Featured

මහින්දට එරෙහිව මඩ ගසන්න NGO කාක්කන්ට කෝටි 18ක්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තරගවදින කුරුණෑගල දිස්ත්‍රිකය ඉලක්ක කර මහින්දට මඩ ගැසිම සදහා රනිල් වික්‍රමසිංහගේ සහය යටතේ පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධනය කිහිපයක් සදහා රුපියල් කෝටි දහහතාමාරක මුදලක්‌ ලබාදී තිබේන බව අනාවරණය වි තිබේ.නිමල්කා ප්‍රනාන්දු,පාක්‍යසෝති සරවනමුත්තු,සුදර්ශණ ගුණවර්ධන සහ දිප්ති කුමාර යන කණ්ඩායම් නියෝජනය කරන සංවිධාන කිහිපයක් සදහ මෙම මුදල් ලබාදි තිබේ.යුරෝපා සංගමය මගින් මෙරට මැතිවරණයක්‌ සඳහා මෙතරම් විශාල මුදලක්‌ මෙරට රාජ්‍ය නොවන සංවිධානයකට ප‍්‍රසිද්ධියේම ලබා දුන් ප‍්‍රථම අවස්‌ථාව මෙය වේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ බිහිවු අලුත් පරපුර නැමති අවජාතක පරපුරද මෙම නඩයට සම්බන්ධ වි ඇති බවයි අනාවරණය වි ඇත්තේ.රාජ්‍ය නොවන සංවිධානය මගින් මෙම මුදල් වැයකර මැතිවරණ නිරීක්‌ෂණ කටයුතු සිදුකරන මුවාවෙන් මහින්දට මඩ ගැසිම මුලික අරමුණ වි තිබේ.

අවසන් මානුෂීය මෙහෙයුම පිළිබඳව පසුගිය රජය සමග කාලයක සිට අප‍්‍රසාදයෙන් කටයුතු කළ මෙම රාජ්‍ය නොවන සංවිධානයට ඉකුත් කාලයේ ජනමාධ්‍ය වැඩමුළු මුවාවෙන් ශ‍්‍රී ලංකා රජයට එරෙහිව ජිනීවා වෙත තොරතුරු ලබාදුන් බවටද චෝදනා එල්ල වී තිබිණි.

යුරෝපා සංගමයෙන් ලද මුදලින් රටපුරා වීදි නාට්‍ය හා සම්මන්ත‍්‍රණ පවත්වමින් කිසියම් ප‍්‍රචාරක වැඩපිළිවෙළක්‌ ක‍්‍රියාත්මක කිරීමට එම රාජ්‍ය නොවන සංවිධානය දැනටමත් සැලසුම් කර ඇති බවද වාර්තා වේ.

ඩොලර් කුට්ටි වලට ඕනෑම දහ ජරා වැඩක් කරනා රාජ්‍ය නොවන සංවිධාන (NGO)  කිහිපයක් විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තරග වදින කුරුණැගල දිස්ත‍‍්‍රික්කය සඳහා ඒ මහතාට එරෙහිව විශේෂ කැන්වසින් ව්‍යාපාරයක් ද දියත් කිරිමට සුදානම් වෙමින් සිටින බවද වාර්තා.

අදාළ රාජ්‍ය නොවන් සංවිධාන ඩොලර් කාක්කන් සම්බන්ධයෙන් ඉතා ඉක්මනින්ම හෙලිදරව් කිරිමට අප සුදානමව සිටි.

 

 

Top