2009 – 2015 යන තේමාව යටතේ දකුණු අප්‍රිකාවේ පදිංචි මානව හිමිකම් විද්වතෙකු වන යෂ්මින් සුගාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකාවේ සත්‍යය සහ යුක්තිය සඳහා වන සංවිධානය, ශ්‍රී ලංකාවේ සිදුවූ වදහිංසාවන්, ලිංගික හිංසනයන් සහ ප්‍රචණ්ඩත්වයන් පිළිබඳව වාර්තාවක් ඉදිරි සතියේදී එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ.

යුධ කාලසිමාවේ හමුදා සෙබළුන් අතින් සිදුවුවා යැයි කියන යුද්ධයට පසු, සිදුවූ වදහිංසාවන්, ලිංගික හිංසනයන් සහ ප්‍රචණ්ඩත්ව සිදුවීම් 180 ක් පිළිබඳ විස්තර මෙම වාර්තාවට ඇතුලත් කර තිබේ.

පුද්ගලයන් 115 දෙනෙකුගෙන් වාචික ප්‍රකාශන, සුදුවෑන් රථ මගින් පැහැරගෙන ගොස්, නැවත ජීවිතය බේරාගත් පුද්ගලයන්ගේ වාචික ප්‍රකාශ 100 ක්  ඒ අතරින්, වදහිංසා සහ ලිංගික හිංසනයන් පිළිබඳ සිදුවීම් 08, ජනවාරි මස 08 වන දින පැවැති ජනාධිපතිවරණයෙන් පසු, සිදුවූ සිදුවීම් වේ. අනෙකුත් සිදුවීම් 14, 2014 වර්ෂයේ සිදුවූ සිදුවීම් වේ.

මෙම වාර්තාව සකස් කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ සභාපති යස්මින් සුගා, දකුණු අප්‍රිකාවේ පදිංචි මානව හිමිකම් විද්වතෙකු වන අතර, ශ්‍රී ලංකාවේ සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට 2010 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් විසින් පත්කල විද්වත් කමිටුවේ කටයුතු කල පුද්ගලයෙකු වේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.